නිස්සග්ගියකණ්ඩං අට්ඨකථා
3. නිසඟිපචිති
පඨමනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
පළමු සිකපද වර්ණනාව
තිංස නිස්සග්ගියා ධම්මා, භික්ඛුනීනං පකාසිතා; යෙ තෙසං දානි භවති, අයං සංවණ්ණනාක්කමො.
“තිංස නිස්සග්ගියා ධම්මා - භික්ඛුණීනං පකාසිතා, යෙ තෙසංදානි භවති - අයං සංවණ්ණනාක්කමො”
මෙහෙණන්හට යම් තිංස නිස්සග්ගියපාචිත්තීහු කෙනෙක් වදාරණ ලද්දාහුද දැන් ඒ පාචිත්තියාපත්තීන්ගේ මේ සංවර්ණනා ක්‍රමය වේ.
ආමත්තිකාපණන්ති අමත්තානි වුච්චන්ති භාජනානි; තානි යෙ වික්කිණන්ති, තෙ වුච්චන්ති ආමත්තිකා; තෙසං ආපණො ආමත්තිකාපණො; තං වා පසාරෙස්සන්තීති අත්ථො.
“ආත්තිකාපණං” බඳුන් අමත්තයි කියනු ලැබේ. ඒ බඳුන් යම් කෙනෙක් විකුණත්ද, ඔවුහු ආමත්තිකයි කියනු ලැබෙත්. ඔවුන්ගේ ආපණය තෙමේ ආමත්තිකාපණ නම්. එය හෝ පැතිරීම කරන්නාහුය යන අර්‍ත්‍ථයි.
පත්තසන්නිචයං කරෙය්යාති පත්තසන්නිධිං කරෙය්ය; එකාහං අනධිට්ඨහිත්වා වා අවිකප්පෙත්වා වා පත්තං ඨපෙය්යාති අත්ථො. සෙසං මහාවිභඞ්ගෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. අයමෙව හි විසෙසො – තත්ථ දසාහං පරිහාරො, ඉධ එකාහම්පි නත්ථි. සෙසං තාදිසමෙව.
“පත්තසන්නිචයං කරෙය්ය” පාත්‍රය තැන්පත් කිරීම කරන්නේය. නොඉටා හෝ විකපනය නොකොට හෝ පාත්‍රය එක්දවසක් තබන්නේ නම් යන අර්‍ත්‍ථයි. සෙස්ස මහාවිභඞ්ගයෙහි කියූනයින්ම දතයුතුය. මේ ම මෙහි විශෙෂය වේ. ඒ මහාවිභඞ්ගයෙහි දසදවසක් පරිහාරය වේ. මේ ශික්‍ෂාපදයෙහිලා එක් දවසකුදු පරිහාරයෙක් නැත්තේය. සෙස්ස එබඳුම වේ.
ඉදම්පි කථිනසමුට්ඨානං – කායවාචතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, අකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
මෙද කඨිනසමුත්ථානික වේ. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගණියි. අකි්රයසමුත්ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පඨමසික්ඛාපදං.
පළමුවන ශික්‍ෂාපදයයි
දුතියනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
දෙවැනි සිකපද වර්ණනාව
දුතියෙ – දුච්චොළාති විරූපචොළා; ජිණ්ණචොළාති අත්ථො. අපය්යාහීති අපි අය්යාහි.
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “දුච්චොලා” විරූප වස්ත්‍ර ඇතිව. දිරාගිය වත්ඇතිව යන අර්‍ත්‍ථයි. “අපය්යාහි” අපි අය්යාහි කිම, ආර්ය්යාවන් විසින්.
ආදිස්ස දින්නන්ති සම්පත්තා භාජෙන්තූති වත්වාපි ඉදං ගණස්ස ඉදං තුම්හාකං දම්මීති වත්වා වා දාතුකම්යතාය පාදමූලෙ ඨපෙත්වා වා දින්නම්පි ආදිස්ස දින්නං නාම හොති. එතං සබ්බම්පි අකාලචීවරං. අය්යාය දම්මීති එවං පටිලද්ධං පන යථාදානෙයෙව උපනෙතබ්බං. සෙසං උත්තානමෙව.
