සඞ්ඝාදිසෙසකණ්ඩං අට්ඨකථා
2. සඞ්ඝාදිසේසකාණ්ඩය
පඨමසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
ප්‍රථම සඞ්ඝාදිශේෂය වර්ණනාව
පාරාජිකානන්තරස්ස , අයං දානි භවිස්සති; සඞ්ඝාදිසෙසකණ්ඩස්ස, අනුත්තානත්ථවණ්ණනා.
පාරාජිකානන්තරස්ස - අයංදානි භවිස්සති, සඞ්ඝාදිසෙසකණ්ඩස්ස - අනුත්නානත්ථවණ්ණනා
පාරාජිකාවන්ට අනතුරුව දැන් සඞ්ඝාදිසෙස කාණ්ඩය පිළිබඳ මේ අප්‍රකට අර්ත්ථවර්ණනාව වන්නීය.
උදොසිතන්ති භණ්ඩසාලා. මාය්යො එවං අවචාති අය්යො මා එවං අවච. අපිනාය්යාති අපිනු අය්යා. අච්චාවදථාති අතික්කමිත්වා වදථ; අක්කොසථාති වුත්තං හොති.
‘උද්දොසිතං’ බඩුතබන හලය. “මාය්යො එවං අවච” ආර්‍ය්‍යය මෙසේ නොකියව. “අපි නාය්ය” කිම, ආර්‍ය්‍යය “අච්චාවදථ” ඉක්මවා කියවු. ආක්‍රොශ කරවුයි කියන ලද්දේ වේ.
උස්සයවාදිකාති මානුස්සයවසෙන කොධුස්සයවසෙන විවදමානා. යස්මා පන සා අත්ථතො අට්ටකාරිකා හොති, තස්මා “උස්සයවාදිකා නාම අඩ්ඩකාරිකා වුච්චතී”ති පදභාජනෙ වුත්තං. එත්ථ ච අඩ්ඩොති වොහාරිකවිනිච්ඡයො වුච්චති, යං පබ්බජිතා “අධිකරණ”න්තිපි වදන්ති. දුතියං වා පරියෙසතීති සක්ඛිං වා සහායං වා පරියෙසති, දුක්කටං. ගච්ඡති වාති උපස්සයො වා හොතු භික්ඛාචාරමග්ගො වා, යත්ථ ඨිතාය “අඩ්ඩං කරිස්සාමී”ති චිත්තං උප්පජ්ජති, තතො වොහාරිකානං සන්තිකං ගච්ඡන්තියා පදවාරෙ පදවාරෙ දුක්කටං. එකස්ස ආරොචෙතීති ද්වීසු ජනෙසු යස්ස කස්සචි එකස්ස කථං යො කොචි වොහාරිකානං ආරොචෙති. දුතියස්ස ආරොචෙතීති එත්ථාපි එසෙව නයො.
“උස්සයවාදිකා” මානොත්සන්න වශයෙන්, ක්රොධොත්සන්න වශයෙන් විවාදකරන්නෟ. යම්හෙයකින් ඕතොමෝ අර්ත්ථහෙයින් යුක්ති කියන්නියක් වන්නීද, එහෙයින් උස්සයවාදිකා නම්. අට්ටකාරිකා වුච්චතීති යුක්ති කියන්නීයයි පදභාජනයෙහි වදාරණ ලදී. මෙහිද “අට්ටො”යි ව්‍යවහාරික විනිශ්චය කියනු ලැබේ. පැවිදි හෝ යමකට අධිකරණයයි කියත්ද, ඒය. “දුතියං වා පරියෙසති” සාක්ෂියක් හෝ සහායයකු හෝ සොයාද, දුක්කටය වේ. “ගච්ඡති වා” මෙහෙණ අසපුවෙක් හෝ වේවා, පිඩු පිණිස හැසිරෙණ මගෙක් හෝ වේවා, යම්තැනක සිටි මෙහෙණට යුක්ති කරන්නෙමියි සිතෙක් උපදීද, ඉන්පසු විනිසකරුවන්ගේ සමීපයට යන්නියට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. “එකස්ස ආරොචෙති” පැමිණිලි විත්තිකාර දෙජනයන් අතුරෙහි යම්කිසි එකක්හුගේ කථාව ඒ දෙදෙනා අතුරෙහි යම්කිසි එකෙක් විනිසකරුවන්ට සැලකරයි. “දුතියස්ස ආරොචෙති” යන මෙහිද මේනයම වේ.
අයං පනෙත්ථ අසම්මොහත්ථාය විත්ථාරකථා – යත්ථ කත්ථචි අන්තමසො භික්ඛුනුපස්සයං ආගතෙපි වොහාරිකෙ දිස්වා භික්ඛුනී අත්තනො කථං ආරොචෙති, භික්ඛුනියා දුක්කටං. උපාසකො අත්තනො කථං ආරොචෙති, භික්ඛුනියා ථුල්ලච්චයං. පඨමං උපාසකො අත්තනො කථං ආරොචෙති , භික්ඛුනියා දුක්කටං. අථ සා අත්තනො කථං ආරොචෙති, ථුල්ලච්චයං. භික්ඛුනී උපාසකං වදති – “මම ච තව ච කථං ත්වංයෙව ආරොචෙහී”ති, සො අත්තනො වා කථං පඨමං ආරොචෙතු භික්ඛුනියා වා, පඨමාරොචනෙ දුක්කටං, දුතියාරොචනෙ ථුල්ලච්චයං. උපාසකො භික්ඛුනිං වදති – “මම ච තව ච කථං ත්වංයෙව ආරොචෙහී”ති, එත්ථාපි එසෙව නයො.
මේ මතු කියනු ලබන්නී මෙහි නොමුළාබව පිණිස විස්තර කථාය: යම්කිසි තැනක යටත්පිරිසෙයින් මෙහෙණවරට පැමිණි විනිසකරුවන් දැක මෙහෙණ තොමෝ තමන්ගේ කථාව සැලකෙරේද, මෙහෙණට දුක්කටය වේ. උපාසකයෙක් තෙමේ තමන්ගේ කථාව සැලකෙරේද, මෙහෙණට ථුල්ලච්චය වේ. පළමුකොට උපාසක තෙමේ තමන්ගේ කථාව සැලකෙරේනම් මෙහෙණට දුක්කටය වේ. නැවත ඕතොමෝ තමන්ගේ කථාව සැලකරා නම් ථුල්ලච්චය වේ. මෙහෙණ තොමෝ මාගේද තාගේද කථාව තෝම සැලකරවායි උපාසකයාහට කියාද, ඒ උපාසක තෙමේ තමන්ගේ හෝ කථාව පළමුකොට සැලකිරීමෙහි, දුක්කටය වේ. දෙවන සැලකිරීමෙහි ථුල්ලච්චය වේ. උපාසක තෙමේ ‘මාගේද තාගේද කථාව තීම සැලකරවා’යි මෙහෙණට කියාද, මෙහිද මේ නයම වේ.
භික්ඛුනී කප්පියකාරකෙන කථාපෙති, තත්ථ කප්පියකාරකො වා භික්ඛුනියා කථං පඨමං ආරොචෙතු, ඉතරො වා අත්තනො කථං, කප්පියකාරකො වා උභින්නම්පි කථං, ඉතරො වා උභින්නම්පි කථං ආරොචෙතු, යථා වා තථා වා ආරොචියමානෙ පඨමෙ ආරොචනෙ භික්ඛුනියා දුක්කටං, දුතියෙ ථුල්ලච්චයං. යථා වා තථා වා ආරොචිතං පන උභින්නම්පි කථං සුත්වා වොහාරිකෙහි විනිච්ඡයෙ කතෙ අඩ්ඩපරියොසානං නාම හොති, තස්මිං අඩ්ඩපරියොසානෙ භික්ඛුනියා ජයෙපි පරාජයෙපි සඞ්ඝාදිසෙසො. සචෙ පන ගතිගතං අධිකරණං හොති, සුතපුබ්බං වොහාරිකෙහි. අථ තෙ භික්ඛුනිඤ්ච අඩ්ඩකාරකඤ්ච දිස්වාව “තුම්හාකං කථනකිච්චං නත්ථි, ජානාම මයං එත්ථ පවත්ති”න්ති සයමෙව විනිච්ඡිනිත්වා දෙන්ති, එවරූපෙ අඩ්ඩපරියොසානෙපි භික්ඛුනියා අනාපත්ති.
