යෙදුමෙන් කියවන්න

පඨම සික‍්ඛාපදං

3. 1.

3. 1.

පඨම සික‍්ඛාපදං

පළමු සිකපදය

ඉමෙ ඛො පනය්‍යායො තිංස නිස‍්සග‍්ගියා පාචිත‍්තියා ධම‍්මා උද‍්දෙසං ආගච‍්ඡන‍්ති.

ආර්‍ය්‍යාවෙනි මේ තිස් නිසඟි පචිති ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො බහූ පත‍්තෙ සන‍්නිචයං කරොන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම භික‍්ඛුනියො බහූ පත‍්තෙ සන‍්නිචයං කරිස‍්සන‍්ති පත‍්තවාණිජ‍්ජං වා භික‍්ඛුනියො කරිස‍්සන‍්ති ආමන‍්තිකාපණං වා පසාරෙස‍්සන‍්තී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණෝ බොහෝ පාත්‍ර රැස් කෙරෙති. මිනිස්සු විහාරචාරිකාවෙහි හැසිරෙන්නාහු දැක ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් භික්‍ෂුණීහු බොහෝ පාත්‍ර රැස් කොළෝ ද, භික්‍ෂුණීහු පාත්‍ර වෙළඳාමක් හෝ කොළෝ ද, බඳුන්වෙළඳ හලක් හෝ විවෘත කොළෝ” දැ යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො පත‍්තසන‍්නිචයං කරිස‍්සන‍්තී”ති -පෙ- “සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො පත‍්තසන‍්නිචයං කරොන‍්තී”ති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- “කථං හි නාම භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො පත‍්තසන‍්නිචයං කරිස‍්සන‍්ති.” නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මෙහෙණෝ පාත්‍ර රැස් කොළෝ” දැයි ... “සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පාත්‍ර රැස් කෙරෙද්දැ” යි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ පාත්‍ර රැස් කොළෝදැ”යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී පත‍්තසන‍්නිචයං කරෙය්‍ය නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.

යම් මෙහෙණක් තොමෝ පාත්‍ර රැස් කෙරේ නම් නිසඟි පචිති වේ යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.

පත‍්තො නාම: ද‍්වෙ පත‍්තා අයොපත‍්තො මත‍්තිකාපත‍්තො. තයො පත‍්තස‍්ස වණ‍්ණා උක‍්කට‍්ඨො පත‍්තො මජ‍්ඣිමො පත‍්තො ඔමකො පත‍්තො. උක‍්කට‍්ඨො නාම පත‍්තො: අඩ‍්ඪාළ‍්හකොදනං ගණ‍්හාති චතුභාගං ඛාදනං තදුපියඤ‍්ච ව්‍යඤ‍්ජනං. මජ‍්ඣිමො නාම පත‍්තො: නාලිකොදනං ගණ‍්හාති චතුභාගං ඛාදනං තදුපියඤ‍්ච ව්‍යඤ‍්ජනං. ඔමකො නාම පත‍්තො: පත්‍ථොදනං ගණ‍්හාති චතුභාගං ඛාදනං තදුපියඤ‍්ච ව්‍යඤ‍්ජනං. තතො උක‍්කට‍්ඨො අපත‍්තො ඔමකො අපත‍්තො.

පත්ත නම්: යමුවාපය මැටිමුවාපයැයි දෙ පාත්‍රයෙකි. උත්කෘෂ්ට පාත්‍ර යැ මධ්‍යම පාත්‍ර යැ ඔමක පාත්‍ර යැයි පාත්‍රය පිළිබඳ ප්‍රමාණ තුනෙකි. උත්කෘෂ්ට පාත්‍රය නම් මගද නැළියෙන් දෙ නැළියක බත් ද ඉන් සිවු වැනි කොටසක් පමණ වූ මුද්ග සූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. මාධ්‍යම පාත්‍රය නම් නැළියක බත් ද ඉන් සිවුවැනි කොටසක් පමණ වූ මුද්ගසූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. ඔමක පාත්‍රය නම් අඩ නැළියක බත් ද ඉන් සිවුවැනි කොටසක් පමණ වූ මුද්ගසූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. ඒ උත්කෘෂ්ට පාත්‍රයෙන් උත්කෘෂ්ට වූයේ අපාත්‍රය වෙයි. (ඒ ඔමක පාත්‍රයෙන්) ඔමක වූයේ අපාත්‍රය වේ.