“ආදිස්ස දින්නං” පැමිණියෝ බෙදාගණිත්වායි කියාද, මේ සිවුර ගණයාහට, මේ සිවුර තොපට දෙමි’යි කියාද, දෙනු කැමැති බැවින් පාමුල තබා හෝ දෙන ලද්දේ ද, උදෙසා දෙන ලද්දේ නම් වේ. මේ සියල්ලම අකාල චීවරයි. “අය්යාය දම්මි” මෙසේ පිළිලද සිවුරක් යථාස්ථානයෙහිම එළවිය යුතුය. සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, තිවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. ත්රිවෙදනය.
දුතියසික්ඛාපදං.
දෙවන ශික්‍ෂාපදයයි.
තතියනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
තෙවන සිකපද වර්ණනාව
තතියෙ – හන්දාති ගණ්හ. සයං අච්ඡින්දතීති එකං දත්වා එකං අච්ඡින්දන්තියා එකං නිස්සග්ගියං, බහූසු බහූනි. සචෙ සංහරිත්වා ඨපිතානි එකතො අච්ඡින්දති, වත්ථුගණනාය ආපත්තියො. බන්ධිත්වා ඨපිතෙසු පන එකාව ආපත්ති. සෙසං උත්තානමෙව.
තෘතීය ශික්‍ෂාපදයෙහි - “හන්ද” ගණුව “සයං අච්ඡින්දති” එක් සිවුරක් දී එක් සිවුරක් පැහැර ගන්නියට එක් නිසගියෙක් වේ. බොහෝ පැහැර ගත්කල්හි බොහෝ නිසගීහු වෙත්. ඉදින් අකුලා තබන සිවුරු එකටම පැහැර ගණිත්ද, වස්තු ගණනින් ඇවැත් වේ. බැඳ තැබූ චීවරයන්හි එක්ම ඇවැතක් වේ. සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තතියසික්ඛාපදං.
තෙවන ශික්‍ෂාපදයයි.
චතුත්ථනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
සතරවන සිකපද වර්ණනාව
චතුත්ථෙ – කයෙනාති මූලෙන. න මෙ ආවුසො සප්පිනා අත්ථො; තෙලෙන මෙ අත්ථොති ඉදං කිර සා ආහටසප්පිං දත්වා තෙලම්පි ආහරිස්සතීති මඤ්ඤමානා ආහ. විඤ්ඤාපෙත්වාති ජානාපෙත්වා; ඉදං නාම ආහරාති යාචිත්වා වා.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි - “කයෙන” මිලයෙන් “න මෙ ආවුසො සප්පිනා අත්ථො තෙලෙන මෙ අත්ථො” මේ වනාහි ඕ තොමේ ගෙණ එනලද ගිතෙල් දී තෙල්ද ගෙන එන්නෙමි’යි සිතන්නී මෙසේ කිවූය. “විඤ්ඤාපෙත්වා” දන්වා ‘මෙනම් දෙය ගෙණ එව’යි ඉල්වා හෝ,
තඤ්ඤෙව විඤ්ඤාපෙතීති යං පඨමං විඤ්ඤත්තං තං ථොකං නප්පහොති, තස්මා පුන තඤ්ඤෙව විඤ්ඤාපෙතීති අත්ථො. අඤ්ඤඤ්ච විඤ්ඤාපෙතීති සචෙ පඨමං සප්පිවිඤ්ඤත්තං, යමකං පචිතබ්බන්ති ච වෙජ්ජෙන වුත්තත්තා තෙලෙන අත්ථො හොති, තතො තෙලෙනාපි මෙ අත්ථොති එවං අඤ්ඤඤ්ච විඤ්ඤාපෙති. ආනිසංසං දස්සෙත්වාති සචෙ කහාපණස්ස සප්පි ආභතං හොති, ඉමිනා මූලෙන දිගුණං තෙලං ලබ්භති, තෙනාපි ච ඉදං කිච්චං නිප්ඵජ්ජති, තස්මා තෙලං ආහරාති එවං ආනිසංසං දස්සෙත්වා විඤ්ඤාපෙතීති. සෙසං උත්තානමෙව.