මෙහෙණතෙමේ කැපකරු ලවා යුක්තිය කියවාද, එහි කැපකරු හෝ මෙහෙණගේ කථාව පළමුකොට සැලකෙරේවා, අන්‍යයා හෝ තමන්ගේ කථාව කැපකරු හෝ දෙදෙනාගේම කථාව අන්‍යයා හෝ දෙදෙනාගේම කථාව සැලකෙරේවා, යම් ඒ පරිද්දෙකින් සැලකරණු ලබන කල්හි මෙහෙණට දුක්කටය වේ. දෙවන සැලකිරීම නිමිතිකොට ථුල්ලච්චය වේ. යම් ඒ පරිද්දෙකින් සැලකරණ ලද්ද, දෙදෙනාගේම කථාව අසා, විනිසකරුවන් විසින් විනිශ්චය කළ කල්හි යුක්ති විනිශ්චයෙහි පර්ය්යාවශානය වේ. ඒ විනිශ්චයාගේ කෙළවර මෙහෙණට ජයෙහි ද පරාජයෙහි ද සඞ්ඝාදිසෙසය වේ. ඉදින් වනාහි බොහෝකල් පැවැති අධිකරණයවේද, විනිසකරුවන් විසින් පෙර අසන ලද්දේවේද, එකල්හි ඔවුහු මෙහෙණද යුක්ති කියන්නහුද දැකම තොපට කථාවක් නැත, මේ කරුණ අපි දනුම්හ’යි තුමූම විනිශ්චයකොට දෙත්ද, මෙබඳු විනිශ්චය කෙළවරද මෙහෙණට ඇවැත් නොවේ.
පඨමං ආපත්ති එතස්සාති පඨමාපත්තිකො; වීතික්කමක්ඛණෙයෙව ආපජ්ජිතබ්බොති අත්ථො, තං පඨමාපත්තිකං. පදභාජනෙ පන අධිප්පායමත්තං දස්සෙතුං “සහ වත්ථුජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනායා”ති වුත්තං. අයඤ්හෙත්ථ අත්ථො – සහ වත්ථුජ්ඣාචාරා යං භික්ඛුනී ආපජ්ජති, න තතියාය සමනුභාසනාය, අයං පඨමමෙව සහ වත්ථුජ්ඣාචාරෙන ආපජ්ජිතබ්බත්තා පඨමාපත්තිකොති. භික්ඛුනිසඞ්ඝතො නිස්සාරෙතීති නිස්සාරණීයො; තං නිස්සාරණීයං. පදභාජනෙ පන අධිප්පායමත්තං දස්සෙතුං “සඞ්ඝම්හා නිස්සාරීයතීති වුත්තං. තත්ථ යං ආපන්නා භික්ඛුනී සඞ්ඝතො නිස්සාරීයති, සො නිස්සාරණීයොති එවමත්ථො දට්ඨබ්බො. න හි සො එව ධම්මො සඞ්ඝම්හා කෙනචි නිස්සාරීයති. තෙන පන ධම්මෙන භික්ඛුනී නිස්සාරීයති, තස්මා සො නිස්සාරෙතීති නිස්සාරණීයො.
පළමුකොට පැමිණිය යුතු ආපත්තිය මේ ධර්මයටනුයි පඨමාපත්තික නම. ව්යතික්රමණයෙහිම පැමිණිය යුත්තේය යන අර්‍ත්‍ථයි. ඒ ප්රථමාපත්තිය ඇති පදභාජනයෙහි වනාහි අදහස පමණක් දක්වන්නට “සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය”යි වදාරණ ලදී. මේ වනාහි මෙහි අර්ත්ථයයි. වස්තුව්‍යතික්‍රමණය සමග යම් ධර්මයකට මෙහෙණතොමෝ පැමිණෙන්නීද, තෙවන සමනුභාෂණයෙන් නොපැමිණෙන්නීද මෙය පළමුකොටම වස්තු ව්‍යතික්‍රමණය සමග පැමිණිය යුතු බැවින් පඨමාපත්තික වේ. භික්ෂුණී සංඝයා කෙරෙන් පහකෙරේනුයි නිස්සාරණීය නම. ඒ පහකළයුතු පදභාජනයෙහි වනාහි අදහස පමණක් දක්වන්නට “සඞ්ඝමහා නිස්සාරීයති”යි වදාරණ ලදි. එහි යමකට පැමිණි මෙහෙණ තොමෝ භික්ෂුණී සඞ්ඝයා කෙරෙන් පහකරණු ලබානුයි හේ නිස්සාරණීයයි මෙසේ අර්ත්ථය දතයුතුය. ඒ ධර්මය තෙමේම සඞ්ඝයා කෙරෙන් කිසිවකු විසින් පහකරණු නොලබයි. ඒ ධර්මය කරණකොට මෙහෙණ තොමෝ පහකරණු ලැබේද, එහෙයින් පහකෙරේනුයි නිස්සාරණීය නම.
ආකඩ්ඪියමානා ගච්ඡතීති අඩ්ඩකාරකමනුස්සෙහි සයං වා ආගන්ත්වා දූතං වා පෙසෙත්වා එහීති වුච්චමානා වොහාරිකානං සන්තිකං ගච්ඡති, තතො අඩ්ඩකාරකො අත්තනො වා කථං පඨමං ආරොචෙතු භික්ඛුනියා වා, නෙව පඨමාරොචනෙ දුක්කටං, න දුතියාරොචනෙ ථුල්ලච්චයං. අමච්චෙහි විනිච්ඡිනිත්වා කතෙ අඩ්ඩපරියොසානෙපි අනාපත්තියෙව. සචෙපි අඩ්ඩකාරකො භික්ඛුනිං වදති “මම ච තව ච කථං ත්වමෙව කථෙහී”ති; කථෙන්තියාපි කථං සුත්වා කතෙ අඩ්ඩපරියොසානෙපි අනාපත්තියෙව.
“ආකඩ්ඪියමානා ගච්ඡති” යුක්තිබණන මිනිසුන් විසින් තුමූ හෝ අවුත් දූතයකු හෝ යවා එව’යි කියන ලද්දී විනිසකරුවන්ගේ සමීපයට යේද, ඉන්පසු අට්ටකාරක තෙමේ තමන්ගේ හෝ කථාව පළමුකොට සැලකෙරේවා. මෙහෙණගේ හෝ කථාව පළමුකොට සැලකෙරේවා, පළමු සැලකිරීමෙහි දුක්කටය නොමවේ. දෙවන සැලකිරීමෙහි ථුල්ලච්චය නොවේ. ඉදින් ඇමැතියන් විසින් විනිශ්චය කොට කරණලද යුක්ති කෙළවරද ඇවැත් නොවේමය. ඉදින් අට්ටකාරකතෙමේ ‘මාගේද තීගේද කථාව තීම කියව’යි මෙහෙණට කියානම්, ඒ කරුණ කියන්නියගේද කථාව අසා කරණලද යුක්ති කෙළවරද ඇවැත් නොවේමය.
රක්ඛං යාචතීති ධම්මිකං රක්ඛං යාචති, අනාපත්ති. ඉදානි යථායාචිතා රක්ඛා ධම්මිකා හොති, තං දස්සෙතුං අනොදිස්ස ආචික්ඛතීති ආහ. තත්ථ අතීතං ආරබ්භ අත්ථි ඔදිස්සආචික්ඛනා, අත්ථි අනොදිස්සආචික්ඛනා, අනාගතං ආරබ්භාපි අත්ථි ඔදිස්සආචික්ඛනා, අත්ථි අනොදිස්සආචික්ඛනා.
“රක්ඛං යාචති” දැහැමි රැකුමක් ඉල්ලාද, ඇවැත් නොවේ. දැන්, ඉල්ලූ ආරක්ෂාව යම්සේ දැහැමි වේද, එය දක්වනු පිණිස “අනොදිස්ස ආචික්ඛති”යි කීහ. එහි අතීතය අරබයා නියමකොට කීමෙක් ඇත. නියම නොකොට කීමක් ඇත. අනාගත අරබයාද නියම කොට කීමෙක් ඇත. නියම නොකොට කීමෙක් ඇත.