සන‍්නිචයං කරෙය්‍යාති: අනධිට‍්ඨිතො අවිකප‍්පිතො.

සන්නිචයං කරෙය්‍ය: නො ඉටු නො විකැපූ පය යි.

නිස‍්සග‍්ගියො හොතීති: සහඅරුණුග‍්ගමනා නිස‍්සග‍්ගියො හොති. නිස‍්සජ‍්ජිතබ‍්බො සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා එකභික‍්ඛුනියා වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බො. තාය භික‍්ඛුනියා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛුනීනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වා එවමස‍්සවචනීයො. “අයං මෙ අය්‍යෙ පත‍්තො රත‍්තාතික‍්කන‍්තො නිස‍්සග‍්ගියො, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමීති. නිස‍්සජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බා. බ්‍යත‍්තාය භික‍්ඛුනියා පටිබලාය ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා. නිස‍්සට‍්ඨපත‍්තො දාතබ‍්බො.

නිස්‍සග්‍ගියො හොති: අරුණ නැඟීම සමඟ නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි. ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය රැයක් ඉක්ම ගියේ නිසැඟි විය. මම මෙය සඞ්ඝයාට නිසජමි” යි මෙසේ කිය යුතු වන්නේ යැ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් ඇවැත් පිළිගත යුතුයි. නිසැජූ පය දිය යුතුයි.

සුණාතු මෙ අය්‍යෙ සඞ‍්ඝො, අයං පත‍්තො ඉත්‍ථන‍්නාමාය භික‍්ඛුනියා නිස‍්සග‍්ගියො සඞ‍්ඝස‍්ස නිස‍්සට‍්ඨො යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉමං පත‍්තං ඉත්‍ථන‍්නාමාය භික‍්ඛුනියා දදෙය්‍යාති.

ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝතෙමේ මවදන් අසාවා. මෙනම් ඇති මෙහෙණගේ මේ පාත්‍රය තෙමේ නිසැඟි වූයේ සඞ්ඝයාට නිසඳන ලද්දේ යැ. ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් මේ පාත්‍රය සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට දෙන්නේ යැයි.

තාය භික‍්ඛුනියා සම‍්බහුලා භික‍්ඛුනියො උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛුනීනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජ‍්ලිමපග‍්ගහෙත්‍වා එවමස‍්සු වචනීයා “අයං මෙ අය්‍යායො පත‍්තො රත‍්තාතික‍්කන‍්තො නිස‍්සග‍්ගියො ඉමාහං අය්‍යානං නිස‍්සජාමී”ති. නිස‍්සජ‍්ජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බා. ව්‍යත‍්තාය භික‍්ඛුනියා පටිබලාය ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා නිස‍්සට‍්ඨපත‍්තො දාතබ‍්බො.

ඒ මෙහෙණ විසින් බොහෝ මෙහෙණන් වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ, “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය රැයක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආර්‍ය්‍යාවනට නිසජමි” යි මෙසේ කියයුතු වන්නාහ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් ඇවැත් පිළිගත යුතුයි. නිසැජූ පය දිය යුතුයි.

සුණාතු මෙ අය්‍යායො අයං පත‍්තො ඉත්‍ථන‍්නාමාය භික‍්ඛුනියා නිස‍්සග‍්ගියො අය්‍යානං නිස‍්සට‍්ඨො යදි අය්‍යානං පත‍්තකල‍්ලං අය්‍යායො ඉමං පත‍්තං ඉත්‍ථන‍්නාමාය භික‍්ඛුනියා දදෙය්‍යුන‍්ති.

ආර්‍ය්‍යාවෝ, මා වදන් අසත්වා. මෙ නම් ඇති මෙහෙණගේ මේ පාත්‍රය තෙමේ නිසැඟි වූයේ ආර්‍ය්‍යාවනට නිසඳන ලද්දේ යැ. ඉදින් ආර්‍ය්‍යාවනට පැමිණි කල් ඇත්තේ නම් ආර්‍ය්‍යාවෝ මේ පාත්‍රය මෙ නම් ඇති මෙහෙණහට දෙන්නාහු නම් මැනැවැ යි.

