යෙදුමෙන් කියවන්න

ඡට‍්ඨසික‍්ඛාපදං

3. 6.

3. 6.

ඡට‍්ඨසික‍්ඛාපදං

සවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන උපාසකා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස චීවරත්‍ථාය ඡන්‍දකං සංහරිත්‍වා අඤ‍්ඤතරස‍්ස පාවාරිකස‍්ස ඝරෙ පරික‍්ඛාරං නික‍්ඛිපිත්‍වා භික‍්ඛුනියො උපසඞ‍්කමිත්‍වා එතදවොචුං: “අමුකස‍්ස අය්‍යෙ පාවාරිකස‍්ස ඝරෙ චීවරත්‍ථාය පරික‍්ඛාරො නික‍්ඛිත‍්තො තතො චීවරං ආහරාපෙත්‍වා භාජෙථා”ති. භික‍්ඛුනියො තෙන පරික‍්ඛාරෙන භෙසජ‍්ජං චෙතාපෙත්‍වා පරිභුඤ‍්ජිංසු. උපාසකා ජානිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති, විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපෙස‍්සන‍්තී”ති.

1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි උවසුවෝ මෙහෙණ සඟනගේ සිවුරු පිණිස මෙරමා සැඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා පිළීවෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙයකීහු. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පිළීවෙළෙඳහුගේ ගෙහි සිවුරු පිණිස පිරිකරෙක් තබනලදී. එයින් සිවුරු ගෙන්වාගෙන බෙදා ගනු මැනැ වැ” යි. මෙහෙණෝ ඒ පිරිකරින් බෙහෙත් මිලදී ගන්වා වැළඳූහ. උවසුවෝ දැන ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං උපාසකානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො අඤ‍්ඤුදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ උවසුවන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි. සැබෑද මහණෙනි මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත්දැ” යි. ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ”යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපෙය්‍ය නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.

යම් මෙහෙණක් තොමෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟි පචිති වේ යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.

අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙනාති: අඤ‍්ඤස‍්සත්‍ථාය දින‍්නෙන:

අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්;

සඞ‍්ඝිකෙනාති: සඞ‍්ඝස‍්ස න ගණස‍්ස න එකභික‍්ඛුනියා.

සඞ්ඝිකෙන: සඟනට යැ ගණයාහට නො වෙයි. එක් මෙහෙණකට නො වේ.

අඤ‍්ඤං චෙතාපෙය්‍යාති: යං අත්‍ථාය දින‍්නං තං ඨපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙති පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා එකභික‍්ඛුනියා වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං -පෙ- ඉදං මෙ අය්‍යෙ අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපිතං නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- අය්‍යාය දම‍්මීති.

අඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලදද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී. මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.

අඤ‍්ඤදත්‍ථිකෙ අඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤදත්‍ථිකෙ වෙමතිකා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤදත්‍ථිකෙ අනඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. නිස‍්සට‍්ඨං පටිලභිත්‍වා යථාදානෙ උපනෙතබ‍්බං.

අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙනලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වානම් නිසඟි පචිති වෙයි. නිසැජුදැයක් පිළිලැබ දෙනලද පරිදි එළවිය යුතු යි.

අනඤ‍්ඤදත්‍ථිකෙ අඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤදත්‍ථිකෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤදත්‍ථිකෙ අනඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අනාපත‍්ති.

නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙනලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙනලද සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්‍වා උපනෙති, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

ඉතිරිවූවක් (අනෙකක් සඳහා) එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.

ඡට‍්ඨසික‍්ඛාපදං.

සවන සිකපදය නිමි.