යෙදුමෙන් කියවන්න

පඤ‍්චමසික‍්ඛාපදං

3. 5.

3. 5.

පඤ‍්චමසික‍්ඛාපදං

පස්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ගිලානා හොති. අථ ඛො අඤ‍්ඤතරො උපාසකො යෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං එතදවොච කච‍්චි අය්‍යෙ ඛමනීයං කච‍්චි යාපනීය”න‍්ති. න මෙ ආවුසො ඛමනීයං න යාපනීයන‍්ති. අමුකස‍්ස අය්‍යෙ ආපණිකස‍්ස ඝරෙ කහාපණං නික‍්ඛිපිස‍්සාමි. තතො යං ඉච‍්ඡෙය්‍යාසි තං ආහරාපෙය්‍යාසීති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤතරං සික‍්ඛමානං ආණාපෙසි, ගච‍්ඡ සික‍්ඛමානෙ අමුකස‍්ස ආපණිකස‍්ස ඝරා කහාපණස‍්ස තෙලං ආහරාති. අථ ඛො සා සික‍්ඛමානා තස‍්ස ආපණිකස‍්ස ඝරා කහාපණස‍්ස තෙලං ආහරිත්‍වා ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා අදාසි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී එවමාහ න මෙ සික‍්ඛමානෙ තෙලෙන අත්‍ථො සප‍්පිනා මෙ අත්‍ථොති. අථ ඛො සා සික‍්ඛමානා යෙන සො ආපණිකො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තං ආපණිකං එතදවොච: “න කිර ආවුසො අය්‍යාය තෙලෙන අත්‍ථො සප‍්පිනා අත්‍ථො හන්‍ද තෙ තෙලං, සප‍්පිං මෙ දෙහීති. සචෙ මයං අය්‍යෙ වික‍්කීතං භණ‍්ඩං පුන ආදියිස‍්සාම කදා අම‍්හාකං භණ‍්ඩං වික‍්කායිස‍්සති. තෙලස‍්ස කයෙන තෙලං හටං. සප‍්පිස‍්ස කයං ආහර සප‍්පිං හරිස‍්සතීති.

1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹැ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “කිම ආර්‍ය්‍යාවෙනි, ඉවසිය හැකි ද? කිම යැපියහැකිදැ” යි මෙය කීයැ. “ඇවැත, මට ඉවසිය නො හැකියැ, යැපිය නො හැකියැ” යි. ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි කහවණුවක් තබන්නෙමි, එයින් යමක් කැමැත්තෙහිනම් එය ගෙන්වාගන්නේ යැයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ, “යා සික්මනුව, අසුවල් වෙළෙඳාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනෙව” යි එක්තරා සික්මනුවකට ඇණවූයැ. එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙන්දාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනවුත් ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුන්නායැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුව, “මට තලතෙලෙන් ප්‍රයෝජන නොවෙයි, මට ගිතෙලෙන් ප්‍රයෝජන වේයයි” (කිවුයැ.) එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙඳා වෙත එළැඹියා යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කිවු යැ. “ඇවැත, ආර්‍ය්‍යාවහට තල තෙලෙන් ප්‍රයෝජන නොවේල, ගිතෙලෙන් ප්‍රයෝජන වේල, ඔබගේ තලතෙල් ගන්නැ, මට ගිතෙල් දෙන්නැ” යි. “ආර්‍ය්‍යාවෙනි, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙකැ අපගේ බඩු විකිණෙන්නේද? තල තෙල් මිලයෙන් තලතෙල් ගෙන යන ලදී. ගිතෙල් මිල ගෙනෙව. (එකල්හි) ගිතෙල් ගෙන යන්නේයැයි.

2. අථ ඛො සා සික‍්ඛමානා රොදන‍්තී අට‍්ඨාසි. භික‍්ඛුනියො තං සික‍්ඛමානං එතදවොචුං: “කිස‍්ස ත්‍වං සික‍්ඛමානෙ රොදසී”ති. අථ ඛො සා සික‍්ඛමානා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා අඤ‍්ඤං චෙතාපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤං චෙතාපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤං චෙතාපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

2. එකල්හි ඒ සික්මනු තොමෝ හඬමින් සිටියා යැ, මෙහෙණෝ ඒ සික්මනුවහට මෙය කීහු. “සික්මනුව, කුමකට තෝ හඬහිදැ” යි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්හට තෙල කරුණ දැන්වූය. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැ” යි. ... සැබෑද මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණීතොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී අඤ‍්ඤං චෙතාපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙය්‍ය නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.

යම් මෙහෙණක් තොමෝ අනෙකක් දන්වාලා (ඉන්) අනෙකක් දන්වා නම් හෝ නිසඟි පචිති වේ යැයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.

අඤ‍්ඤං චෙතාපෙත්‍වාති: යං කිඤ‍්චි චෙතාපෙත්‍වා.

අඤ්ඤං චෙතාපෙත්‍වා: යම් කිසිවක් දන්වාලා;

අඤ‍්ඤං චෙතාපෙය්‍යාති: තං ඨපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙති පයොගෙ දුක‍්කටං, පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා එකභික‍්ඛුනියා වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං -පෙ- ඉදං මෙ අය්‍යෙ අඤ‍්ඤං චෙතාපෙත්‍වා අඤ‍්ඤං චෙතාපිතං නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- අය්‍යාය දම‍්මීති.

අඤ්ඤං චේතාපෙය්‍ය: එය තබා අනෙකක් දන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් අනෙකක් දන්වාලා (ඉන්) අනෙකක් දන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.

අඤ‍්ඤෙ අඤ‍්ඤසඤ‍්ඤා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං අඤ‍්ඤෙ වෙමතිකා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤෙ අනඤ‍්ඤසඤ‍්ඤා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

අනෙකෙක්හි අන්සන් ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි විමති ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි නො අන්සන් ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි.

අනඤ‍්ඤෙ අඤ‍්ඤසඤ‍්ඤා අනඤ‍්ඤං චෙතාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤෙ වෙමතිකා අනඤ‍්ඤං චෙතාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤෙ අනඤ‍්ඤසඤ‍්ඤා අනාපත‍්ති.

නො අනෙකෙක්හි අන්සන් ඇතියා නො අනෙකක් දන්වා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි විමති ඇතියා නො අනෙකක් දන්වා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි හි නො අන්සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: තඤ‍්ඤෙව චෙතාපෙති අඤ‍්ඤඤ‍්ච චෙතාපෙති, ආනිසංසං දස‍්සෙත්‍වා චෙතාපෙති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

එය මැ දන්වා නම්, අනෙකකුත් දන්වා නම්, අනුසස් දක්වා දන්වා නම් ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.

පඤ‍්චමසික‍්ඛාපදං.

පස්වන සිකපදය නිමි.