සත්තමසඞ්ඝාදිසෙසො
2. 7.
2. 7.
සත්තමසඞ්ඝාදිසෙසො
සප්තම සඞ්ඝාදිශේෂය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී භික්ඛුනී භික්ඛුනීහි සද්ධිං භණ්ඩිත්වා කුපිතා අනත්තමනා එවං වදෙති බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්ෂුණී තොමෝ මෙහෙණන් සමග ඩබර කොට කිපියා නො සියමන් (සතුටු) වූවා මෙසේ කියයි “බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම, මෙ මැ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ගේ හමුවෙහි බඹසර වෙසෙමැ” යි.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම අය්යා චණ්ඩකාළී1 කුපිතා අනත්තමනා එවං වක්ඛති” බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වදෙති: බුද්ධං පච්චක්ඛාමි -පෙ- කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වක්ඛති බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා චණ්ඩකාළී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම, මේ මැ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ගේ හමුවෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කිවුදැ” යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී භික්ෂුණී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි ... කිම, මේ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ම හමුවෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කියා ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී භික්ෂුණී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි. කිම මේ ශාක්‍ය දුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුවෙහි බඹසර වෙසෙ මැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වදෙය්ය බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. සා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: “මාය්යෙ කුපිතා අනත්තමනා එවං අවච, බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමී”ති. අභිරමය්යෙ ස්වාක්ඛාතො ධම්මො චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති. එවඤ්ච සා භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා, තස්ස පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජෙය්ය අයම්පි භික්ඛුනී යාවතතියකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙස”න්ති.
“යම් මෙහෙණක් තොමෝ කිපියා නො සතුටු වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි’ කිම ශාක්‍ය දුහිතෘ වූ මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කියා නම් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කිය යුතු වන්නී යැ, “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ ද ?ලජ්ජා ඇති කුකුස් ඇති මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැයි නහමක් කියන්නැ. ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්මය ස්වාඛ්‍යාත යැ මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර වස”යි. මෙසේත් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩි වැ ගනී නම් එ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් ඒ දෘෂ්ටිය දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්ම කළයුත්තී යැ, ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණ කර්ම කරනු ලබන්නී එය දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් මේ මෙහෙණ ද තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” ය යි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
කුපිතා අනත්තමනාති: අනභිරද්ධා ආහතචිත්තා ඛිලජාතා.
කුපිතා අනත්තමනා: නො ඇලුණී හැපුණු සිත් ඇත්තී හටගත් (පිළිඝු) හුල් ඇත්තී;
එවං වදෙය්යාති: බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චාචික්ඛාමි. කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති.
එවං වදෙය්ය: බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැ යි.
සා භික්ඛුනීති: යා සා එවං වාදිනී භික්ඛුනී.
සා භික්ඛුනී: යමක් මෙසේ කියනු සුළු නම් ඒ මෙහෙණ යැ.
භික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා: “මාය්යෙ කුපිතා අනත්තමනා එවං අවච, බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමී”ති. අභිරමය්යෙ ස්වාක්ඛාතො ධම්මො චර බ්රහ්මචරියං සම්මාදුක්ඛස්ස අන්තකිරියායා”ති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා - සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා: “මාය්යෙ කුපිතා අනත්තමනා එවං අවච බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. අභිරමය්යෙ, ස්වාක්ඛාතො ධම්මො චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා, ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් මෙහෙණ කෙනෙක් වෙත් නම් මෙහෙණ මොවුහු මැ ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ මෙහෙණහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්මය ස්වාඛ්‍යාත යැ. මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කරව” යි කිය යුත්තී ය, දෙවනවටදු කිය යුත්තී යැ තෙවනවට දු කියයුත්තී ය, ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟමැදට දු ඇද කියැ යුතු යැ. “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් මෙහෙණ කෙනෙක් වෙත් නම් මෙහෙණ මොවුහු මැ ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ මෙහෙණහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්මය ස්වාඛ්‍යාත යැ, මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කරව” යි. දෙවනවටදු කිය යුතු යැ ... තෙවනවට දු කිය යුත්තී ය, ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, මෙසේ ද වනාහි මහණෙනි, සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
5. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වදෙති. බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, එසා ඤත්ති.
5. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් ශ්රමණී කෙනෙක් වෙත් නම් ශ්‍රමණීහු මොවුහු ම ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් ඒ වස්තුව සඞ්ඝ තෙමේ දුරැලීම පිණිස මෙ නම් ඇති මෙහෙණහට සමනුභාෂණකර්‍ම කරන්නේ යැ, මේ ඥප්තිය යි.
6. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමා භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වදෙති. බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා, සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති. සංඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
6. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වු යම් ශ්රමණී කෙනෙක් වෙත් නම් ශ්‍රමණීහු මොවුහු ම ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන්ගේ හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, සඞ්ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්ම කරයි, ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්මය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ වි නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... සඞ්ඝයා විසින් ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණ තොමෝ සමනුභාෂණ කර්ම කරන ලද්දී යැ. සඟනට රුස්නේ යැ, එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි යි.
7. ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තියා ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
7. ඥප්තියෙන් දුකුළා යැ, දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වෙයි, සඟවෙසෙසටැ පැමිණියාට ඥප්තියෙහි දුකුළා ද, දෙකම් වදනෙහි තුලැසි ද සන්හිඳෙයි.
8. අයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
8. අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
යාවතතියකන්ති: යාවතතියං සමනුභාසනාය ආපජ්ජති. න සහවත්ථජ්ඣාචාරා.
යාවතතියකං: තුන් යළ තෙක් සමනුභාෂණයෙන් පැමිණෙයි. වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ නො වේ.
නිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසමනුභාසන්තියා, පටිනිස්සජ්ජන්තියා, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
සමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
සත්තමසඞ්ඝාදිසෙසො.
සප්තම සඞ්ඝාදිශේෂ යි.