යෙදුමෙන් කියවන්න

සත‍්තමසික‍්ඛාපදං

3. 7.

3. 7.

සත‍්තමසික‍්ඛාපදං

සත්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන උපාසකා භික‍්ඛුනී සඞ‍්ඝස‍්ස චීවරත්‍ථාය ඡන්‍දංකං සඞ‍්ඝරිත්‍වා අඤ‍්ඤතරස‍්ස පාවාරිකස‍්ස ඝරෙ පරික‍්ඛාරං නික‍්ඛිපිත්‍වා භික‍්ඛුනියො උපසඞ‍්කමිත්‍වා එතදවොචුං: අමුකස‍්ස අය්‍යෙ පාවාරිකස‍්ස ඝරෙ චීවරත්‍ථාය පරික‍්ඛාරො නික‍්ඛිත‍්තො, තතො චීවරං ආහරාපෙත්‍වා භාජෙථා”ති. භික‍්ඛුනියො තෙන ච පරික‍්ඛාරෙන සයම‍්පි යාචිත්‍වා භෙසජ‍්ජං චෙතාපෙත්‍වා පරිභුඤ‍්ජිංසු. උපාසකා ජානිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන සඤ‍්ඤාචිකෙන1 අඤ‍්ඤං චෙතාපෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

1. ශ්‍රාවස්තිනිදානයි – එ සමයෙහි වනාහි උවසුවෝ මෙහෙණ සඟනගේ සිවුරු පිණිස මෙරමා සැඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා පිළීවෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙය කීහ. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පිළීවෙළෙඳහුගේ ගෙහි සිවුරු පිණිස පිරිකරෙක් තබන ලදී, එයින් සිවුරු ගෙන්වාගෙන බෙදාගනු මැනැවැ” යි. මෙහෙණෝ ඒ පිරිකරිනුදු තුමූ මැ ඉල්වා ගෙන බෙහෙත් මිලයට ගන්වා වැළඳූහ. උවසුවෝ දැන ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟ සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ හු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙය්‍ය නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.

යම් මෙහෙණක් තොමෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟිපචිති වේ යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.

අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙනාති: අඤ‍්ඤස‍්සත්‍ථාය දින‍්නෙන.

අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්;

සංඝිකෙනාති: සඞ‍්ඝස‍්ස න ගණස‍්ස න එකභික‍්ඛුනියා.

සඞ්ඝිකෙන: සඟනට යැ, ගණයාහට නො වෙයි. එක් මෙහෙණකට නො වේ,

සඤ‍්ඤාචිකෙනාති: සයං යාචිත්‍වා.

සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වාගත්:

අඤ‍්ඤං චෙතාපෙය්‍යාති: යං අත්‍ථාය දින‍්නං තං ඨපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙති පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති, නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා එකභික‍්ඛුනියා වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං -පෙ- ඉදං මෙ අය්‍යෙ අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපිතං නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- අය්‍යාය දම‍්මීති.

අඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් මා විසින් අනෙකක් මිල දී ගන්වන ලදී. මෙය නිසැඟිවිය. මම මෙය සඟනට නිසජමියි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.

අඤ‍්ඤදත්‍ථිකෙ අඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤදත්‍ථිකෙ වෙමතිකා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤදත්‍ථිකෙ අනඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අඤ‍්ඤං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. නිස‍්සට‍්ඨං පටිලභිත්‍වා යථාදානෙ උපනෙතබ‍්බං.

අනෙකෙක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වානම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙනලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. නිසැජුදැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතුයි.

අනඤ‍්ඤදත්‍ථිකෙ අඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤදත්‍ථිකෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනඤ‍්ඤදත්‍ථිකෙ අනඤ‍්ඤදත්‍ථිකසඤ‍්ඤා අනාපත‍්ති.

නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙනලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්‍වා උපනෙති, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

ඉතිරිවූවක් එළවානම්, හිමියන් පිළිවිසැ එළවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන සිකපදයි.