“තඤ්ඤෙව විඤ්ඤාපෙති” යමක් පළමුකොට විනවන ලද්දේද, එය ටිකවේද, නොපොහොනේද, එහෙයින් නැවත ඒ විනවූවක්ම විනවාය යන අර්‍ත්‍ථයි. “අඤ්ඤෙඤ්ච විඤ්ඤාපෙති” ඉදින් පළමු කොට ගිතෙල් විනවන ලද්දේද, ගිතෙල් හා තෙල් එක්කොට පිසියයුතු යයි වෙදහු විසින් කියූ බැවින් තෙලෙන් ප්‍රයොජන වේද, එහෙයින් තෙලෙන්ද මට ප්‍රයෝජනය’යි කහවණුවකින් ගිතෙල් ගෙනෙන ලද්දේ වේනම්, මේ මිලෙන් දෙගුණයක් තෙල් ලබයි. ඒ තෙලිනුදු මේ කිස නිපදීද, එහෙයින් තෙල් ගෙණ එව’යි මෙසේ අනුසස් දක්වා විනවයි. සෙස්ස ප්‍රකටමය.
ඡසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
චතුත්ථසික්ඛාපදං.
සිවුවන ශික්‍ෂාපදයයි.
පඤ්චමනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
පස්වන සිකපද වර්ණනාව
පඤ්චමෙ – න මෙ සික්ඛමානෙති ඉදං කිර සා කුලධීතා “අයං අද්ධා එවං වුත්තා ඉදං තෙලං ඨපෙත්වා සප්පිම්පි මෙ අත්තනො කුලඝරා ආහරිස්සතී”ති මඤ්ඤමානා ආහ. චෙතාපෙත්වාති ජානාපෙත්වා ඉච්චෙව අත්ථො. සෙසං සබ්බත්ථ චතුත්ථසදිසමෙවාති.
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “න මෙ සික්ඛමානෙ” මේ වනාහි ඒ ථුල්ලනන්දා කුල දුහිතෘ තොමෝ ඒකාන්තයෙන් මෙසේ කියූ මේ කුලුදු තොමෝ මේ තෙල් හැර ගිතෙල්ද මට තමන්ගේ කුලගෙයින් ගෙණෙන්නේයයි සිතමින් කිවූය. “චෙතාපෙත්වා” දන්වාය යන අර්‍ත්‍ථයි. සෙස්ස සියලු තන්හි සිවුවන ශික්ෂාපදය සමානමය.
පඤ්චමසික්ඛාපදං.
පස්වන ශික්‍ෂාපදයයි
ඡට්ඨනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
සවන සිකපද වර්ණනාව
ඡට්ඨෙ – ඡන්දකන්ති “ඉදං නාම ධම්මකිච්චං කරිස්සාම, යං සක්කොථ; තං දෙථා”ති එවං පරෙසං ඡන්දඤ්ච රුචිඤ්ච උප්පාදෙත්වා ගහිතපරික්ඛාරස්සෙතං අධිවචනං. අඤ්ඤදත්ථිකෙනාති අඤ්ඤස්සත්ථාය දින්නෙන. අඤ්ඤුද්දිසිකෙනාති අඤ්ඤං උද්දිසිත්වා දින්නෙන. සඞ්ඝිකෙනාති සඞ්ඝස්ස පරිච්චත්තෙන.
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “ඡන්දකං” මෙනම් දහම් කිස කරන්නෙමු, යමක් දෙන්නට හැක්කහුද, එය දෙවු’යි මෙසේ අන්හට ඡන්දයද රුචියද උපදවා ගත් පිරිකරට මේ නමෙකි. “අඤ්ඤදත්ථිකෙන” අනිකක්හට ප්‍රයොජනය පිණිස දෙනලද. “අඤ්ඤුද්දිස්සිකෙන” අනිකක්හු උදෙසා දෙනලද. “සඞ්ඝිකෙන” සඞ්ඝයා හට පරිත්‍යාග කරණලද.
සෙසකං උපනෙතීති යදත්ථාය දින්නො, තං චෙතාපෙත්වා අවසෙසං අඤ්ඤස්සත්ථාය උපනෙති. සාමිකෙ අපලොකෙත්වාති “තුම්හෙහි චීවරත්ථාය දින්නො, අම්හාකඤ්ච චීවරං අත්ථි, තෙලාදීහි පන අත්ථො”ති එවං ආපුච්ඡිත්වා උපනෙති. ආපදාසූති තථාරූපෙසු උපද්දවෙසු; භික්ඛුනියො විහාරං ඡඩ්ඩෙත්වා පක්කමන්ති, එවරූපාසු ආපදාසු යං වා තං වා චෙතාපෙතුං වට්ටති. සෙසං උත්තානමෙව.