කථං අතීතං ආරබ්භ ඔදිස්සආචික්ඛනා හොති? භික්ඛුනුපස්සයෙ ගාමදාරකා ධුත්තාදයො වා යෙ කෙචි අනාචාරං වා ආචරන්ති, රුක්ඛං වා ඡින්දන්ති, ඵලාඵලං වා හරන්ති, පරික්ඛාරෙ වා අච්ඡින්දන්ති. භික්ඛුනී වොහාරිකෙ උපසඞ්කමිත්වා “අම්හාකං උපස්සයෙ ඉදං නාම කත”න්ති වදති. “කෙනා”ති වුත්තෙ “අසුකෙන ච අසුකෙන චා”ති ආචික්ඛති. එවං අතීතං ආරබ්භ ඔදිස්සආචික්ඛනා හොති, සා න වට්ටති. තඤ්චෙ සුත්වා තෙ වොහාරිකා තෙසං දණ්ඩං කරොන්ති, සබ්බං භික්ඛුනියා ගීවා හොති. දණ්ඩං ගණ්හිස්සන්තීති අධිප්පායෙපි සති ගීවායෙව හොති. සචෙ පන තස්ස දණ්ඩං ගණ්හථාති වදති, පඤ්චමාසකමත්තෙ ගහිතෙ පාරාජිකං හොති.
අතීතය අරබයා නියමකොට කීම කෙසේවේද, යත්: මෙහෙණවරෙහි ගම්දරුවෝ හෝ ධූර්තාදීහු හෝ යම්කිසි කෙනෙක් අනාචාරයෙහි හෝ හැසිරෙත්ද, රුක් හෝ සිඳිත්ද, ඵලාඵල හෝ ගෙණයත්ද, පිරිකර හෝ පැහැර ගණිත්ද, එකල්හි මෙහෙණතොමෝ විනිශ්චය කාරකාමාත්යයන් කරා එළැඹැ ‘අපගේ මෙහෙණවර මේ නම් වැඩක් කරණ ලදැයි කියයි. කවුරුන් විසින්දැ’යි විචාළ කල්හි ‘අසුවලා විසින්, අසුවලා විසින්යි කියයි. අතීතය අරබයා නියමකොට කීම මෙසේවේ. ඕ නොවටියි. එය අසා ඒ විනිසකරුවෝ ඔවුන්ට දඬුවම් කෙරෙත්ද, ඒ සියල්ල මෙහෙණට නයවේ. ‘දඩ ගන්නාහුයයි අදහස ඇති කල්හිද නයමවේ. ඉදින් ‘මොහුට දඩ ගසවු’යි කියාද පස්මස්සක් පමණද දඩ ගත්කල්හි පාරාජිකය වේ.
“කෙනා”ති වුත්තෙ පන “අසුකෙනාති වත්තුං අම්හාකං න වට්ටති, තුම්හෙයෙව ජානිස්සථ. කෙවලඤ්හි මයං රක්ඛං යාචාම, තං නො දෙථ, අවහටභණ්ඩඤ්ච ආහරාපෙථා”ති වත්තබ්බං. එවං අනොදිස්ස ආචික්ඛනා හොති, සා වට්ටති. එවං වුත්තෙ සචෙපි තෙ වොහාරිකා කාරකෙ ගවෙසිත්වා තෙසං දණ්ඩං කරොන්ති, සබ්බං සාපතෙය්යම්පි ගහිතං භික්ඛුනියා, නෙව ගීවා න ආපත්ති.
‘කවරක්හු විසින්දැ’යි විචාළ කල්හි ‘අසුවලා විසිනැ’යි කීම අපට නොවටියි. තෙපිම දැනගණිවු, හුදෙක් අපි ආරක්ෂාව ඉල්ලමු, ඒ ආරක්ෂාව අපට දුනමැනැව, ගන්නාලද බඩුවද ගෙන්වනු මැනැවැයි කියයුතුය. නියම නොකොට කීමවේ. ඕ වටියි. මෙසේ කියූකල්හි ඒ විනිසකරුවෝ ඒ ක්‍රියාව කළවුන් සොයා ඔවුන්ට දඩගසත්ද, සියලු වස්තුව ගත්කල්හිද, මෙහෙණට නය නොමවේ. ඇවැත් නොවේ.
පරික්ඛාරං හරන්තෙ දිස්වා තෙසං අනත්ථකාමතාය චොරො චොරොති වත්තුම්පි න වට්ටති. එවං වුත්තෙපි හි යං තෙසං දණ්ඩං කරොන්ති, සබ්බම්පි භික්ඛුනියා ගීවා හොති. අත්තනො වචනකරං පන “ඉමිනා මෙ පරික්ඛාරො ගහිතො, තං ආහරාපෙහි, මා චස්ස දණ්ඩං කරොහී”ති වත්තුං වට්ටති. දාසදාසීවාපිආදීනං අත්ථාය අඩ්ඩං කරොන්ති, අයං අකප්පියඅඩ්ඩො නාම, න වට්ටති.
පිරිකර පැහැරගෙන යන්නවුන් දැක ඔවුන්ට අවැඩ කැමැති බැවින් ‘සොරහු, සොරහු’යි කීමද නොවටියි. මෙසේ කියූකල්හිද, ඔවුන්ට යම් දඬුවමක් කෙරෙත්ද, ඒ සියල්ලම මෙහෙණට නයවේ. ‘මොහු විසින් මාගේ පිරිකර ගන්නා ලද්දේය, ඒ පිරිකර ගෙන්වාලවා මොහුට දඬුවම් නොකරවයි තමන්ගේ වචනය කරන්නහුට කීම වටියි. දැසිදස්වැව් ආදිය පිණිස නඩු කියත්ද, මෙය අකැප නඩුකීම නම. එය නොවටියි.
කථං අනාගතං ආරබ්භ ඔදිස්සආචික්ඛනා හොති? වුත්තනයෙනෙව පරෙහි අනාචාරාදීසු කතෙසු භික්ඛුනී වොහාරිකෙ එවං වදති “අම්හාකං උපස්සයෙ ඉදඤ්චිදඤ්ච කරොන්ති, රක්ඛං නො දෙථ ආයතිං අකරණත්ථායා”ති. “කෙන එවං කත”න්ති වුත්තෙ ච “අසුකෙන අසුකෙන චා”ති ආචික්ඛති. එවං අනාගතං ආරබ්භ ඔදිස්සආචික්ඛනා හොති, සාපි න වට්ටති. තෙසඤ්හි දණ්ඩෙ කතෙ පුරිමනයෙනෙව සබ්බං භික්ඛුනියා ගීවා. සෙසං පුරිමසදිසමෙව.
අනාගතය අරබයා නියම කොටකීම කෙසේ වේද, යත්: කියූ නයින්ම අනුන් විසින් අනාචාරාදියක් කළ කල්හි මෙහෙණ තොමෝ ‘අපගේ මෙහෙණවරෙහි මේ මේ වැඩ කරත්, මත්තෙහි නොකරනු පිණිස අපට ආරක්ෂාව දුනමැනැවැ’යි විනිසකරුවන්ට මෙසේ කියයි. එකල්හි ‘කවුරුන් විසින් මෙසේ කරණ ලදදැ’යි විචාළ කල්හිද ‘අසුවලා විසින්ද අසුවලා විසින්දැ’යි කියාද, මෙසේ අනාගතය අරබයා නියමකොට කීම වේ. එයද නොවටියි. ඔවුන්ට දඬුවම් කළ කල්හි පෙර කියූ නයින්ම සියල්ල මෙහෙණට නයවේ. සෙස්ස පුරිමය සමානම වේ.
සචෙ පන වොහාරිකා “භික්ඛුනුපස්සයෙ එවරූපං අනාචාරං කරොන්තානං ඉමං නාම දණ්ඩං කරොමා”ති භෙරිං චරාපෙත්වා ආණාය අතිට්ඨමානෙ පරියෙසිත්වා දණ්ඩං කරොන්ති, භික්ඛුනියා නෙව ගීවා න ආපත්ති.
විනිසකරුවෝ ‘මෙහෙණවරෙහි මෙබඳු නොකටයුතු කරන්නවුන්ට මෙනම් දඬුවම් කරම්හයි බෙර හසුරුවා අණෙහි නොසිටින්නන් සොයා දඬුවම් කෙරෙත්ද, මෙහෙණට නය නොමවේ. ඇවැත් නොවේ.
