යෙදුමෙන් කියවන්න

ලසුණවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. ලසුනවර්‍ගය

පඨමලසුණසික‍්ඛාපදවණ‍්ණනා

පළමු සිකපද වර්ණනාව

තිංසකානන‍්තරං ධම‍්මා, ඡසට‍්ඨිසතසඞ‍්ගහා; සඞ‍්ගීතා යෙ අයං දානි, හොති තෙසම‍්පි වණ‍්ණනා.

“තිංසකානත්තරං ධම්මා - ඡසට්ඨිසතසඞ්ගහා, සංගීතා යෙ අයංදානි - හොති තෙසම්පි වණ්ණනා”

තිංසනිස්සග්ගිය පාචිත්තීන්ට අනතුරුව එක්සිය සැට සයකින් සඞ්ග්‍රහවූ යම් පාචිත්තිය ධර්‍මකෙනෙක් සඞ්ගායනා කරණ ලද්දාහුද දැන් ඔවුන්ගේ මේ වර්‍ණනා තොමෝ වන්නීය.

තත්‍ථ ලසුණවග‍්ගස‍්ස තාව පඨමසික‍්ඛාපදෙ – ද‍්වෙ තයො භණ‍්ඩිකෙති ද‍්වෙ වා තයො වා පොට‍්ටලිකෙ; සම‍්පුණ‍්ණමිඤ‍්ජානමෙතං අධිවචනං. න මත‍්තං ජානිත්‍වාති පමාණං අජානිත්‍වා ඛෙත‍්තපාලස‍්ස වාරෙන‍්තස‍්ස බහුං ලසුණං හරාපෙසි.

එහි ලසුණ වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - ‘ද්වෙ තයො භණ්ඩිකෙ’ දෙකක් හෝ තුනක් හෝ පොදි බැඳි ලූනු. පිරීගත් මිදුළු ඇති ලූනුවලට මේ නමෙකි. “න මත්තං ජානිත්‍වා” පමණ නොදැන කෙත් රකින්නහු වළකත්, වළකත්, බොහෝ ලූනු සුන්‍දරීනන්‍දාව ගෙන්වූය.

අඤ‍්ඤතරං හංසයොනින‍්ති සුවණ‍්ණහංසයොනිං. සො තාසං එකෙකන‍්ති සො හංසො ජාතිස‍්සරො අහොසි, අථ පුබ‍්බසිනෙහෙන ආගන‍්ත්‍වා තාසං එකෙකං පත‍්තං දෙති, තං තාපනතාලනච‍්ඡෙදනක‍්ඛමං සුවණ‍්ණමෙව හොති.

“අඤ්ඤතරං හංසයොනිං” ස්වර්‍ණහංසයොනියය. ‘සො තාසං එකෙකං’ ඒ හංස තෙමේ ජාති සිහිකිරීමෙහි සමර්‍ත්‍ථ වූයේය. එකල්හි පූර්‍වස්නෙහයෙන් අවුත් ඔවුන්ට එක් එක් පත්‍රයක් දෙන්නේය. ඒ පත්‍රය වනාහි තැවීමට තැළීමට සිඳීමට සුදුසුවූ ස්වර්‍ණයක්ම වේ.

මාගධකන‍්ති මගධෙසු ජාතං. මගධරට‍්ඨෙ ජාතලසුණමෙව හි ඉධ ලසුණන‍්ති අධිප‍්පෙතං, තම‍්පි භණ‍්ඩිකලසුණමෙව, න එකද‍්විතිමිඤ‍්ජකං. කුරුන්‍දියං පන ජාතදෙසං අවත්‍වා “මාගධකං නාම භණ‍්ඩිකලසුණ”න‍්ති වුත‍්තං. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙති එත්‍ථ සචෙ ද‍්වෙ තයො භණ‍්ඩිකෙ එකතොයෙව සඞ‍්ඛාදිත්‍වා අජ‍්ඣොහරති, එකං පාචිත‍්තියං. භින්‍දිත්‍වා එකෙකං මිඤ‍්ජං ඛාදන‍්තියා පන පයොගගණනාය පාචිත‍්තියානීති.