“සෙසකං උපනෙති” යමක් පිණිස දෙන ලද්දේද. එය මිල කරවා සෙස්ස අනිකක්හු පිණිස එළවයි. “සාමිකෙ අපලොකෙත්වා” තොප විසින් සිවුරු පිණිස දෙන ලද්දේ ද, අපටද සිවුරු ඇත්තේය, තෙල් ආදියෙන් ප්‍රයෝජන ඇත්තේය’යි මෙසේ විචාරා එළවයි. “ආපදාසු” එබඳු උවදුරුවලදී මෙහෙණෝ වෙහෙර හැරදමා යෙත්ද, මෙබඳු ආපදාවන්හි. යම්බඳු වූවක් හෝ ප්රයොජනද එබඳු වූවක් පරිවර්තනය කරවන්නට වටියි. සෙස්ස ප්‍රකටමය.
ඡසමුට්ඨානං – කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
ඡට්ඨසික්ඛාපදං.
සවන ශික්‍ෂාපදයයි
සත්තමනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
සත්වන සිකපද වර්ණනාව
සත්තමෙ – සඤ්ඤාචිකෙනාති සයං යාචිතකෙන. එතදෙවෙත්ථ නානාකරණං. සෙසං ඡට්ඨසදිසමෙවාති.
සප්තම ශික්‍ෂාපදයෙහි - “සඤ්ඤාචිකෙන” තමන් විසින් ඉල්ලාගත් යමකින්. මෙපමණෙක්ම මෙහි වෙනසය. සෙස්ස සවන ශික්ෂාපදය සමානම වේ.
සත්තමසික්ඛාපදං.
සත්වන ශික්‍ෂාපදයයි
අට්ඨමනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
අටවන සිකපද වර්ණනාව
අට්ඨමෙ – මහාජනිකෙනාති ගණස්ස පරිච්චත්තෙන. එතදෙවෙත්ථ නානාකරණං.
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “මහාජනිකෙන” ගණයකට පරිත්‍යාග කරණ ලද්දෙන්, මෙපමණෙක්ම මෙහි වෙනස්ය.
අට්ඨමසික්ඛාපදං.
අටවන ශික්‍ෂාපදයයි
නවමනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
නවවන සිකපද වර්ණනාව
නවමසික්ඛාපදෙ – සඤ්ඤාචිකෙනාති ඉදං පදං ඉතො අධිකතරං.
නවම ශික්‍ෂාපදයෙහි - ‘සඤ්ඤාචිකෙන’ මේ පදය මෙයින් ඉතා අධික වේ.
නවමසික්ඛාපදං.
නවවන ශික්‍ෂාපදයයි
දසමනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
දසවන සිකපද වර්ණනාව
දසමෙ – පරිවෙණං උන්ද්රියතීති පරිවෙණං විනස්සති; පරිපතතීති අත්ථො. ඉදඤ්ච පදං පුග්ගලිකෙන සඤ්ඤාචිකෙනාති ඉදඤ්ච එත්තකමෙව නානාකරණං. සෙසං පුබ්බසදිසමෙවාති.
දශම ශික්‍ෂාපදයෙහි - “පරිවෙණං උද්රියති” පිරිවෙණ වැනසෙන්නේය. ඇද වැටේය යන අර්‍ත්‍ථයි. ‘පරිපතති’ යන මේ පදයද ‘පුග්ගලිකෙ සඤ්ඤාචිකෙන’ යන මේ පදයද මෙපමණෙක්ම වෙනසය. සෙස්ස පූර්වය හා සමානම වේ.
දසමසික්ඛාපදං.
දසවන ශික්‍ෂාපදයයි
එකාදසමනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදසමෙ – ගරුපාවුරණන්ති සීතකාලෙ පාවුරණං. චතුක්කංසපරමන්ති එත්ථ කංසො නාම චතුක්කහාපණිකො හොති; තස්මා පදභාජනෙ “සොළසකහාපණග්ඝනක”න්ති වුත්තං.
එකාදශම ශික්‍ෂාපදයෙහි - “ගරුපාපුරාණං” සීතකාලයෙහි පොරෝණය. “චතුක්කංසපරමං” මෙහි කංස නම් සතරකහවණු පමණවේ. එහෙයින් පදභාජනයෙහි “සොළසකහාපණග්ඝනකං” සොළොස් කහවණු අගනු එකකැ වදාරණ ලදී
එකාදසමසික්ඛාපදං.
එකොළොස්වන ශික්‍ෂාපදයයි.
