නවමසික්ඛාපදං
3. 9.
3. 9.
නවමසික්ඛාපදං
නවවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පූගස්ස පරිවෙණවාසිකා භික්ඛුනියො යාගුයා කිලමන්ති. අථ ඛො සො පූගො භික්ඛුනීනං යාගු අත්ථාය ඡන්දකං සංහරිත්වා අඤ්ඤතරස්ස ආපණිකස්ස ඝරෙ පරික්ඛාරං නික්ඛිපිත්වා භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොච: “අමුකස්ස අය්යෙ ආපණිකස්ස ඝරෙ යාගු අත්ථාය පරික්ඛාරො නික්ඛිත්තො. තතො තණ්ඩුලං ආහරාපෙත්වා යාගුං පචාපෙත්වා පරිභුඤ්ජථා”ති. භික්ඛුනියො තෙන ච පරික්ඛාරෙන සයම්පි යාචිත්වා භෙසජ්ජං චෙතාපෙත්වා පරිභුඤ්ජිංසු. සො පූගො ජානිත්වා උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙන්තී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි එක්තරා මුළුවක්හුගේ පිරිවෙන් වැසි මෙහෙණෝ හුළුකැනින් මිරිකෙත්. එකල්හි ඒ මුළුව මෙහෙණන්ගේ හුළුකැන් පිණිස මෙරමා සඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා වෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙය කී යැ. ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි හුළු කැන් පිණිස පිරිකරෙක් තබනලදී. එයින් සහල් ගෙන්වා හුළුකැන් පිසවා වළඳනු මැනැවැ” යි. මෙහෙණෝ ඒ පිරිකරිනුදු තුමූ මැ ඉල්වා බෙහෙත් මිල දී ගන්වා වැළඳූහ. ඒ මුළුව දැන ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා ඉල්වාගත් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ යි, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් ගණසතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා නම් නිසඟිපචිති වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙනාති: අඤ්ඤස්සත්ථාය දින්නෙන.
අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤදදිසිකෙන: අනෙකක් සඳහා දුන්.
මහාජනිකෙනාති: ගණස්ස න සඞ්ඝස්ස න එකභික්ඛුනියා.
මහාජනිකෙන: ගණයාහට යැ, සඟනට නො වෙයි, එක් මෙහෙණකට නො වේ.
සඤ්ඤාචිකෙනාති: සයං යාචිත්වා.
සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වා ගත්.
අඤ්ඤං චෙතාපෙය්යාති: යං අත්ථාය දින්නං තං ඨපෙත්වා අඤ්ඤං චෙතාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
අඤ්ඤංචේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් ගණසතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී. මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ වෙමතිකා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං, නිස්සට්ඨං පටිලභිත්වා යථාදානෙ උපනෙතබ්බං.
අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙනලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ. නිසැජු දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
අනඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අනාපත්ති.
අනෙකක් සඳහා නො දෙනලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නොදෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙනලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්වා උපනෙති, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
ඉතිරි වූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවමසික්ඛාපදං.
නවවන සිකපද යි.