“මාගධකං” මගධ රට හටගත්තේය. මගධ රට හටගත් ලූනුම මෙහි ලූනුයයි අදහස් කරනලදී. ඒද පොදිලූනුම වේ. එකක් දෙකක් මිදුලු ඇති ලූනු නොවේ. කුරුන්‍දියෙහි වනාහි හටගත් දෙශය නොකියා ‘මාගධක නම් පොදිලූනුයි කියනලදී. “අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ” මෙහි ඉදින් දෙකක් තුනක් පොදිලූනු එකටම විකා ගිලීද, එක් පාචිත්තියක් වේ. පොදිය කඩා බිඳ එක් එක් මිදුලක් කන්නියට ප්‍රයොග ගණනින් පාචිත්තීහු වෙත්.

පලණ‍්ඩුකාදීනං වණ‍්ණෙන වා මිඤ‍්ජාය වා නානත‍්තං වෙදිතබ‍්බං – වණ‍්ණෙන තාව පලණ‍්ඩුකො පණ‍්ඩුවණ‍්ණො හොති. භඤ‍්ජනකො ලොහිතවණ‍්ණො. හරිතකො හරිතපණ‍්ණවණ‍්ණො. මිඤ‍්ජාය පන පලණ‍්ඩුකස‍්ස එකා මිඤ‍්ජා හොති, භඤ‍්ජනකස‍්ස ද‍්වෙ, හරිතකස‍්ස තිස‍්සො. චාපලසුණො අමිඤ‍්ජකො, අඞ‍්කුරමත‍්තමෙව හි තස‍්ස හොති. මහාපච‍්චරියාදීසු පන “පලණ‍්ඩුකස‍්ස තීණි මිඤ‍්ජානි, භඤ‍්ජනකස‍්ස ද‍්වෙ, හරිතකස‍්ස එක”න‍්ති වුත‍්තං . එතෙ පලණ‍්ඩුකාදයො සභාවෙනෙව වට‍්ටන‍්ති. සූපසම‍්පාකාදීසු පන මාගධකම‍්පි වට‍්ටති. තඤ‍්හි පච‍්චමානෙසු මුග‍්ගසූපාදීසු වා මච‍්ඡමංසවිකතියා වා තෙලාදීසු වා බදරසාළවාදීසු වා අම‍්බිලසාකාදීසු වා උත‍්තරිභඞ‍්ගෙසු වා යත්‍ථ කත්‍ථචි අන‍්තමසො යාගුභත‍්තෙපි පක‍්ඛිපිතුං වට‍්ටති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

පඬු පැහැති ලූනු ආදීන්ගේ පැහැයෙන්ද මිදුලෙන්ද වෙනස්බව දතයුතුය. පැහැයෙන් වනාහි පලණ්ඩුක නම් ලූනු පඬු පැහැති වේ. භඤ්ජනක නම් ලූනු ලේ පැහැති වේ. හරීතක නම් ලූනු නිල්පත් පැහැති වේ. මිදුලෙන් වනාහි පලණ්ඩුකනම් ලූනෙහි එක් මිදුලක් වේ. භඤ්ජනක නම් ලූනෙහි මිදුලු දෙකක් වේ. හරිතක නම් ලූනෙහි මිදුලු තුනක් වේ. චාවල නම් ලූනු මිදුලු නැත්තේය. ඒ චාවල ලූනෙහි අඞ්කුර මාත්‍රයෙක්ම වේ. මහාපච්චරී ආදියෙහි පලණ්ඩුකනම් ලූනෙහි මිදුලු තුනෙක, භඤ්ජණකයෙහි මිදුලු දෙකෙක, හරිතකයෙහි එකෙකැයි කියන ලදී. මේ පණ්ඩුලකාදීහු ස්වභාවයෙන්ම වටිත්. සූපමංසාදිය හා එක්කොට පිසීම් ආදියෙහි වනාහි මාගධක නම් ලූනුද වටියි. ඒ මාගධක ලූනු පැසෙන මුද්ගසූපාදියෙහි හෝ මත්ස්‍යමාංසවිකෘතියෙහි හෝ තෙල් ආදියෙහි හෝ ඩෙබර ගෙඩි වියලා සුණුකොට එයින් කළ ඛාද්‍යවිකෘති ආදියෙහි හෝ ඇඹුල්පලා ආදියෙහි හෝ ව්‍යඤ්ජනාදියෙහි හෝ යන යම්කිසි තැනක යටත්පිරිසෙයින් කැඳබතෙහිද බහලන ලද්දේ වටියි. මෙහි සෙස්ස ප්‍රකටමය.

එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානිය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

ලසුණසික‍්ඛාපදං පඨමං.

පළමුවන ලසුණශික්‍ෂාපදයයි.

දුතියසික‍්ඛාපදවණ‍්ණනා

දෙවන සිකපද වර්ණනාව

දුතියෙ – සම‍්බාධෙති පටිච‍්ඡන‍්නොකාසෙ. තස‍්ස විභාගදස‍්සනත්‍ථං පන “උභො උපකච‍්ඡකා මුත‍්තකරණ”න‍්ති වුත‍්තං. එකම‍්පි ලොමන‍්ති කත‍්තරියා වා සණ‍්ඩාසකෙන වා ඛුරෙන වා යෙන කෙනචි එකපයොගෙන වා නානාපයොගෙන වා එකං වා බහූනි වා සංහරාපෙන‍්තියා පයොගගණනාය පාචිත‍්තියානි, න ලොමගණනාය.

ද්විතීය ශික්‍ෂාපදයෙහි - “සම්බාධෙ” ප්‍රතිච්ඡන්නාවකාශයෙහි. ඒ අවකාශයෙහි විභාග දක්වනු පිණිස දෙකිසිල්ලය, මුත්‍ර කරණයයි කියනලදී. ‘එකම්පි ලොමං’ කතුරෙන් හෝ අඩුවෙන් හෝ දැළිපිහියෙන් හෝ යන යම් කිසිවකින් එක් ප්‍රයොගයකින් හෝ නොයෙක් ප්‍රයොගයෙන් හෝ එක්ලොමක් හෝ බොහෝ ලොම් හෝ හරවන්නාවූ මෙහෙණට ප්‍රයොග ගණනින් පාචිත්තියයෝ වෙත්. ලොම් ගණනින් නොවෙත්.

ආබාධපච‍්චයාති කණ‍්ඩුකච‍්ඡුආදිආබාධපච‍්චයා සංහරාපෙන‍්තියා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව. චතුසමුට‍්ඨානං – කායතො කායවාචතො කායචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

“ආබාධප්පච්චයා” කැසීම්, සොරි ආදීවූ ආබාධ හෙතුවෙන් ලොම් හරවන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. චතුස්සමුත්‍ථානිකය. කයින් කය වචනයෙන් කය සිතින් හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

දුතියසික‍්ඛාපදං.

දෙවන ශික්‍ෂාපදයයි.

තතියසික‍්ඛාපදවණ‍්ණනා

තෙවන සිකපද වර්ණනාව

තතියෙ – තලඝාතකෙති මුත‍්තකරණතලඝාතනෙ. අන‍්තමසො උප‍්පලපත‍්තෙනාපීති එත්‍ථ පත‍්තං තාව මහන‍්තං, කෙසරෙනාපි පහාරං දෙන‍්තියා ආපත‍්තියෙව.

තෘතීය ශික්‍ෂාපදයෙහි - “තලඝාතකෙ” මූත්‍රකරණයට පහරදීමෙහි. “අන්තමසො උප්පලපත්තෙන” යන මෙහි පත්‍රය මහත්ය. කෙසුරකින් හෝ පහර දෙන්නියට ඇවැත්මය.

ආබාධපච‍්චයාති ගණ‍්ඩං වා වණං වා පහරිතුං වට‍්ටති. සෙසං උත‍්තානමෙව. පඨමපාරාජිකසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

“ආබාධප්පච්චයා” ගඩයකට හෝ වණයකට හෝ පහරදීම වරද නොවේ. සෙස්ස ප්‍රකටමය. ප්‍රථම පාරාජිකසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ද්විවෙදනයි.

තතියසික‍්ඛාපදං.

තෙවන ශික්‍ෂාපදයයි.

