ඡට‍්ඨසඞ‍්ඝාදිසෙසො
2. 6.
2. 6.
ඡට‍්ඨසඞ‍්ඝාදිසෙසො
ෂෂ්ඨ සඞ්ඝාදිශේෂය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී අභිරූපා හොති දස‍්සනීයා පාසාදිකා, මනුස‍්සා භත‍්තග‍්ගෙ සුන්‍දරීනන්‍දං භික‍්ඛුනිං පස‍්සිත්‍වා අවස‍්සුතා සුන්‍දරීනන්‍දාය භික‍්ඛුනියා අග‍්ගමග‍්ගානි භොජනානි දෙන‍්ති. සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී කුක‍්කුච‍්චායන‍්තී න පතිගණ‍්හාති. අනන‍්තරිකා භික‍්ඛුනී සුන්‍දරීනන්‍දං භික‍්ඛුනිං එතදවොච, “කිස‍්ස ත්‍වං අය්‍යෙ න පතිගණ‍්හාසී”ති. අවස‍්සුතා අය්‍යෙති. ත්‍වං පනෙය්‍ය අවස‍්සුතාති නාහං අය්‍යෙ අවස‍්සුතාති. කිං තෙ අය්‍යෙ එසො පුරිසපුග‍්ගලො කරිස‍්සති අවස‍්සුතො වා අනවස‍්සුතො වා යතො ත්‍වං අනවස‍්සුතා. ඉඞ‍්ඝය්‍යෙ යං තෙ එසො පුරිසපුග‍්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්‍වං සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාද වා භුඤ‍්ජ වාති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා ප්‍රසාද එළවන්නී වෙයි, මිනිස්සු බතගෙහි සුන්‍දරීනන්‍දා මෙහෙණ දැක රාගයෙන් තෙත් වූවාහු සුන්‍දරීනන්‍දා මෙහෙණට උතුම් උතුම් බොජුන් දෙති. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ කුකුසන්නී නො පිළිගනී. අනතුරුවැ හුන් මෙහෙණ සුන්‍දරීනන්‍දා මෙහෙණට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් තෙපි නො පිළිගනිවු දැ” යි. ආර්‍ය්‍යාවෙනි, රාගයෙන් තෙත් වූයේ යැ, ආර්‍ය්‍යාවෙනි, තෙපි වනාහි රාගයෙන් තෙත් වූවාහු දැ යි. ‘ආර්‍ය්‍යාවෙනි, මම රාගයෙන් තෙත් නො වූයේමැ’යි. ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද? එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු හෝ යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි.
2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, කථං හි නාම භික‍්ඛුනී එවං වක‍්ඛති “කිං තෙ අය්‍යෙ එසො පුරිසපුග‍්ගලො කරිස‍්සති අවස‍්සුතො වා අනවස‍්සුතො වා යතො ත්‍වං අනවස‍්සුතා, ඉඞ‍්ඝය්‍යෙ යං තෙ එසො පුරිසපුග‍්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්‍වං සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාද වා භුඤ‍්ජවා”ති, -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී එවං වදෙති, “කිං තෙ අය්‍යෙ එසො පුරිසපුග‍්ගලො කරිස‍්සති අවස‍්සුතො වා අනවස‍්සුතො වා යතො ත්‍වං අනවස‍්සුතා, ඉඞ‍්ඝය්‍යෙ යං තෙ එසො පුරිසපුග‍්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්‍වං සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාද වා භුඤ‍්ජ වා”ති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී එවං වක‍්ඛති – “කිං තෙ, අය්‍යෙ, එසො පුරිසපුග‍්ගලො කරිස‍්සති අවස‍්සුතො වා අනවස‍්සුතො වා යතො ත්‍වං අනවස‍්සුතා ඉඞ‍්ඝය්‍යෙ යං තෙ එසො පුරිසපුග‍්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්‍වං සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාද වා භුඤ‍්ජවා”ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු හෝ යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි මෙසේ කිවුදැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි මෙසේ කිවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, “මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ” යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා.