යො චායං භික්ඛුනීනං වුත්තො, භික්ඛූනම්පි එසෙව නයො. භික්ඛුනොපි හි ඔදිස්සආචික්ඛනා න වට්ටති. යං තථා ආචික්ඛිතෙ දණ්ඩං කරොන්ති, සබ්බං ගීවා හොති. වුත්තනයෙනෙව දණ්ඩං ගණ්හාපෙන්තස්ස පාරාජිකං. යො පන “දණ්ඩං කරිස්සන්තී”ති ජානන්තොපි අනොදිස්ස කථෙති, තෙ ච පරියෙසිත්වා දණ්ඩං කරොන්තියෙව, න දොසො. විහාරසීමාය රුක්ඛාදීනි ඡින්දන්තානං වාසිඵරසුආදීනි ගහෙත්වා පාසාණෙහි කොට්ටෙන්ති, න වට්ටති. සචෙ ධාරා භිජ්ජති, කාරාපෙත්වා දාතබ්බා. උපධාවිත්වා තෙසං පරික්ඛාරෙ ගණ්හන්ති, තම්පි න කාතබ්බං, ලහුපරිවත්තඤ්හි චිත්තං, ථෙය්යචෙතනාය උප්පන්නාය මූලච්ඡෙජ්ජම්පි ගච්ඡෙය්ය. සෙසං උත්තානමෙව.
යම් මේ විනිශ්චයක් මෙහෙණට කියන ලද්දේද, මහණුන්ටත් මෙම නයවේ. මහණහුටද නියමකොට කීම නොවටියි. එසේ කියූ කල්හි යම් දඬුවමක් කෙරෙත්ද, සියල්ල නයවේ. කියූනයින්ම දඩ ගන්වන මහණහුට පාරාජිකය වේ. යම් මහණෙක් දඩ ගසන්නාහයි දන්නේම නියම නොකොට කියාද, ඔවුහුද සොයාබලා දඩ ගසත්මද දොසෙක් නොවේ. විහාරසීමාවෙහි රුක් ආදිය සිඳින්නන්ගේ වෑපොරෝ ආදිය ගෙන ගලෙන් කොටත් නම් නොවටියි. මුවහත බිදීද, කරවාදිය යුතුය. දුවගොස් ඒ රුක් සිඳින්නන්ගේ පිරිකර ගණිත්ද හෙද නොකටයුතුය. සිත වහා පෙරළෙන්නේමය. එහෙයින් සොරසිත උපන්කල්හි මුල්සිඳීමටද යන්නේය. සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨිනසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සත්තරසකෙ පඨමසික්ඛාපදං.
සප්තදශකසඞ්ඝාදිශෙෂයන් අතුරෙහි පළමුවන ශික්‍ෂාපදයයි
දුතියසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
ද්විතීය සඞ්ඝාදිශේෂය වර්ණනාව
දුතියෙ – වරභණ්ඩන්ති මුත්තාමණිවෙළුරියාදි මහග්ඝභණ්ඩං.
ද්විතීය ශික්‍ෂාපදයෙහි - ‘වරභණ්ඩං’ මුතු මැණික් වෙරළුමිණි ආදීවූ මාහැඟි බඩු
අනපලොකෙත්වාති අනාපුච්ඡිත්වා. ගණං වාති මල්ලගණභටිපුත්තගණාදිකං. පූගන්ති ධම්මගණං. සෙණින්ති ගන්ධිකසෙණිදුස්සිකසෙණිආදිකං. යත්ථ යත්ථ හි රාජානො ගණාදීනං ගාමනිගමෙ නිය්යාතෙන්ති “තුම්හෙව එත්ථ අනුසාසථා”ති, තත්ථ තත්ථ තෙ එව ඉස්සරා හොන්ති. තස්මා තෙ සන්ධාය ඉදං වුත්තං. එත්ථ ච රාජානං වා ගණාදිකෙ වා ආපුච්ඡිත්වාපි භික්ඛුනිසඞ්ඝො ආපුච්ඡිතබ්බොව. ඨපෙත්වා කප්පන්ති තිත්ථියෙසු වා අඤ්ඤභික්ඛුනීසු වා පබ්බජිතපුබ්බං කප්පගතිකං ඨපෙත්වාති. සෙසං උත්තානමෙව.
“අනපලොකෙත්වා” නොවිචාරා. “ගණං වා” මල්ල රජුන්ගේ ගණය හා කුමාරභත්තිගණදියය. “පූගං” ධාර්මිකගණය. ‘සෙණිං’ නන්වැදෑරුම් සුවඳ කරණගණය හා පෙසකාරගණාදියය. යම් හෙයකින් යම් යම් තැනක රජහු ගණාදීන්ට ගම්නියම්ගම් ‘තෙපිම මෙහි අනුශාසනා කරවුයි පාවාදෙත්ද, ඒ ඒ තන්හි ඔවුහුම අධිපතීහු වෙත්. එහෙයින් ඔවුන් සඳහා මේ කියන ලදී. මෙහිදී රජු හෝ ගණාදීන් හෝ විචාරාද භික්ෂුණී සඞ්ඝ තෙමේ විචාරිය යුත්තේමය. “ඨපෙත්වා කප්පං” තීර්ථකයන් අතුරෙහි හෝ අන් මෙහෙණන් අතුරෙහි හෝ පෙර පැවිදි වූ කැපබවට ගියක හැර සෙස්ස ප්‍රකටමය.
චොරීවුට්ඨාපනසමුට්ඨානං – කෙනචි කරණීයෙන පක්කන්තාසු භික්ඛුනීසු අගන්ත්වා ඛණ්ඩසීමං යථානිසින්නට්ඨානෙයෙව අත්තනො නිස්සිතකපරිසාය සද්ධිං වුට්ඨාපෙන්තියා වාචාචිත්තතො සමුට්ඨාති, ඛණ්ඩසීමං වා නදිං වා ගන්ත්වා වුට්ඨාපෙන්තියා කායවාචාචිත්තතො සමුට්ඨාති, අනාපුච්ඡා වුට්ඨාපනවසෙන කිරියාකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
චොරිවුට්ඨාපන සමුත්‍ථානිකය. කිසි කාර්ය්යක් හෙතුකොට මෙහෙණන් ගියකල්හි අවුත් ඛණ්ඩ සීමාවක, හුන් තැනෙහිම තමන්ගේ ඇසුරෙහිවූ පිරිස සමග උපාද්ධ්යායව උපසම්පදා කරවන්නියට වාචා චිත්තයෙන් හටගණියි. ඛණ්ඩ සීමාවකට හෝ නදියකට හෝ ගොස් උපසපන් කරන්නියට කායවාචාචිත්තයෙන් හටගණියි. නොවිචාරා උපසපන් කරවීම් වසයෙන් ක්රියාක්රියය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දුතියසික්ඛාපදං.
දෙවන ශික්‍ෂාපදයයි
තතියසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
තෘතීය සංඝාදිශේෂය වර්ණනාව
තතියෙ – පරික්ඛෙපං අතික්කාමෙන්තියාති එත්ථ එකං පාදං අතික්කාමෙන්තියා ථුල්ලච්චයං, දුතියෙන අතික්කන්තමත්තෙ සඞ්ඝාදිසෙසො. අපරික්ඛිත්තස්ස ගාමස්ස උපචාරන්ති එත්ථ පරික්ඛෙපාරහට්ඨානං එකෙන පාදෙන අතික්කමති ථුල්ලච්චයං, දුතියෙන අතික්කන්තමත්තෙ සඞ්ඝාදිසෙසො. අපිචෙත්ථ සකගාමතො නික්ඛමන්තියා ගාමන්තරපච්චයා අනාපත්ති, නික්ඛමිත්වා පන ගාමන්තරං ගච්ඡන්තියා පදවාරෙ පදවාරෙ දුක්කටං, එකෙන පාදෙන ඉතරස්ස ගාමස්ස පරික්ඛෙපෙ වා උපචාරෙ වා අතික්කන්තමත්තෙ ථුල්ලච්චයං, දුතියෙන අතික්කන්තමත්තෙ සඞ්ඝාදිසෙසො. තතො නික්ඛමිත්වා පුන සකගාමං පවිසන්තියාපි එසෙව නයො. සචෙ පන ඛණ්ඩපාකාරෙන වා වතිඡිද්දෙන වා භික්ඛුනිවිහාරභූමියෙව සක්කා හොති පවිසිතුං, එවං පවිසමානාය කප්පියභූමිං නාම පවිට්ඨා හොති, තස්මා වට්ටති. සචෙපි හත්ථිපිට්ඨිආදීහි වා ඉද්ධියා වා පවිසති, වට්ටතියෙව. පදසා ගමනමෙව හි ඉධාධිප්පෙතං. තෙනෙව “පඨමං පාදං අතික්කාමෙන්තියා”තිආදිමාහ.