තාය භික‍්ඛුනියා එකං භික‍්ඛුනිං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයා: “අයං මෙ අය්‍යෙ පත‍්තො රත‍්තාතික‍්කන‍්තො නිස‍්සග‍්ගියො, ඉමාහං අය්‍යාය නිස‍්සජාමී”ති. නිස‍්සජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බා. තාය භික‍්ඛුනියා ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා. නිස‍්සට‍්ඨපත‍්තො දාතබ‍්බො ඉමං පත‍්තං අය්‍යාය දම‍්මීති.

ඒ මෙහෙණ විසින් එක් මෙහෙණක වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය තෙමේ රැයක් ඉක්මගියේ නිසැඟි විය. මම මෙය ආර්‍ය්‍යාවහට නිසජමි” යි මෙසේ කියයුතු වන්නී යැ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ඒ මෙහෙණ විසින් ඇවැත් පිළිගත යුතුයි. මේ පාත්‍රය ආර්‍ය්‍යාවහට දෙමියි නිසැජූ පය දිය යුතුයි.

රත‍්තාතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. රත‍්තාතික‍්කන‍්තෙ වෙමතිකා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. රත‍්තාතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අනධිට‍්ඨිතෙ අධිට‍්ඨිතසඤ‍්ඤා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අවිකප‍්පිතෙ විකප‍්පිතසඤ‍්ඤා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං, අවිස‍්සජ‍්ජිතෙ විස‍්සජ‍්ජිතසඤ‍්ඤා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අනට‍්ඨෙ නට‍්ඨසඤ‍්ඤා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අවිනට‍්ඨෙ විනට‍්ඨසඤ‍්ඤා -පෙ- අභින‍්නෙ භින‍්නසඤ‍්ඤා -පෙ- අවිලුත‍්තෙ විලුත‍්තසඤ‍්ඤා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

රැය ඉක්ම ගිය කල්හි ඉක්ම ගිය සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. රැය ඉක්ම ගිය කල්හි විමති ඇතියා නම් නිසැඟි පචිති වෙයි. රැය ඉක්ම ගිය කල්හි නො ඉක්ම ගිය සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො ඉටූ කල්හි ඉටූ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො විකැපූ කල්හි විකැපූ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො හළ කල්හි හළ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො නට කල්හි නට සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො නැසුණු කල්හි නැසුණු සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො බුන් කල්හි බුන් සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො පැහැරැ ගත් කල්හි පැහැරැ ගත් සන් ඇතියා නම් නිසැඟි පචිති වේ.

නිස‍්සග‍්ගියං පත‍්තං අනිස‍්සජිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස. රත‍්තානතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. රත‍්තානතික‍්කන‍්තෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. රත‍්තානතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤා අනාපත‍්ති.

නිසැඟි පය නො නිසැජැ වළඳා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි ඉක්ම ගිය සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි නො ඉක්ම ගිය සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අන‍්තො අරුණං අධිට‍්ඨෙති විකප‍්පෙති විස‍්සජ‍්ජෙති නස‍්සති විනස‍්සති භිජ‍්ජති අච‍්ඡින්‍දිත්‍වා ගණ‍්හන‍්ති විස‍්සාසං ගණ‍්හන‍්ති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අරුණ තුළ ඉටා නම්, විකපා නම්, හැරැපියා නම්, නැසේ නම්, වැනැසේ නම්, බිඳේ නම්, අසිඳැ ගනිත් නම්, විස්වස් වැ ගනිත් නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො නිස‍්සට‍්ඨපත‍්තං න දෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ නිස‍්සට‍්ඨපත‍්තො න දාතබ‍්බො යා න දදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

එසමයෙහි වනාහි සවග මෙහෙණෝ නිසැජූ පය නො දෙත්. භාග්‍යවත්හට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, නිසැජූ පය නො දිය යුතු නො වෙයි. යම් මෙහෙණක් නො දේ නම් දුකුළා ඇවැත් වේ” යැ යි.

පඨමසික‍්ඛාපදං.

පළමු සිකපද යි.