චතුත්‍ථසික‍්ඛාපදවණ‍්ණනා

සතරවන සිකපද වර්ණනාව

චතුත්‍ථෙ – පුරාණරාජොරොධාති පුරාණෙ ගිහිභාවෙ රඤ‍්ඤො ඔරොධා. චිරාචිරං ගච‍්ඡතීති චිරෙන චිරෙන ගච‍්ඡති. ධාරෙථාති සක‍්කොථ. කස‍්සිදං කම‍්මන‍්ති වුත‍්තෙ අනාරොචිතෙපි එතා මයි ආසඞ‍්කං කරිස‍්සන‍්තීති මඤ‍්ඤමානා එවමාහ – “මය‍්හිදං කම‍්ම”න‍්ති.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “පුරාණරාජොරොධො” පැරණි ගිහිබැව්හි රජුගේ අන්තඃපුර ස්ත්‍රියක්. “චිරං චිරං ගච්ඡති” කලින් කල යයි. “ධාරෙථ” හැකිවවුද, “කස්සිදං කම්මං” මේ ක්‍රියාව කවරක්හුගේදැයි විචාළ කල්හි ආරොචනය නොකළ කල්හිදු මේ මෙහෙණි මා කෙරෙහි සැක කරන්නාහුයයි සිතමින් ‘මේ ක්‍රියාව මාගේය’යි මෙසේ කිවූය.

ජතුමට‍්ඨකෙති ජතුනා කතෙ මට‍්ඨදණ‍්ඩකෙ. වත්‍ථුවසෙනෙවෙතං වුත‍්තං, යංකිඤ‍්චි පන දණ‍්ඩකං පවෙසෙන‍්තියා ආපත‍්තියෙව. තෙනාහ – “අන‍්තමසො උප‍්පලපත‍්තම‍්පි මුත‍්තකරණං පවෙසෙතී”ති. එතම‍්පි ච අතිමහන‍්තං, කෙසරමත‍්තම‍්පි පන පවෙසෙන‍්තියා ආපත‍්ති එව. සෙසං උත‍්තානමෙව. සමුට‍්ඨානාදීනි තලඝාතකෙ වුත‍්තසදිසානෙවාති.

“ජතුමට්ටකෙ” ලාකඩින් කළ මටවූ දඩ නිමිතිකොට ගෙණය. වස්තු වශයෙන්ම මේ ජතුමට්ටකය කියනලදී. යම්කිසි දණ්ඩක් ප්‍රවෙශ කරන්නියට ඇවැත්මය. එහෙයින් ‘අන්තමසො උප්පලපත්තම්පි මුත්තකරණං පවෙයෙති’ වදාළ සේක. මෙද ඉතා මහත්මය. කෙසුර පමණකුදු ප්‍රවෙශ කරන්නියට ඇවැත්මය. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානිදීහු තලඝාතක ශික්‍ෂාවෙහි කියන ලද්ද සමානම වෙත්.

චතුත්‍ථසික‍්ඛාපදං.

සිවුවන ශික්‍ෂාපදයයි

පඤ‍්චමසික‍්ඛාපදවණ‍්ණනා

පස්වන සිකපද වර්ණනාව

පඤ‍්චමෙ – අතිගම‍්භීරං උදකසුද‍්ධිකං ආදියන‍්තීති අතිඅන‍්තො පවෙසෙත්‍වා උදකෙන ධොවනං කුරුමානා.

පඤ්චම ශික්‍ෂාපදයෙහි “අතිගම්භීරං උදකසුද්ධිකං ආදියන්ති” ඉතා ඇතුළට ප්‍රවෙශකොට ජලයෙන් සෝදන්නී.

කෙසග‍්ගමත‍්තම‍්පි අතික‍්කාමෙතීති විත්‍ථාරතො තතියං වා චතුත්‍ථං වා අඞ‍්ගුලං ගම‍්භීරතො ද‍්වින‍්නං පබ‍්බානං උපරි කෙසග‍්ගමත‍්තම‍්පි පවෙසෙන‍්තියා පාචිත‍්තියන‍්ති අත්‍ථො. වුත‍්තඤ‍්හෙතං මහාපච‍්චරියං – “එකිස‍්සා අඞ‍්ගුලියා තීණි පබ‍්බානි ආදාතුං න ලභති, තිණ‍්ණං වා චතුන‍්නං වා එකෙකම‍්පි පබ‍්බං ආදාතුං න ලභතී”ති. සෙසං උත‍්තානමෙව. සමුට‍්ඨානාදීනිපි තලඝාතකෙ වුත‍්තසදිසානෙවාති.