ද්වාදසමනිස්සග්ගියපාචිත්තියසික්ඛාපදවණ්ණනා
දොළොස්වන සිකපද වර්ණනාව
ද්වාදසමෙ – ලහුපාවුරණන්ති උණ්හකාලෙ පාවුරණං. සෙසං සික්ඛාපදද්වයෙපි උත්තානමෙව.
ද්වාදශම ශික්‍ෂාපදයෙහි - ‘ලහුපාපුරණං’ උෂ්ණ කාලයෙහි පොරෝණය ශික්ෂාපද දෙක්හිම සෙස්ස ප්‍රකටමය.
ඡසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
ද්වාදසමසික්ඛාපදං.
දොළොස්වන ශික්‍ෂාපදයයි.
උද්දිට්ඨා ඛො අය්යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මාති එත්ථ මහාවිභඞ්ගෙ චීවරවග්ගතො ධොවනඤ්ච පටිග්ගහණඤ්චාති ද්වෙ සික්ඛාපදානි අපනෙත්වා අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජිතසික්ඛාපදෙන ච පරිවත්තෙත්වා අච්ඡින්නචීවරෙන ච පඨමවග්ගො පූරෙතබ්බො. පුන එළකලොමවග්ගස්ස ආදිතො සත්ත සික්ඛාපදානි අපනෙත්වා සත්ත අඤ්ඤදත්ථිකානි පක්ඛිපිත්වා දුතියවග්ගො පූරෙතබ්බො. තතියවග්ගතො පඨමපත්තං වස්සිකසාටිකං ආරඤ්ඤකසික්ඛාපදන්ති ඉමානි තීණි අපනෙත්වා පත්තසන්නිචයගරුපාවුරණලහුපාවුරණසික්ඛාපදෙහි තතියවග්ගො පූරෙතබ්බො. ඉති භික්ඛුනීනං ද්වාදස සික්ඛාපදානි එකතොපඤ්ඤත්තානි, අට්ඨාරස උභතොපඤ්ඤත්තානීති එවං සබ්බෙපි පාතිමොක්ඛුද්දෙසමග්ගෙන “උද්දිට්ඨා ඛො අය්යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා”ති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. සෙසං වුත්තනයමෙවාති.
“උද්දිට්ඨා ඛො අය්යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා” මෙහි මහාවිභඞ්ගයෙහි චීවර වර්ගයෙන් ධොවන ශික්‍ෂාපදයද, ප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදයද යන ශික්ෂාපද දෙක බැහැරකොට අකාලචීවරය කාලචීවරයයි ඉටා බෙදනලද ශික්ෂාපදය හා ද පෙරළා අච්ඡින්නචීවර ශික්ෂාපදය සමග ප්‍රථම වර්ගය පිරවිය යුතුය. නැවැත එළකලොම වර්ගයාගේ ආදියෙහි ශික්ෂාපද සතක් බැහැරකොට අඤ්ඤදත්ථික ශික්ෂාපද සත බහා ද්විතීය වර්ගය පිරවිය යුතුය. තෘතීය වර්ගයෙන් පඨමපත්ත ශික්ෂාපදය වස්සිකසාටික ශික්ෂාපදය ආරඤ්ඤක ශික්ෂාපදය යන මේ තුන බැහැරකොට පත්තසන්නිචය ගරුපාපුරණ ලහුපාපුරණ ශික්ෂාපදයන් සමග තෘතීය වර්ගය පිරවිය යුතුය. මෙසේ මෙහෙණන්හට එක් පක්ෂයෙක්හිලා පනවනලද දොළොස් ශික්ෂාපදද දෙපක්ෂයෙහිලා පණවන ලද අටළොස් ශික්ෂාපදද මෙසේ සියල්ලෝම ප්රාතිමොක්ෂාද්දෙශ මාර්ගයෙන් ‘උද්දිට්ඨා ඛො අය්යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා’යි මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය. සෙස්ස කියූනයමය.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය භික්ඛුනීවිභඞ්ගෙ තිංසකවණ්ණනා නිට්ඨිතා.
විනයවිවෘති නම්වූ සිංහල සමන්තපාසාදිකාවෙහි භික්ඛුණී විභඞ්ගයෙහි තිංසකනිස්සග්ගිය වර්ණනාව නිමි.
නිස්සග්ගියකණ්ඩං නිට්ඨිතං.