යෙදුමෙන් කියවන්න

තතියසික‍්ඛාපදං

3. 3.

3. 3.

තතියසික‍්ඛාපදං

තෙවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤතරාය භික‍්ඛුනියා සද‍්ධිං චීවරං පරිවත‍්තෙත්‍වා පරිභුඤ‍්ජති. අථ ඛො සා භික‍්ඛුනී තං චීවරං සංහරිත්‍වා නික‍්ඛිපි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තං භික‍්ඛුනිං එතදවොච: “යන‍්තෙ අය්‍යෙ මයා සද‍්ධිං චීවරං පරිවත‍්තිතං කහං තං චීවර”න‍්ති. අථ ඛො සා භික‍්ඛුනී තං චීවරං නීහරිත්‍වා ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා දස‍්සෙසි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තං භික‍්ඛුනිං එතදවොච: “හන්‍දය්‍යෙ තුය‍්හං චීවරං, ආහර මෙ තං චීවරං. යං තුය‍්හං තුය‍්හමෙවෙතං යං මය‍්හං මය‍්හමෙවෙතං. ආහර මෙතං සකං පච‍්චාහරා”ති අච‍්ඡින්‍දි. අථ ඛො සා භික‍්ඛුනී භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි.

1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එක්තරා මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට පිරිබෝ කරයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ ඒ සිවුර හකුළා බහා තැබූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ මෙහෙණහට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි, තා විසින් මා සමග යම් සිවුරෙක් පරිවර්‍තනය කරන ලද ද, ඒ සිවුර කොහිදැ” යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ ඒ සිවුර බැහැරට ගෙන ථුල්ලනන්‍දා භික්‍ෂුණිය හට දැක්වූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එ මෙහෙණහට මෙය කිවුයැ. “ආර්‍ය්‍යාවෙනි, තාගේ සිවුර ගනුව. මාගේ තෙල සිවුර ගෙනෙව. යම් සිවුරක් තාගේ නම් ඒ සිවුර තාහට මැයි. යම් සිවුරෙක් මාගේ නම් ඒ සිවුර මාහට මැයි. මාගේ තෙල සිවුර ගෙනෙව. සිය සිවුර පෙරළා ගනුව” යි අසිඳගත්තු යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්හට තෙල කරුණ සැලකළාය.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා භික‍්ඛුනියා සද‍්ධිං චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භික‍්ඛුනියා සද‍්ධිං චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භික‍්ඛුනියා සද‍්ධිං චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුදැ” යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුදැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී භික‍්ඛුනියා සද‍්ධිං චීවරං පරිවත‍්තෙත්‍වා සා පච‍්ඡා එවං වදෙය්‍ය හන්‍දය්‍යෙ තුය‍්හං චීවරං, ආහර මෙ තං චීවරං, යං තුය‍්හං තුය‍්හමෙවෙතං යං මය‍්හං මය‍්හමෙවෙතං, ආහර මෙතං චීවරං සකං පච‍්චාහරාති අච‍්ඡින්‍දෙය්‍ය වා අච‍්ඡින්‍දාපෙය්‍ය වා නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.

යම් මෙහෙණක් තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පිරිවැටුම් කොට පසු වැ මෙසේ කියන්නී ද “ආර්‍ය්‍යාවෙනි, තාගේ සිවුර ගනුව, මාගේ තෙල සිවුර ගෙනෙව, යම් සිවුරෙක් තාගේ නම් ඒ සිවුර තාහටමැ යි. යම් සිවුරෙක් මාගේ නම් ඒ සිවුර මාහටමැ යි. මාගේ තෙල සිවුර ගෙනෙව සිය සිවුර පෙරළා ගනුව” යි මෙසේ කියා අසිඳ ගනී නම් හෝ අසිඳ ගන්වා නම් හෝ නිසඟි පචිති වේ යැයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.

4. භික‍්ඛුනියා සද‍්ධින‍්ති: අඤ‍්ඤාය භික‍්ඛුනියා සද‍්ධිං.

4. භික්ඛුනියා සද්ධිං: අන් මෙහෙණක හා සමග,

චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං විකප‍්පනුපගං පච‍්ඡිමං.

චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙහි යටත් පිරිසෙයින් විකැපුමට සුදුසු වූ එක්තරා සිවුරෙකි.

පරිවත‍්තෙත්‍වාති: පරිත‍්තෙන වා විපුලං විපුලෙන වා පරිත‍්තං.

පරිචත්තෙත්‍වා: කුඩා දැයෙකින් මහත් දැයක් හෝ මහත් දැයෙකින් කුඩා දැයක් හෝ යැ.

අච‍්ඡින්‍දෙය්‍යාති: සයං අච‍්ඡින්‍දති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

අච්ඡින්‍දෙය්‍ය: තොමෝ අසිඳ ගනී නම් නිසැඟි පචිති වේ.

අච‍්ඡින්‍දාපෙය්‍යාති: අඤ‍්ඤං ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. සකිං ආණත‍්තා බහුකම‍්පි අච‍්ඡින්‍දති නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා එකභික‍්ඛුනියා වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං -පෙ- ඉදං මෙ අය්‍යෙ චීවරං භික‍්ඛුනියා සද‍්ධිං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දිතං නිස‍්සග‍්ගියං ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- අය්‍යාය දම‍්මීති.

අච්ඡින්‍දාපෙය්‍ය: අනෙකක්හට අණවා නම් දුකුළා ඇවැත් වෙයි. එක් යළක් අණවන ලද්දී බොහෝ දැයකුත් අසිඳ ගනී නම් නිසැඟි පචිති වේ. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් මේ සිවුර මෙහෙණක හා සමග පිරිවැටුම් කොට අසිඳ ගන්නා ලද්දේ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.

උපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤා චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. උපසම‍්පන‍්නාය වෙමතිකා චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. උපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤා චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වේ.

අඤ‍්ඤං පරික‍්ඛාරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය සද‍්ධිං චීවරං වා අඤ‍්ඤං වා පරික‍්ඛාරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අන් පිරිකරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක සමග සිවුරක් හෝ අන් පිරිකරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: සා වා දෙති, තස‍්සා වා විස‍්සසෙන‍්තී. ගණ‍්හාති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

ඕතොමෝ හෝ දේ නම්, ඇය කෙරෙහි විස්වස් ඇත්තී හෝ ගනී නම්, ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.

තතියසික‍්ඛාපදං.

තෙවන සිකපදයි.