‘කෙසග්ගමත්තම්පි අතික්කාමෙති’ පුළුලින් තෙවන ඇඟිල්ල හෝ සිවුවන ඇඟිල්ල හෝ ගැඹුරෙන් පුරුක් දෙකකට වැඩියෙන් කෙසගක් පමණ නමුදු ප්‍රවෙශකරන්නියට පාචිත්තිය යන අර්‍ත්‍ථයි. මහාපච්චරියෙහි එක් ඇඟිල්ලක පුරුක් තුනක් ඇතුල් කිරීම නොලබයි. ඇඟිලි තුනක හෝ සතරක හෝ එකද පුරුකක් ඇතුල් කිරීම නොලබාය’යි මෙය කියන ලද්දේමය. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහුද තලඝාතක ශික්‍ෂාවෙහි කියන ලද්ද සමානම වෙත්.

පඤ‍්චමසික‍්ඛාපදං.

පස්වන ශික්‍ෂාපදයයි.

ඡට‍්ඨසික‍්ඛාපදවණ‍්ණනා

සවන සිකපද වර්ණනාව

ඡට‍්ඨෙ – භත‍්තවිස‍්සග‍්ගන‍්ති භත‍්තකිච‍්චං. පානීයෙන ච විධූපනෙන ච උපතිට‍්ඨිත්‍වාති එකෙන හත්‍ථෙන පානීයථාලකං එකෙන බීජනිං ගහෙත්‍වා බීජමානා සමීපෙ ඨත්‍වාති අත්‍ථො. අච‍්චාවදතීති පුබ‍්බෙපි තුම‍්හෙ එවං භුඤ‍්ජථ, අහං එවං උපට‍්ඨානං කරොමී”ති පබ‍්බජිතචාරිත‍්තං අතික‍්කමිත්‍වා ගෙහස‍්සිතකථං කථෙතීති අත්‍ථො.

ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “භත්තවිස්සග්ගං” බත්කිස පානීයෙන ච විධූපනෙන ච උපතිට්ඨිත්‍වා’ එක් අතකින් පැන්තළුව එක් අතකින් විජනිය ගෙණ පවන් සලමින් සමීපයෙහි සිට යන අර්‍ත්‍ථයි. “අච්චාවදති” පෙරද නුඹවහන්සේ මෙසේ අනුභව කළහු, මම මෙසේ උපස්ථාන කෙළෙමි’යි පැවිදි සිරිත් ඉක්මවා ගෘහනිශ්‍රිත කථා කියාය යන අර්‍ත්‍ථයි.

යංකිඤ‍්චි පානීයන‍්ති සුද‍්ධඋදකං වා හොතු, තක‍්කදධිමත්‍ථුරසඛීරාදීනං වා අඤ‍්ඤතරං. යා කාචි බීජනීති අන‍්තමසො චීවරකණ‍්ණොපි. හත්‍ථපාසෙ තිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්සාති ඉධ ඨානපච‍්චයාව පාචිත‍්තියං වුත‍්තං. පහාරපච‍්චයා පන ඛන්‍ධකෙ දුක‍්කටං පඤ‍්ඤත‍්තං.

“යං කිඤ්චි පානීයං” පිරිසිදු දියක් හෝ වේවා, මෝරු දී මීරස කිරි ආදීන් අතුරෙහි එක්තරා එකක් හෝ වේවා, “යා කාචි විජනී” යටත් පිරිසයින් සිවුරු කොණක් නමුදු “හත්‍ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස” මෙහි සිටීම හේතුකොටම පාචිත්තිය කියනලදී. ප්‍රහාර හේතුවෙන් ඛන්‍ධකයෙහි දුක්කටය පනවන ලදී.