තෘතීය ශික්‍ෂාපදයෙහි - පරික්ඛෙපං අතික්කාමෙන්තියා මෙහි එක් පයක් ඉක්මවන්නියට ථුල්ලච්චය වේ. දෙවනපය ඉක්මවූ ඇසිල්ලෙහි සඞ්ඝාදිසෙසය වේ. “අපරික්ඛිත්තස්ස ගාමස්ස උපචාරං” මෙහි වැට කිරීමට සුදුසු තැන එක් පයකින් ඉක්මවා නම් ථුල්ලච්චය වේ. දෙවන පයින් ඉක්මවූ ඇසිල්ලෙහි සඞ්ඝාදිසෙසය වේ. තවද මෙහි එක්ගමකින් නික්මෙන්නියට ග්‍රාමාන්තර ප්‍රත්‍යයයෙන් ඇවැත් නොවේ. නික්ම අන්ගමකට යන්නියට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. එක් පයකින් අන්ගමක පරික්ෂෙපය හෝ උපචාරය හෝ ඉක්මවූ ඇසිල්ලෙහි ථුල්ලච්චය වේ. දෙවන පයින් ඉක්මෙවු ඇසිල්ලෙහි සඞ්ඝාදිසෙසය වේ. එයින් නික්ම නැවැත සිය ගමට පිවිසෙන්නියටද මෙම නයවේ. කඩ පවුරකින් හෝ වැටසිදුරකින් හෝ භික්ෂුණීන්ගේ විහාරභූමියට ඇතුල්වන්නට හැකිවේද, මෙසේ ඇතුල්වන්නී කැපබිමට පිවිසියා වේ. එහෙයින් වටියි. ඇත්පිට ආදියෙන් හෝ සෘද්ධියෙන් හෝ පිවිසේනම් වටීමය. මෙහි පයින් ගමනම අදහස් කරණලදී. එහෙයින්ම ‘පඨමං පාදං අනික්කාමෙන්තියා’ යනාදිය කීහ.
ද්වෙ ගාමා භික්ඛුනිවිහාරෙන සම්බද්ධවතිකා හොන්ති, යස්මිං ගාමෙ භික්ඛුනිවිහාරො, තත්ථ පිණ්ඩාය චරිත්වා පුන විහාරං පවිසිත්වා සචෙ විහාරමජ්ඣෙන ඉතරස්ස ගාමස්ස මග්ගො අත්ථි, ගන්තුං වට්ටති. තතො පන ගාමතො තෙනෙව මග්ගෙන පච්චාගන්තබ්බං. සචෙ ගාමද්වාරෙන නික්ඛමිත්වා ආගච්ඡති, පුරිමනයෙනෙව ආපත්තිභෙදො වෙදිතබ්බො. සකගාමතො කෙනචි කරණීයෙන භික්ඛුනීහි සද්ධිං නික්ඛන්තාය පුන පවිසනකාලෙ හත්ථි වා මුච්චති, උස්සාරණා වා හොති, ඉතරා භික්ඛුනියො සහසා ගාමං පවිසන්ති, යාව අඤ්ඤා භික්ඛුනී ආගච්ඡති, තාව බහිගාමද්වාරෙ ඨාතබ්බං. සචෙ න ආගච්ඡති, දුතියිකා භික්ඛුනී පක්කන්තා නාම හොති, පවිසිතුං වට්ටති.
ගම් දෙකක් භික්ෂුණීන්ගේ විහාර හා සබැඳි වැට ඇත්තේ වේ. යම් ගමෙක භික්ෂුණී විහාරය වේද, එහි පිඩුපිණිස හැසිර නැවැත විහාරයට පිවිස වෙහෙර මැදින් අනික් ගමකට මග ඇත්තේද, යෑම වටියි. එගමින් ඒ මගින්ම හැරී ආයුතුය. ඉදින් ගම්දොරින් නික්ම එන්නීද, පෙරනයින්ම ආපත්තිභෙදය දතයුතුය. සියගමින් කිසියම් කාර්ය්යක් හෙතුකොට මෙහෙණන් සමග නික්මුනු මෙහෙණ නැවැත පිවිසෙන කල්හි ඇතෙක් හෝ මිදී ඒද ජන සම්බාධයෙක් හෝ වේද, එහිදී අන් මෙහෙණෝ වහා ගමට පිවිසෙත්ද, අන් මෙහෙණක් එනතුරු පිටතදොර සිටිය යුතුය. ඉදින් නොඑන්නීද, දෙවන මෙහෙණ තොමෝ ගියා නම් වේ. පිවිසීම වටියි.
පුබ්බෙ මහාගාමො හොති, මජ්ඣෙ භික්ඛුනිවිහාරො. පච්ඡා තං ගාමං චත්තාරො ජනා ලභිත්වා විසුං විසුං වතිපරික්ඛෙපං කත්වා විභජිත්වා භුඤ්ජන්ති, විහාරතො එකං ගාමං ගන්තුං වට්ටති. තතො අපරං ගාමං ද්වාරෙන වා වතිඡිද්දෙන වා පවිසිතුං න වට්ටති. පුන විහාරමෙව පච්චාගන්තුං වට්ටති. කස්මා? විහාරස්ස චතුගාමසාධාරණත්තා.
පෙර මහගමෙක් වේද, ගමමැද මෙහෙණවරක් වේද, පසුව සතරදෙනෙක් එගම ලැබ වෙන් වෙන්ව වැටින් වටකොට බෙදාගෙණ බුදිත්ද, වෙහෙරින් එක් ගමකට යෑම වටියි. එගමින් අනික් ගමකට දොරකඩින් හෝ වැට සිදුරකින් හෝ පිවිසෙන්නට නොවටියි. නැවැත වෙහෙරටම හැරී ඒම වටියි. කුමක් හෙයින්ද, යත්:- වෙහෙරට ගම් සතර සාධාරණ බැවිනි.
අන්තරවාසකො තෙමියතීති යත්ථ යථා තිමණ්ඩලපටිච්ඡාදනං හොති; එවං නිවත්ථාය භික්ඛුනියා වස්සකාලෙ තිත්ථෙන වා අතිත්ථෙන වා ඔතරිත්වා යත්ථ කත්ථචි උත්තරන්තියා එකද්වඞ්ගුලමත්තම්පි අන්තරවාසකො තෙමියති. සෙසං නදීලක්ඛණං නදීනිමිත්තකථාය ආවි භවිස්සති. එවරූපං නදිං තිත්ථෙන වා අතිත්ථෙන වා ඔතරිත්වා උත්තරණකාලෙ පඨමං පාදං උද්ධරිත්වා තීරෙ ඨපෙන්තියා ථුල්ලච්චයං, දුතියපාදුද්ධාරෙ සඞ්ඝාදිසෙසො. සෙතුනා ගච්ඡති, අනාපත්ති. පදසා ඔතරිත්වා උත්තරණකාලෙ සෙතුං ආරොහිත්වා උත්තරන්තියාපි අනාපත්ති. සෙතුනා පන ගන්ත්වා උත්තරණකාලෙ පදසා ගච්ඡන්තියා ආපත්තියෙව. යානනාවාආකාසගමනාදීසුපි එසෙව නයො. ඔරිමතීරතො පන පරතීරමෙව අක්කමන්තියා අනාපත්ති. රජනකම්මත්ථං ගන්ත්වා දාරුසඞ්කඩ්ඪනාදිකිච්චෙන ද්වෙ තිස්සො උභයතීරෙසු විචරන්ති, වට්ටති. සචෙ පනෙත්ථ කාචි කලහං කත්වා ඉතරං තීරං ගච්ඡති, ආපත්ති. ද්වෙ එකතො උත්තරන්ති, එකා මජ්ඣෙ නදියා කලහං කත්වා නිවත්තිත්වා ඔරිමතීරමෙව ආගච්ඡති, ආපත්ති. ඉතරිස්සා පන අයං පක්කන්තට්ඨානෙ ඨිතා හොති, තස්මා පරතීරං ගච්ඡන්තියාපි අනාපත්ති. න්හායිතුං වා පාතුං වා ඔතිණ්ණා තමෙව තීරං පච්චුත්තරති, අනාපත්ති.
