චතුත්‍ථසික‍්ඛාපදං
3. 4.
3. 4.
චතුත්‍ථසික‍්ඛාපදං
සතරවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ගිලානා හොති. අථ ඛො අඤ‍්ඤතරො උපාසකො යෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං එතදවොච “කිං තෙ අය්‍යෙ අඵාසු, කිං ආහරීයතූ”ති. සප‍්පිනා මෙ ආවුසො අත්‍ථොති. අථ ඛො සො උපාසකො අඤ‍්ඤතරස‍්ස ආපණිකස‍්ස ඝරා කහාපණස‍්ස සප‍්පිං ආහරිත්‍වා ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා අදාසි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී “න මෙ ආවුසො සප‍්පිනා අත්‍ථො, තෙලෙන මෙ අත්‍ථො”ති. අථ ඛො සො උපාසකො යෙන සො ආපණිකො තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා තං ආපණිකං එතදවොච “න කිරය්‍යො අය්‍යාය සප‍්පිනා අත්‍ථො තෙලෙන අත්‍ථො. හන්‍ද තෙ සප‍්පිං, තෙලං මෙ දෙහී”ති. සචෙ මයං අය්‍යො වික‍්කීතං භණ‍්ඩං පුන ආදියිස‍්සාම කදා අම‍්හාකං භණ‍්ඩං වික‍්කායිස‍්සති. සප‍්පිස‍්ස කයෙන සප‍්පි හටං. තෙලස‍්ස කයං ආහර, තෙලං හරිස‍්සසීති. අථ ඛො සො උපාසකො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා අඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤං විඤ‍්ඤාපෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤං විඤ‍්ඤාපෙස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹ ථුල්ලනන්‍දා භික්‍ෂුණියහට මෙය කීයැ. “ආර්‍ය්‍යාවෙනි, ඔබට කිනම් අඵාසුවෙක්ද? ඔබට කුමක් ගෙන එනු ලබනු මනාදැයි. ඇවැත, මට ගිතෙලින් ප්‍රයෝජන වෙයි. එකල්හි ඒ උවසු තෙමේ එක්තරා වෙළෙඳක්හුගේ ගෙයින් කහවණුවක ගිතෙල් ගෙනවුත් ථුල්ලනන්‍දා භික්‍ෂුණියහට දුන්නේ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “ඇවැත, මට ගිතෙලින් ප්‍රයෝජන නොවේ, මට තල තෙලෙන් ප්‍රයෝජන වේ” යැයි (කිවුයැ.) එකල්හි ඒ උවසු තෙමේ ඒ වෙළෙඳා වෙත එළැඹියේ යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කීයැ. “ආර්‍ය්‍යය, ආර්‍ය්‍යාවහට ගිතෙලෙන් ප්‍රයෝජන නොවේ ල, තලතෙලෙන් ප්‍රයෝජන වේල, ඔබගේ ගිතෙල් ගන්නැ, මට තලතෙල් දෙන්නැ” යි. “ආර්‍ය්‍යය, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙක අපගේ බඩු විකිණෙන්නේ ද? ගිතෙල් මිලයෙන් ගිතෙල් ගෙනයන ලදී. තලතෙල් මිල ගෙනෙව. (එකල්හි) තලතෙල් ගෙන යන්නේ යැ යි. එකල්හි ඒ උවසු තෙමේ ලමු කොට සිතයි. නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ”යි ... “සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ” යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යා පන භික‍්ඛුනී අඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤං විඤ‍්ඤාපෙය්‍ය නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.
යම් මෙහෙණක් අනෙකක් විනවා (ඉන්) අනෙකක් විනවා නම් නිසඟි පචිති වේ යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
අඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වාති: යං කිඤ‍්චි විඤ‍්ඤාපෙත්‍වා.
අඤ්ඤං විඤ්ඤාපෙත්‍වා: යම් කිසිවක් විනවා,
අඤ‍්ඤං විඤ‍්ඤාපෙය්‍යාති: තං ඨපෙත්‍වා අඤ‍්ඤං විඤ‍්ඤාපෙති පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා එකභික‍්ඛුනියා වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං -පෙ- ඉදං මෙ අය්‍යෙ අඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤං විඤ‍්ඤාපිතං, නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- අය්‍යාය දම‍්මීති.
අඤ්ඤං විඤ්ඤාපෙය්‍ය: එය තබා අනෙකක් විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් අනෙකක් විනවා (ඉන්) අනෙකක් විනවන ලදී. (එහෙයින්) මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමි යි.
අඤ‍්ඤෙ අඤ‍්ඤසඤ‍්ඤා අඤ‍්ඤං විඤ‍්ඤාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤෙ වෙමතිකා අඤ‍්ඤං විඤ‍්ඤාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤෙ අනඤ‍්ඤසඤ‍්ඤා අඤ‍්ඤං විඤ‍්ඤාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
අනෙකෙක්හි අන්සන් ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි විමති ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි නො අන්සන් ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි.
අනඤ‍්ඤෙ අඤ‍්ඤසඤ‍්ඤා අනඤ‍්ඤං විඤ‍්ඤාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤෙ වෙමතිකා අනඤ‍්ඤං විඤ‍්ඤාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤෙ අනඤ‍්ඤසඤ‍්ඤා අනාපත‍්ති.
නො අනෙකෙක්හි අන්සන් ඇතියා නො අනෙකක් විනවා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි විමති ඇතියා නො අනෙකක් විනවා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි නො අන්සන් ඇතියා ඇවැත් නැති.
අනාපත‍්ති: තඤ‍්ඤෙව විඤ‍්ඤාපෙති අඤ‍්ඤඤ‍්ච විඤ‍්ඤාපෙති. ආනිසංසං දස‍්සෙත්‍වා විඤ‍්ඤාපෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
එයම විනවා නම්, අනෙකකුත් විනවා නම්, අනුසස් දක්වා විනවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
චතුත්‍ථසික‍්ඛාපදං.
සතරවන සිකපදයි.