දුතියසික්ඛාපදං
3. 2.
3. 2.
දුතියසික්ඛාපදං
දෙවැනි සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො ගාමකාවාසෙ වස්සං වුත්ථා සාවත්ථිං අගමංසු වත්තසම්පන්නා ඉරියාපථසම්පන්නා දුච්චොළා ලූඛචීවරා. උපාසකා තා භික්ඛුනියො පස්සිත්වා ඉමා භික්ඛුනියො වත්තසම්පන්නා ඉරියාපථසම්පන්නා දුච්චොළා ලූඛචීවරා, ඉමා භික්ඛුනියො අච්ඡින්නා භවිස්සන්තීති භික්ඛුනිසඞ්ඝස්ස අකාලචීවරං අදංසු. ථුල්ලනන්දා භික්ඛුනී අම්හාකං කඨිනං අත්ථතං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙසි. උපාසකා තා භික්ඛුනියො පස්සිත්වා එතදවොචුං. අපය්යාහි චීවරං ලද්ධන්ති. න මයං ආවුසො චීවරං ලභාම අය්යා ථුල්ලනන්දා අම්හාකං කඨිනං අත්ථතං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙසීති. උපාසකා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙස්සතී”ති.
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස්වැස නිමියාහු වත් සපන් වූවාහු ඉරියවු සපන් වූවාහු දිරූ සිවුරු ඇත්තාහු රළු සිවුරු ඇත්තාහු සැවැතට ගියහ. උවසුවෝ ඒ මෙහෙණන් දැක මේ භික්ෂුණීහු වත්සපන්හ. ඉරියවු සපන්හ. දිරූ සිවුරු ඇතියහ. රළු සිවුරු ඇතියහ, මේ භික්ෂුණීහු අසිඳගතුවෝ වන්නාහයි මෙහෙණ සඟනට නො කල් සිවුරු දුන්හ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අප විසින් කඨිනය අතුරන ලදී. (එබැවින්) කාලචීවරයැ යි ඉටා බෙදූ යැ. උවසුවෝ ඒ මෙහෙණන් දැක “ආර්ය්යාවන් විසින් සිවුරු ලබන ලදදැ”යි, මෙය කීහු. ඇවැත්නි, අපි සිවුරු නො ලබම්හ. ආර්‍ය්‍ය ථුල්ලනන්දා තොමෝ අප විසින් කඨිනය අතුරන ලද යැ. කාලචීවරයැ යි ඉටා බෙදවාලූ යැ යි මෙය කීහු. උවසුවෝ ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්දා තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූදැ” යි.
2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං උපාසකානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙස්සති නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු මැයි, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්දා තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ” දැ යි ... සැබෑද මහණෙනි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙ, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යා පන භික්ඛුනී අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙය්ය නිස්සග්ගියං පාචිත්තියන්ති.
යම් මෙහෙණක් තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවා නම් නිසඟි පචිති වේ යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
අකාලචීවරං නාම: අනත්ථතෙ කඨිනෙ එකාදසමාසෙ උප්පන්නං අත්ථතෙ කඨිනෙ සත්තමාසෙ උප්පන්නං කාලෙපි ආදිස්ස දින්නං එතං අකාලචීවරං නාම.
අකාලචීවර නම්: කෙළින් නො අතුළ කල්හි එකොළොස් මස තුළ උපන්නේ ද කෙළින් අතුළ කල්හි සත්මස තුළ උපන්නේ ද වෙයි. කාලයෙහිදු උදෙසා දෙන ලද තෙල සිවුර අකාලචීවර නම් වේ.
අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙති පයොගෙ දුක්කටං පටිලාභෙන නිස්සග්ගියං හොති නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපිතං නිස්සග්ගියං ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවා නම් පියෝහි දුකුළා වෙයි. පිළිලැබීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මේ අකාල චීවරය කාලචීවරයැ යි ඉටා මා විසින් බෙදවන ලදී. (එහෙයින්) මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අකාලචීවරෙ අකාලචීවරසඤ්ඤා කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අකාලචීවරෙ වෙමතිකා කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙති ආපත්ති දුක්කටස්ස. අකාලචීවරෙ කාලචීවරසඤ්ඤා කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙති අනාපත්ති. කාලචීවරෙ අකාලචීවරසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. කාලචීවරෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. කාලචීවරෙ කාලචීවරසඤ්ඤා අනාපත්ති.
අකාලචීවරයෙහි අකාලචීවරයැ යි සන් ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් නිසැඟි පචිති වෙයි. අකාලචීවරයෙහි විමති ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් දුකුළා ඇවැත් වෙයි. අකාලචීවරයෙහි කාලචීවරයැ යි සන් ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් ඇවැත් නැති. කාලචීවරයෙහි අකාලචීවරයැ යි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කාලචීවරයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. කාලචීවරයෙහි කාලචීවරයැ යි සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: අකාලචීවරං කාලචීවරසඤ්ඤා භාජාපෙති, කාලචීවරං කාලචීවරසඤ්ඤා භාජාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
අකාලචීවරය කාලචීවරයැ යි සන් ඇතියා බෙදවා නම්, කාලචීවරය කාලචීවරයැ යි සන් ඇතියා බෙදවා නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
දුතියසික්ඛාපදං.
දෙවන සිකපද යි.