“අන්තරවාසකො තෙමීයති” යම් නදියක තෙමඩුලු වැසීමෙක් වේද, එසේ හැඳගත්, වැසිකාලයෙහි තොටින් හෝ නොතොටින් හෝ බැස යම් කිසි තැනක එතෙර වන්නාවූ මෙහෙණගේ අඳනය එකඟුල් දෑඟුල් පමණ නමුදු තෙමේද, ඕය. සෙසු නදීලක්ෂණය. නදීනිමිත්ත කථාවෙහි ප්‍රකාශ වන්නේය. මෙබඳු නදියකට තොටින් හෝ නොතොටින් හෝ බැස එතෙරවන කාලයෙහි පළමුපය උදුරා ඉවුරෙහි තබන්නියට ථුල්ලච්චය වේ. දෙවනපිය ඉදිරීම නිමිතිකොට සඞ්ඝාදිසෙසය වේ. හෙයකින්යේද, ඇවැත් නොවේ. පයින් නදියට බැස එතෙරවන කාලයෙහි හෙයට නැග එතෙරවන්නියටද, ඇවැත් නොවේ. හෙයකින් ගොස් එතෙරවන කාලයෙහි පයින් යන්නියට ඇවැත් වේමය. යානනාවා ආකාස ගමන් ආදියෙහිද මේ නයමවේ. මෙතෙරින් ගඟින් එතෙර නොව අහසට පැන හෝ පරතෙරම පාගන්නියට ඇවැත් නොවේ. රඳන්කම් පිණිස ගොස් දර රැස්කිරීම් ආදි කටයුතුවලින් දෙතුන් මෙහෙණ කෙනෙක් දෙතෙරෙහි හැසිරෙත්ද, වටියි. ඉදින් මෙහි කිසි මෙහෙණක් කලහකොට අනික් තෙරටයේද, ඇවැත් වේ. මෙහෙණෝ දෙදෙනෙක් එකට එතෙර වෙත්ද, එක් මෙහෙණක් තොමෝ ගඟ මැදදී කලහකොට නැවැතී මෙතෙරටම එන්නීද ඇවැත් වේ. අන් මෙහෙණහට මෝතොමෝ ගියතැන සිටියා වේ. එහෙයින් පරතෙරට යන්නියටද ඇවැත් නොවේ. නෑමට හෝ බීමට හෝ බැසසිටි මෙහෙණතොමෝ ඒ ඉවුරටම පෙරළා එතෙරවේද, ඇවැත් නොවේ.
සහ අරුණුග්ගමනාති එත්ථ සචෙ සජ්ඣායං වා පධානං වා අඤ්ඤං වා කිඤ්චි කම්මං කුරුමානා පුරෙඅරුණෙයෙව දුතියිකාය සන්තිකං ගමිස්සාමීති ආභොගං කරොති, අජානන්තියා එව චස්සා අරුණො උග්ගච්ඡති, අනාපත්ති. අථ පන “යාව අරුණුග්ගමනා ඉධෙව භවිස්සාමී”ති වා අනාභොගෙන වා විහාරස්ස එකදෙසෙ අච්ඡති, දුතියිකාය හත්ථපාසං න ඔතරති, අරුණුග්ගමනෙ සඞ්ඝාදිසෙසො. හත්ථපාසොයෙව හි ඉධ පමාණං, හත්ථපාසාතික්කමෙ එකගබ්භොපි න රක්ඛති.
“සහ අරුණුග්ගමනා” යන මෙහි හැදෑරීම හෝ අන්කිසි කර්මයක් හෝ කරන්නී අරුණට පෙරම දෙවැනියගේ සමීපයට එන්නෙමි’යි කල්පනා කෙරේද, ඒ මෙහෙණ නොදන්නා කල්හිම අරුණ නගීද, ඇවැත් නොවේ. එකල්හි අරුණ නැගීම දක්වා මෙහිම වන්නෙමියි හෝ කල්පනා නොකිරීමෙන් විහාරයෙහි එක්පෙදෙසක හිඳීද, දෙවන මෙහෙණගේ අත්පසට නොබසීද, අරුණ නැගීමෙහි සඞ්ඝාදිසෙසය වේ. අත්පසම මෙහි පමණ වේ. අත්පස ඉක්මීමෙහි එක් ගබඩාවක් වී නමුදු ඇවතින් නොරකියි.
අගාමකෙ අරඤ්ඤෙති එත්ථ “නික්ඛමිත්වා බහි ඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤ”න්ති එවං වුත්තලක්ඛණමෙව අරඤ්ඤං. තං පනෙතං කෙවලං ගාමාභාවෙන “අගාමක”න්ති වුත්තං, න විඤ්ඣාටවිසදිසතාය. තාදිසෙ අරඤ්ඤෙ ඔක්කන්තෙ දස්සනූපචාරෙ විජහිතෙ සචෙපි සවනූපචාරො අත්ථි, ආපත්ති. තෙනෙව වුත්තං අට්ඨකථායං “සචෙ භික්ඛුනීසු මහාබොධිඅඞ්ගණං පවිසන්තීසු එකා බහි තිට්ඨති, තස්සාපි ආපත්ති. ලොහපාසාදං පවිසන්තීසුපි පරිවෙණං පවිසන්තීසුපි එසෙව නයො. මහාචෙතියං වන්දමානාසු එකා උත්තරද්වාරෙන නික්ඛමිත්වා ගච්ඡති, තස්සාපි ආපත්ති. ථූපාරාමං පවිසන්තීසු එකා බහි තිට්ඨති, තස්සාපි ආපත්තී”ති. එත්ථ ච දස්සනූපචාරො නාම යත්ථ ඨිතං දුතියිකා පස්සති. සචෙ පන සාණිපාකාරන්තරිකාපි හොති, දස්සනූපචාරං විජහති නාම. සවනූපචාරො නාම යත්ථ ඨිතා මග්ගමූළ්හසද්දෙන විය ධම්මසවනාරොචනසද්දෙන විය ච “අය්යෙ”ති සද්දායන්තියා සද්දං සුණාති. අජ්ඣොකාසෙ දූරෙපි දස්සනූපචාරො නාම හොති. සො එවරූපෙ සවනූපචාරෙ විජහිතෙ න රක්ඛති, විජහිතමත්තෙව ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
“අගාමකෙ අරඤ්ඤෙ” මෙහි නික්ඛමිත්වා බහි ඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤං’යි මෙසේ කියූ ලක්ෂණ ඇතියේම අරණ්‍යයය. ඒ මේ අරණ්‍යය හුදෙක් ගම නොවීමෙන් අගාමකයි කියන ලදී. වින්ධ්යවන හා සමාන නොවන බැවිනි. එබඳු වනයකට බටකල්හි දර්ශනොපචාරය හැරිය කහි ශ්රවණොපචාරය ඇත්තේනම් ඇවැත් වේ. එහෙයින්ම අර්‍ත්‍ථකථාවන්හි ‘ඉදින් මෙහෙණන් මහාබොධි අඞ්ගනයට පිවිසෙන කල්හි එක් මෙහෙණක් තොමෝ පිටත සිටීද, ඇයටද ඇවැත් වේ. ලොහොපහයට පිවිසෙන්නියන් කෙරෙහිද, පිරිවෙණට පිවිසෙන්නියන් කෙරෙහිද, මේ නයම වේ. මහසෑය වඳින්නියන් අතුරෙහිද එක් මෙහෙණක් තොමෝ උතුරු දොරින් නික්මයේද, ඇයටද, ඇවැත් වේ. ථූපාරාමයට පිවිසෙන්නියන් අතුරෙහි එක් මෙහෙණක් තොමෝ පිටත සිටීද, ඇයටද ඇවැත් වේයයි කියන ලදී. මෙහි දර්ශනොපචාරය නම් යම්තැනක සිටියහු දෙවන මෙහෙණක් තොමෝ දකීද එතැනය. ඉදින් තිරපවුරක අතර සිටියා වේද, දර්ශනොපචාරය හරී නම්වේ. ශ්රවණොපචාරය නම් යම්තැනක සිටියා මංමුළා හඬින් මෙන්ද ධර්මශ්රවණාරොචන ශබ්දයෙන් මෙන්ද, අය්යෙයි හඬනගන්නියගේ ශබ්දය අසාද, ඒ තැනය. අබවෙසෙහි දුරද දර්ශනොපචාරය නම්වේ. ඕතොමෝ මෙබඳු ශ්රවණොපචාරය හලකල්හි ඇවැත් නොරකියි. හල ඇසිල්ලෙහිම සඞ්ඝාදිසෙසාපත්තියට පැමිණිම වේ.