දෙති දාපෙතීති පානීයං වා සූපාදිං වා ඉමං පිවථ, ඉමිනා භුඤ‍්ජථාති දෙති; තාලවණ‍්ටං ඉමිනා බීජන‍්තා භුඤ‍්ජථාති දෙති; අඤ‍්ඤෙන වා උභයම‍්පි දාපෙති, අනාපත‍්ති. අනුපසම‍්පන‍්නං ආණාපෙතීති උපතිට‍්ඨනත්‍ථං සාමණෙරිං ආණාපෙති, අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

“දෙති දාපෙති” පැනක් හෝ සූපාදියක් හෝ මෙය පානය කරවු, මෙයින් අනුභව කරවු’යි දේද, මෙයින් පවන් සලමින් අනුභව කරවුයි තල්වැටක් දේද, අනිකකු ලවා හෝ දෙකම දෙවාද, ඇවැත් නොවේ. “අනුපසම්පන්නං ආණාපෙති” වෙත සිටිනු පිණිස හෙරණකට අණ කෙරේද, ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

ඡට‍්ඨසික‍්ඛාපදං.

සවන ශික්‍ෂාපදයයි

සත‍්තමසික‍්ඛාපදවණ‍්ණනා

සත්වන සිකපද වර්ණනාව

සත‍්තමෙ – භුඤ‍්ජිස‍්සාමීති පටිග‍්ගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්සාති ඉදං පයොගදුක‍්කටං නාම, තස‍්මා න කෙවලං පටිග‍්ගහණෙයෙව හොති, පටිග‍්ගණ‍්හිත්‍වා පන අරඤ‍්ඤතො ආහරණෙපි සුක‍්ඛාපනෙපි වද‍්දලිදිවසෙ භජ‍්ජනත්‍ථාය උද‍්ධනසජ‍්ජනෙපි කපල‍්ලසජ‍්ජනෙපි දබ‍්බිසජ‍්ජනෙපි දාරූනි ආදාය අග‍්ගිකරණෙපි කපල‍්ලම‍්හි ධඤ‍්ඤපක‍්ඛිපනෙපි දබ‍්බියා සඞ‍්ඝට‍්ටනෙසුපි කොට‍්ටනත්‍ථං උදුක‍්ඛලමුසලාදිසජ‍්ජනෙසුපි කොට‍්ටනපප‍්ඵොටනධොවනාදීසුපි යාව මුඛෙ ඨපෙත්‍වා අජ‍්ඣොහරණත්‍ථං දන‍්තෙහි සඞ‍්ඛාදති, තාව සබ‍්බපයොගෙසු දුක‍්කටානි, අජ‍්ඣොහරණකාලෙ පන අජ‍්ඣොහරණගණනාය පාචිත‍්තියානි. එත්‍ථ ච විඤ‍්ඤත‍්ති චෙව භොජනඤ‍්ච පමාණං. තස‍්මා සයං විඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤාය භජ‍්ජනකොට‍්ටනපචනානි කාරාපෙත්‍වා භුඤ‍්ජන‍්තියාපි ආපත‍්ති. අඤ‍්ඤාය විඤ‍්ඤාපෙත්‍වා සයං භජ‍්ජනාදීනි කත්‍වා භුඤ‍්ජන‍්තියාපි ආපත‍්ති. මහාපච‍්චරියං පන වුත‍්තං – “ඉදං ආමකධඤ‍්ඤං නාම මාතරම‍්පි විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාචිත‍්තියමෙව, අවිඤ‍්ඤත‍්තියා ලද‍්ධං සයං භජ‍්ජනාදීනි කත්‍වා වා කාරාපෙත්‍වා වා භුඤ‍්ජන‍්තියා දුක‍්කටං. අඤ‍්ඤාය විඤ‍්ඤත‍්තියා ලද‍්ධං සයං වා භජ‍්ජනාදීනි කත්‍වා තාය වා කාරාපෙත්‍වා අඤ‍්ඤාය වා කාරාපෙත්‍වා භුඤ‍්ජන‍්තියාපි දුක‍්කටමෙවා”ති. පුනපි වුත‍්තං “අඤ‍්ඤාය විඤ‍්ඤත‍්තියා ලද‍්ධං, සයං භජ‍්ජනාදීනි කත්‍වා භුඤ‍්ජන‍්තියා පාචිත‍්තියමෙව. භජ‍්ජනාදීනි කාරාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පන දුක‍්කට”න‍්ති. තං පුබ‍්බාපරවිරුද‍්ධං හොති, න හි භජ‍්ජනාදීනං කරණෙ වා කාරාපනෙ වා විසෙසො අත්‍ථි. මහාඅට‍්ඨකථායං පන “අඤ‍්ඤාය විඤ‍්ඤත‍්තං භුඤ‍්ජන‍්තියා දුක‍්කට”න‍්ති අවිසෙසෙන වුත‍්තං.

