යෙදුමෙන් කියවන්න

දසමසික‍්ඛාපදං

3. 10.

3. 10.

දසමසික‍්ඛාපදං

දසවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී බහුස‍්සුතා හොති භාණිකා විසාරදා පට‍්ටා ධම‍්මිං කථං කාතුං. බහූ මනුස‍්සා ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං පයිරුපාසන‍්ති. තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා පරිවෙණං උද‍්ද්‍රියති. මනුස‍්සා ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං එතදවොචුං: “කිස‍්සිදං තෙ අය්‍යෙ පරිවෙණං උද‍්ද්‍රියතී”ති. නත්‍ථාවුසො දායකා නත්‍ථි කාරකාති. අථ ඛො තෙ මනුස‍්සා ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා පරිවෙණත්‍ථාය ඡන්‍දකං සංහරිත්‍වා ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා පරික‍්ඛාරං අදංසු. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තෙන ච පරික‍්ඛාරෙන සයම‍්පි යාචිත්‍වා භෙසජ‍්ජං චෙතාපෙත්‍වා පරිභුඤ‍්ජි. මනුස‍්සා ජානිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන පුග‍්ගලිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙස‍්සතී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන පුග‍්ගලිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙතීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන පුග‍්ගලිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූ තැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා වෙයි. බොහෝ මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇසිරි කෙරෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ පිරිවෙන බිඳ වැටෙයි, මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “ආර්‍ය්‍යාවෙනි, ඔබගේ මේ පිරිවෙන කුමක් හෙයින් බිඳවැටේ” දැ යි මෙය කීහු. ඇවැත්නි, දායකයෝ නැතියහ. කාරකයෝ නැතියහයි. එකල්හි ඒ මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ පිරිවෙන පිණිස (මෙරමා) සඳ හා රිසි දනවා පිරිකරක් ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුන්හු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ පිරිකරිනුදු තොමෝ මැ යැද බෙහෙත් මිල දී ගන්වා වැළඳූ යැ. මිනිස්සු දැනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන පුග‍්ගලිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙය්‍ය නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසාදුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ” යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙනාති: අඤ‍්ඤස‍්සත්‍ථාය දින‍්නෙන,

අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්.

පුග‍්ගලිකෙනාති: එකාය භික‍්ඛුනියා න සඞ‍්ඝස‍්ස න ගණස‍්ස.

පුග්ගලිකෙන: එක් මෙහෙණකට යැ, සඟනට නො වෙයි, ගණයාහට නො වේ.

සඤ‍්ඤාචිකෙනාති: සයං යාචිත්‍වා.

සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වා ගත්.

අඤ‍්ඤං චෙතාපෙය්‍යාති: යං අත්‍ථාය දින‍්නං තං ඨපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙති පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා එකභික‍්ඛුනියා වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං -පෙ- “ඉදං මෙ අය්‍යෙ අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන පුග‍්ගලිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපිතං නිස‍්සග‍්ගියං ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමී”ති -පෙ- දදෙය්‍යාති -පෙ- අය්‍යාය දම‍්මීති.

අඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි, මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල් සතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට දෙමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.

අඤ‍්ඤදත්‍ථිකෙ අඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤදත්‍ථිකෙ වෙමතිකා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤදත්‍ථිකෙ අනඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. නිස‍්සට‍්ඨං පටිලභිත්‍වා යථාදානෙ උපනෙතබ‍්බං.

අනෙකෙක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ, නිසැජු දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.

අනඤ‍්ඤදත්‍ථිකෙ අඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤදත්‍ථිකෙ වෙමතිකා, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤදත්‍ථිකෙ අනඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අනාපත‍්ති.

අනෙකෙක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකෙක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්‍වා උපනෙති, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

ඉතිරි වූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දසවන සිකපද යි.