එකා මග්ගං ගච්ඡන්තී ඔහීයති. සඋස්සාහා චෙ හුත්වා ඉදානි පාපුණිස්සාමීති අනුබන්ධති, අනාපත්ති. සචෙ පුරිමායො අඤ්ඤෙන මග්ගෙන ගච්ඡන්ති, පක්කන්තා නාම හොන්ති, අනාපත්තියෙව. ද්වින්නං ගච්ඡන්තීනං එකා අනුබන්ධිතුං අසක්කොන්තී “ගච්ඡතු අය”න්ති ඔහීයති, ඉතරාපි “ඔහීයතු අය”න්ති, ගච්ඡති, ද්වින්නම්පි ආපත්ති. සචෙ පන ගච්ඡන්තීසු පුරිමාපි අඤ්ඤං මග්ගං ගණ්හාති, පච්ඡිමාපි අඤ්ඤං, එකා එකිස්සා පක්කන්තට්ඨානෙ තිට්ඨති, ද්වින්නම්පි අනාපත්ති.
එක් මෙහෙණක් තොමෝ මගයන්නී නවතීද, උත්සාහ ඇතිව ‘දැන් පැමිණෙන්නෙමි’යි ලුහුබඳීද, ඇවැත් නොවේ. ‘ඉදින් පළමුකොට යන්නීහු අන් මගකින් යෙත්ද, ගියාහුනම් වෙති. අනාපත්තිම වේ. යන්නාවූ දෙදෙනකු අතුරෙන් එක් තැනැත්තියක් ලුහු බඳින්නට අපොහොසත් වන්නී ‘මොතොමෝ යේවා’යි වෙන්වේද, අනික් තැනැත්තීද, ‘මෝතොමෝ වෙන්වේවායි යේද, දෙදෙනාහටම ඇවැත් වේ. මගබැස යන්නවුන් අතුරෙහි ඉදිරියෙහි යන මෙහෙණ තොමෝ මංමුළාවූ බැවින් අන් මගක් ගණීද, පසුව යන මෙහෙණ තොමෝත් අන්මගක් ගණීද, එක් මෙහෙණක් එක් මෙහෙණක ගිය තැන සිටියි. දෙදෙනාහටම ඇවැත් නොවේ.
පක්ඛසඞ්කන්තා වාති තිත්ථායතනං සඞ්කන්තා, සෙසං උත්තානමෙව. පඨමපාරාජිකසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“පක්ඛසඞ්කන්තාවා” තීර්ථායතනයට ගියා හෝ. සෙස්ස ප්‍රකටමය. ප්‍රථමපාරාජික සමුත්‍ථානිකය ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තතියසික්ඛාපදං.
තෙවන ශික්‍ෂාපදයයි
චතුත්ථසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
චතුර්ත්ථ සඞ්ඝාදිශේෂය වර්ණනාව
චතුත්ථෙ – පාදපීඨං නාම ධොතපාදට්ඨපනකං. පාදකඨලිකා නාම අධොතපාදට්ඨපනකං . අනඤ්ඤාය ගණස්ස ඡන්දන්ති තස්සෙව කාරකගණස්ස ඡන්දං අජානිත්වා. වත්තෙ වත්තන්තින්ති තෙචත්තාලීසප්පභෙදෙ නෙත්ථාරවත්තෙ වත්තමානං. සෙසං උත්තානමෙව.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි - “පාදපීඨං” සේදූ පා තබන දඬුකඩ “පාදකඨලිකං” නොසේදූ පා තබන දඬුකඩ. “අනඤ්ඤාය ගණස්ස ඡන්දං” එම උත්ක්ෂෙපණීයකර්මකාරක ගණයාගේ ඡන්දය නොදැන. “වත්තෙ වත්තන්ති” තෙතාළිස් ප්‍රභෙද වූ එතෙරවීමට හෙතුවූ වතෙහි පවතින්නිය. සෙස්ස ප්‍රකටමය.
ධුරනික්ඛෙපසමුට්ඨානං – කායවාචාචිත්තතො සමුට්ඨාති, කිරියාකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං , ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. කායවාචාචිත්යෙන් හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
චතුත්ථසික්ඛාපදං.
සිවුවන ශික්‍ෂාපදයයි
පඤ්චමසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
පඤ්චම සඞ්ඝාදිශේෂය වර්ණනාව
පඤ්චමෙ – එකතො අවස්සුතෙති එත්ථ “භික්ඛුනියා අවස්සුතභාවො දට්ඨබ්බො”ති මහාපච්චරියං වුත්තං. මහාඅට්ඨකථායං පනෙතං න වුත්තං, තං පාළියා සමෙති. සෙසං උත්තානමෙව.
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “එකතො අවස්සුතෙ” මෙහි ‘මෙහෙණගේ මෛථුන රාගයෙන් තෙත්බව දතයුතුයයි මහාපච්චරියෙහි කියන ලදී. මහාර්‍ත්‍ථකථාවෙහි මෙය නොකියන ලදී. නියමකොට ඒ නොකීම පෙළ හා සමවේ. සෙස්ස ප්‍රකටමය.
පඨමපාරාජිකසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, අකුසලචිත්තං, ද්විවෙදනන්ති.
ප්‍රථම පාරාජික සමුත්ථානික වේ. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
පඤ්චමසික්ඛාපදං.
පස්වන ශික්‍ෂාපදයයි
ඡට්ඨසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
ෂෂ්ඨ සඞ්ඝාදිශේෂය වර්ණනාව
ඡට්ඨෙ – යතො ත්වන්ති යස්මා ත්වං. උය්යොජෙති ආපත්ති දුක්කටස්සාතිආදිකා සඞ්ඝාදිසෙසපරියොසානා ආපත්තියො කස්සා හොන්තීති? උය්යොජිකාය. වුත්තඤ්චෙතං පරිවාරෙපි –
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “යතො ත්වං” යම්හෙයකින් තී “උය්යොජෙති ආපත්ති දුක්කටස්ස” යනාදී වූ සඞ්ඝාදිසෙසය කෙළවරකොට ඇති ඇවැත්හු කවරියක්හට වෙත්ද, යත්: කියූ ලෙසින් නියොග කරණ මෙහෙණට වෙත්.
“න දෙති න පටිග්ගණ්හාති, පටිග්ගහො තෙන න විජ්ජති; ආපජ්ජති ගරුකං න ලහුකං, තඤ්ච පරිභොගපච්චයා; පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”ති. (පරි· 481);
“න දෙති න පතිගණ්හාති පටිග්ගහො තෙන න විජ්ජති, ආපජ්ජති ගරුකං න ලහුකං තඤ්ච පරිභොග පච්චයා පඤ්හා මෙසා කුසලෙහි චිත්තිතා”
‘නියෝග කරන්නිය නොදෙයි. ඕ අතින් නොපිළිගනියි. ඒ කරුණෙන් නියෝග කරන්නියගේ අතින් පිළිගැන්මෙක් නැත්තේය. මෙසේ ඇති කල්හි මෙවුන් රායෙන් තෙත්වූවහුගේ අතින් පිණ්ඩය ගැනීම නිමිතිකොට නියෝග කරන්නිය. සඞ්ඝාදිසෙසයට පැමිණේ. ලහුකාපත්තියට නොපැමිණේ. එද පරිභොගය ප්‍රත්‍යය කොටය. මේ ප්රශ්නය නුවණැතියන් විසින් සිතිය යුතුයයි මෙය පරිවාරයෙහි කියනලදී.
අයඤ්හි ගාථා ඉමං උය්යොජිකං සන්ධාය වුත්තා. ඉතරිස්සා පන ආපත්තිභෙදො පඨමසික්ඛාපදෙ විභත්තොති. සෙසං උත්තානමෙව.
මේ ගාථාව නියෝග කරන්නිය සඳහා කියනලදී. නියෝග ලත් අනික් මෙහෙණගේ ආපත්තිභෙදය ප්‍රථම ශික්‍ෂාපදයෙහි බෙදන ලද්දේය. සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, තිවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.
ඡට්ඨසික්ඛාපදං.
සවන ශික්‍ෂාපදයයි
සත්තමසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
සප්තම සඞ්ඝාදිශේෂය වර්ණනාව
සත්තමෙ – යාවතතියකපදත්ථො මහාවිභඞ්ගෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. සෙසං උත්තානමෙවාති.
සප්තම ශික්‍ෂාපදයෙහි - යාවතතියකපදාර්ත්ථය මහාවිභඞ්ගයෙහි කියූනයින්ම දතයුතුය. සෙස්ස ප්‍රකටමය.
සමනුභාසනසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
සමනුභාසනසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි
සත්තමසික්ඛාපදං.
