අට්ඨමසඞ්ඝාදිසෙසසො
2. 8.
2. 8.
අට්ඨමසඞ්ඝාදිසෙසසො
අෂ්ටම සඞ්ඝාදිශේෂය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන චණ්ඩකාලී භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙති: ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො, මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියොති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්ෂුණී තොමෝ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා මෙසේ කියයි, “භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ. භික්ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ භික්ෂුණීහු භයයෙනුදු අගතියට ගියාහු යැ” යි.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා චණ්ඩකාළී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වක්ඛති “ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියොති -පෙ- සච්චං කිර භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙති: ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියො”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වක්ඛති: “ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියො”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා චණ්ඩකාළී තොමෝ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්ෂුණීහු භයයෙනුදු අගතියට ගියාහු යැ මෙසේ කිවු ද? ... සැබෑ ද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන්වූවා භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියා ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙය්ය: “ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියො”ති සා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: මාය්යෙ කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච, ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියො”ති අය්යා ඛො ඡන්දාපි ගච්ඡෙය්ය දොසාපි ගච්ඡෙය්ය මොහාපි ගච්ඡෙය්ය භයාපි ගච්ඡෙය්යාති. එවඤ්ච සා භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය, සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා, තස්ස පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජෙය්ය අයම්පි භික්ඛුනී යාවතතියකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
“යම් මෙහෙණක් කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියා නම් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කියයුතු වන්නී යැ, ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ. ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නී යැ, මෝහයෙනුදු අගතියට යන්නී යැ, භයෙනුදු අගතියට යන්නී යැ යි. මෙසේත් ඒ මෙහෙණ මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩි වැ ගත්තී නම් එ මෙහෙණ මෙහෙණන් විසින් ඒ වස්තුව දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්ම කළ යුත්තී යැ, ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණ කර්ම කරනු ලබන්නී ඒ වස්තුව දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් මේ මෙහෙණ ද තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ, ය යි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
කිස්මිඤ්චිදෙව අධිකරණෙති: අධිකරණං නාම චත්තාරි අධිකරණානි: විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං.
කිස්මිඤ්චිදේව අධිකරණෙ: අධිකරණ නම් විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණයැ යි සතර අධිකරණයෙකි.
පච්චාකතා නාම: පරාජිතා වුච්චති.
පච්චාකතා නම්: පැරැදගියා කියනු ලැබේ.
කුපිතා අනත්තමනාති: අනභිරද්ධා ආහතචිත්තා ඛිලජාතා.
කුපිතා අනත්තමනා: නො ඇලුණී හැපුණු සිත් ඇත්තී හටගත් (පිළිසූ) හුල්ඇත්තී,
එවං වදෙය්යාති: ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියොති.
එවං වදෙය්ය: භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි.
සා භික්ඛුනීති: යා සා එවං වාදිනී භික්ඛුනී.
සා භික්ඛුනී: යමක් මෙසේ කියනු සුළු නම් ඒ මෙහෙණ යැ.
භික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි. යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා, “මාය්යෙ කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච, ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියො”ති. අය්යා ඛො ඡන්දාපි ගච්ඡෙය්ය දොසාපි ගච්ඡෙය්ය මොහාපි ගච්ඡෙය්ය භයාපි ගච්ඡෙය්යාති: දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා, “මාය්යෙ කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච, ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියො”ති. අය්යා ඛො ඡන්දාපි ගච්ඡෙය්ය -පෙ- භයාපි ගච්ඡෙය්යාති. දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං: නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා. ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නී යැ, මෝහයෙනුදු අගතියට යන්නී යැ, භයෙනුදු අගතියට යන්නී යැ” යි කිය යුත්තී යැ. දෙවනවට දු කියයුත්තී යැ ... තෙවනවට දු කියයුත්තී ය ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි, අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟමැදට දු ඇද කියයුත්තී යැ, “ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ... භයෙනුදු අගතියට යන්නීයැ” යි. දෙවනවට දු කියයුත්තී යැ ... තෙවනවට දු කියයුත්තී යැ ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණ කර්ම කළයුත්තී යැ, මෙසේ ද මහණෙනි; සමනුභාෂණ කර්ම කළයුත්තී යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
“සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙති ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියොති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය එසා ඤත්ති.
“ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්ම කරන්නේ යැ, මේ ඥප්ති යි.
සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙති ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියොති සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා, තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස යස්සා නක්ඛමති සා භාසෙය්ය දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා “භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ” යි මෙසේ කියයි, ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, සඞ්ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණහට සමනුභාෂණ කර්ම කරයි. ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්මය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... සඞ්ඝයා විසින් ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණ සමනුභාෂණ කර්ම කරන ලද්දී යැ, සඟනට රුස්නේ යැ, එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තියා ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
ඥප්තියෙන් දුකුළා යැ, දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වෙයි, සඟවෙසෙස් ඇවදියට ඥප්තියෙහි දුකුළා ද දෙකම්වදනෙහි තුලැසි ද සන්හිඳෙත්.
අයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
යාවතතියකන්ති: යාව තතියං සමනුභාසනාය ආපජ්ජති න සහවත්ථජ්ඣාචාරා.
යාවත්තියකං: තුන් යළ තෙක් සමනුභාෂණයෙන් පැමිණෙයි, වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ නො වේ.
නිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
නිස්සාරණීයං: ... සඟහු කෙරෙන් නෙරනු ලැබෙයි.
සඞ්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
ධර්ම කර්මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසමනුභාසන්තියා, පටිනිස්සජ්ජන්තියා, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති .
සමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අට්ඨමසඞ්ඝාදිසෙසො.
අෂ්ටම සඞ්ඝාදිශේෂ යි.