“යා පන භික‍්ඛුනී එවං වදෙය්‍ය: කිං තෙ අය්‍යෙ එසො පුරිසපුග‍්ගලො කරිස‍්සති අවස‍්සුතො වා අනවස‍්සුතො වා යතො ත්‍වං අනවස‍්සුතා, ඉඞ‍්ඝය්‍යෙ යං තෙ එසො පුරිසපුග‍්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්‍වං සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාද වා භුඤ‍්ජ වාති. අයම‍්පි භික‍්ඛුනී පඨමාපත‍්තිකං ධම‍්මං ආපන‍්නා නිස‍්සාරණීයං සඞ‍්ඝාදිසෙස”න‍්ති.
“යම් මෙහෙණක් “ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ” යි මෙසේ කියා නම්, මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී වෙයි.
එවං වදෙය්‍යාති: කිං තෙ අය්‍යෙ එසො පුරිසපුග‍්ගලො කරිස‍්සති අවස‍්සුතො වා අනවස‍්සුතො වා යතො ත්‍වං අනවස‍්සුතා, ඉඞ‍්ඝය්‍යෙ යං තෙ එසො පුරිසපුග‍්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්‍වං සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාද වා භුඤ‍්ජ වාති උය්‍යොජෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. තස‍්සා වචනෙන ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ, අජ‍්ඣොහාරෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. භොජනපරියොසානෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.
එවං වදෙය්‍ය: ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑයුතු හෝ බිදිය යුතු හෝ යමක් තොපට දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි, ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි. බොජුන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
අයම‍්පීති: පුරිමායො උපාදාය වුච‍්චති.
අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පඨමාපත‍්තිකන‍්ති: සහවත්‍ථජ‍්ඣාචාරා ආපජ‍්ජති අසමනුභාසනාය.
පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණ කර්‍මයෙන් නො වෙයි.
නිස‍්සාරණීයන‍්ති: සඞ‍්ඝම‍්හා නිස‍්සාරීයති.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ‍්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච‍්චති සඞ‍්ඝාදිසෙසොති.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබෙයි.
උදකදන‍්තපොණං පතිගණ‍්හාති උය්‍යොජෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. තස‍්සා වචනෙන ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස.
පැන් හා දැහැටු පිළිගනුව යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
එකතො අවස‍්සුතෙ, යක‍්ඛස‍්ස වා පෙතස‍්ස වා පණ‍්ඩකස‍්ස වා තිරච‍්ඡානගතමනුස‍්සවිග‍්ගහස‍්ස වා හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා ඛාද වා භුඤ‍්ජ වාති උය්‍යොජෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. තස‍්සා වචනෙන ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති දුක‍්කටස‍්ස. භොජනපරියොසානෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. උදකදන‍්තපොණං පතිගණ‍්හාති උය්‍යොජෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. තස‍්සා වචනෙන ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස.
එකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි යක්‍ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ‍්‍ඩකයකුගේ හෝ තිර්‍ය්‍යග්‍ගතමනුෂ්‍ය ශරීරයකුගේ හෝ අතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ කව හෝ වළඳව හෝ යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වෙයි. බොජුන් අවසන්හි තුලැසි ඇවැත් වෙයි. පැන් හා දැහැටු පිළිගනුව යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත‍්ති: අනවස‍්සුතොති ජානන‍්තී උය්‍යොජෙති කුපිතා න පතිගණ‍්හාතීති උය්‍යොජෙති කුලානුද‍්දයතාය න පතිගණ‍්හාතීති උය්‍යොජෙති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
රාගයෙන් තෙත් නො වූයේ යැ යි දන්නී නියෝග කෙරේ නම්, කිපියා නො පිළිගනී යයි නියෝග කෙරේ නම්, කුලය කෙරෙහි අනුකම්පායෙන් නො පිළිගනී යයි නියෝග කෙරේ නම්, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
ඡට‍්ඨසඞ‍්ඝාදිසෙසො
ෂෂ්ඨ සඞ්ඝාදිශේෂ යි.