සත්වන ශික්‍ෂාපදයයි
අට්ඨමසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
අෂ්ටම සඞ්ඝාදිශේෂය වර්ණනාව
අට්ඨමෙ – කිස්මිඤ්චිදෙව අධිකරණෙති චතුන්නං අඤ්ඤතරස්මිං. පදභාජනෙ පන කෙවලං අධිකරණවිභාගං දස්සෙතුං “අධිකරණං නාම චත්තාරි අධිකරණානී”තිආදි වුත්තං. සෙසං උත්තානමෙව සද්ධිං සමුට්ඨානාදීහීති.
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “කිස්මිඤ්චිදෙව අධිකරණෙ” සතර අධිකරණයන් අතුරෙහි එක්තරා එකෙක. පදභාජනයෙහි වනාහි හුදෙක් අධිකරණවිභාගය දක්වනු පිණිස “අධිකරණං නාම චත්තාරි අධිකරණානි” යනාදිය වදාරණ ලදී. සමුත්‍ථානාදිය සමග සෙස්ස ප්‍රකටමය.
අට්ඨමසික්ඛාපදං.
අටවැනි ශික්‍ෂාපදයයි
නවමසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
නවම සඞ්ඝාදිශේෂය වර්ණනාව
නවමෙ – සංසට්ඨාති මිස්සීභූතා. අනනුලොමිකෙනාති පබ්බජිතානං අනනුලොමෙන කායිකවාචසිකෙන. සංසට්ඨාති ගිහීනං කොට්ටනපචනගන්ධපිසනමාලාගන්ථනාදිනා කායිකෙන සාසනපටිසාසනාහරණසඤ්චරිත්තාදිනා වාචසිකෙන ච සංසට්ඨා. පාපො කිත්තිසද්දො එතාසන්ති පාපසද්දා . පාපො ආජීවසඞ්ඛාතො සිලොකො එතාසන්ති පාපසිලොකා. සෙසං උත්තානමෙව සද්ධිං සමුට්ඨානාදීහීති.
නවම ශික්‍ෂාපදයෙහි - “සංසට්ඨා” මිශ්‍ර වූවාහු. “අනනුලොමිකෙන” පැවිද්දන්ට අනුලොම් නොවූ. “කායිකවාචසිකෙන සංසට්ඨා” ගිහියන්ගේ කෙටීම් පිසීම් සුවඳ ඇඹරීම් මල්දම් ගෙතීම් ආදීවූ කායික ක්‍රියාවෙන්ද, හසුන් ගෙන යෑම පෙරළා ගෙණ ඊමැයි කියනලද වාචසික ක්‍රියාවෙන්ද මිශ්‍රවූවාහු. ලාමක කීර්තිශබ්දය මේ මෙහෙණන්ගේනුයි පාපසද්ද නම්හ. ලාමක වූ ආජීවසඞ්ඛ්යාත කීර්තිය මේ මෙහෙණන්ගේනුයි පාපසිලොකා නම්හ. සමුත්‍ථානාදිය සමග සෙස්ස ප්රකටයමය.
නවමසික්ඛාපදං.
නවවන ශික්‍ෂාපදයයි
දසමසඞ්ඝාදිසෙසසික්ඛාපදවණ්ණනා
දශම සඞ්ඝාදිශේෂය වර්ණනාව
දසමෙ – එවාචාරාති එවංආචාරා. යාදිසො තුම්හාකං ආචාරො, තාදිසා ආචාරාති අත්ථො. එස නයො සබ්බත්ථ. උඤ්ඤායාති අවඤ්ඤාය නීචං කත්වා ජානනාය. පරිභවෙනාති කිං ඉමා කරිස්සන්තීති එවං පරිභවිත්වා ජානනෙන. අක්ඛන්තියාති අසහනතාය; කොධෙනාති අත්ථො. වෙභස්සියාති බලවභස්සභාවෙන; අත්තනො බලප්පකාසනෙන සමුත්රාසනෙනාති අත්ථො. දුබ්බල්යාති තුම්හාකං දුබ්බලභාවෙන. සබ්බත්ථ උඤ්ඤාය ච පරිභවෙන චාති එවං සමුච්චයත්ථො දට්ඨබ්බො. විවිච්චථාති විනා හොථ. සෙසං උත්තානමෙව සද්ධිං සමුට්ඨානාදීහීති.
දශම ශික්‍ෂාපදයෙහි “එවාචාරා” මෙබඳු ආචාර ඇත්තාහු. තොපගේ ආචාරය යම්බඳුද, එබඳු ආචාර ඇත්තාහුය යන අර්‍ත්‍ථයි. සියලු තන්හි මෙම නයවේ. “උඤ්ඤාය” අවඥායෙන් පහත්කොට දැනීම පිණිස. “පරිභවෙන” මේ මෙහෙණෝ කුමක් කරන්නාහුදැ’යි මෙසේ පරිභවකොට දැනීමෙන්. “අක්ඛන්තියා” නොඉවසන බැවින් කොපයෙන් යන අර්‍ත්‍ථයි. “වෙභස්සා” බලවත් කථා ඇතිබැවින්. තමන්ගේ බලය පවසන තැති ගැන්වීමෙන් යන අර්‍ත්‍ථයි. “දුබ්බල්‍යා” තොපගේ දුර්වලභාවයෙන්. සියලු තන්හි අවඥායෙන්, පරිභවයෙන්යි මෙසේ සමුච්චයාර්ත්ථය දතයුත්තේය. “විචිච්චථ” වෙන්වුව මැනැවැ. සමුත්‍ථානාදීන් සමග සෙස්ස ප්‍රකටමය.
දසමසික්ඛාපදං.
දසවන ශික්‍ෂාපදයයි.
උද්දිට්ඨා ඛො අය්යායො සත්තරස සඞ්ඝාදිසෙසාති එත්ථ ඡන්නං පඨමාපත්තිකානං අනන්තරා සඤ්චරිත්තං, ද්වෙ දුට්ඨදොසාති ඉමානි තීණි සික්ඛාපදානි මහාවිභඞ්ගතො පක්ඛිපිත්වා නව පඨමාපත්තිකා, චතුන්නං යාවතතියකානං අනන්තරා මහාවිභඞ්ගතොපි චත්තාරො යාවතතියකෙ පක්ඛිපිත්වා අට්ඨ යාවතතියකා වෙදිතබ්බා. එවං සබ්බෙපි පාතිමොක්ඛුද්දෙසමග්ගෙන උද්දිට්ඨා ඛො අය්යායො සත්තරස සඞ්ඝාදිසෙසා ධම්මාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. සෙසං උත්තානමෙව අඤ්ඤත්ර පක්ඛමානත්තා. තං පන ඛන්ධකෙ විත්ථාරෙන වණ්ණයිස්සාමාති.
“උද්දිට්ඨා ඛො අය්යායො සත්තරස සඞ්ඝාදිස්සො” මෙහි සවැදෑරුම් වූ ප්රථමාපත්තීන්ට අනතුරුව සඤ්චරිත්ත ශික්‍ෂාපදයද දුෂ්ටදොෂ ශික්ෂාපද දෙකද යන මේ ත්‍රිවිධ ශික්ෂාපදයෝ මහා විභඞ්ගයෙන් ගෙණ බහා ප්රථමාපත්තික නවයද, සිවුවැදෑරුම් වූ යාවත්තියකාපත්තීන්ට අනතුරුව මහාවිභඞ්ගයෙන්ම ගෙණ සිවුවැදෑරුම් යාවතතියක ශික්ෂාවන් බහා යාවතතියක ශික්ෂාපද අටද දතයුතුය. මෙසේ සියලුම ශික්ෂාපදයෝ ප්රාතිමොක්ෂාද්දෙශ මාර්ගයෙන් ‘උද්දිටඨා ඛො අය්යායො සත්තරස සඞ්ඝාදිසෙසා ධම්මා’යි මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය. පක්‍ෂමානත්තය හැර සෙස්ස ප්‍රකටමය. ඒ පක්‍ෂමානත්තය වනාහි ඛන්ධකයෙහි විස්තර වශයෙන් වර්ණනා කරන්නෙමු.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය භික්ඛුනීවිභඞ්ගෙ සත්තරසකවණ්ණනා නිට්ඨිතා.
විනයවිවෘති නම්වූ සිංහල සමන්තපාසාදිකාවෙහි භික්ෂුණී විභඞ්ගයෙහි සප්තරසක සංඝාදිසෙස වර්ණනාව නිමි
සඞ්ඝාදිසෙසකණ්ඩං නිට්ඨිතං.