සප්තම ශික්‍ෂාපදයෙහි - “භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස” මෙය පයොග දුක්කට නම. එහෙයින් හුදෙක් පිළිගැණීම නිමිතිකොටම නොවේ. පිළිගෙණ වනාහි අන්තැනකින් ගෙණඊම නිමිති කොටද, වියලීම නිමිති කොටද වැසි දිනයෙහි බැඳීම පිණිස උඳුන් සෑදීම නිමිතිකොටද කබල සෑදීම නිමිතිකොටද හැන්ද තැනීම නිමිති කොටද, දර ගෙණවුත් ගිනිකිරීම නිමිතිකොටද, කබලෙහි ධාන්‍ය බහාලීම නිමිති කොටද හැන්දෙන් ගැටීම් නිමිතිකොටද, කෙටීම පිණිස වනමෝල් සෑදීම් නිමිතිකොටද කෙටීම් පෙළීම් සේදීම් ආදිය නිමිති කොටද මුවෙහි තබා ගිලීම පිණිස දත්වලින් විකාද ඒතාක් සියලු ප්‍රයොගයන්හි දුක්කටයෝ වෙත්. ගිලින කල්හි වනාහි පිඩුගණනින් පාචිත්තියයෝ වෙත්. මෙහිද විඥප්තියද භොජනයද ප්‍රමාණ වේ. එහෙයින් තමන් විනවා අනිකක් ලවා බැදීම් කෙටීම් පිසීම් කරවා අනුභව කරන්නියට පවා ඇවැත් වේ. අන් එකකුලවා විනවා තමන් බැදීම් ආදියකොට අනුභව කරන්නියට පවා ඇවැත් වේ. මහාපච්චරියෙහි වනාහි මේ ආමකධාන්‍ය නම් මව නමුදු විනවා අනුභව කරන්නියට පාචිත්තියම වේ. නොවිනවීමෙන් ලද්දක් බැඳීම් ආදියකොට හෝ කරවා හෝ අනුභව කරන්නියට දුක්කටය වේ. අන් එකක්හුගේ විනවීමෙන් ලද්දක් තමන් හෝ බැඳීම් ආදිය කොට ඒ මෙහෙණලවා හෝ කරවා අන් එකකුලවා හෝ කරවා අනුභව කරන්නියට පවා දුක්කටයමැයි කියනලදී. නැවතද අන් එකක්හුගේ විනවීමෙන් ලද්දක්වේද, හෙද වනාහි තමන් බැඳීම් ආදිය කොට අනුභව කරන්නියට පාචිත්තියම වේ. බැඳීම් ආදිය කරවා අනුභව කරන්නියට වනාහි දුක්කටයයි කියනලදී. එය පූර්‍වාපරවිරොධය වේ. බැදීම් ආදිය කිරීමෙහි හෝ කරවීමෙහි වෙනසෙක් නොමඇත්තේය. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි අන් එකකු විසින් විනවන ලද්දක් අනුභව කරන්නියට දුක්කටයයි විශෙෂයක් නොතබා කියනලදී. එය යුතුමය.

ආබාධපච‍්චයාති සෙදකම‍්මාදීනං අත්‍ථාය ධඤ‍්ඤවිඤ‍්ඤත‍්තියා අනාපත‍්ති. “අවිඤ‍්ඤත‍්තියා ලබ‍්භමානං පන නවකම‍්මත්‍ථාය සම‍්පටිච‍්ඡිතුං වට‍්ටතී”ති මහාපච‍්චරියං වුත‍්තං. අපරණ‍්ණං විඤ‍්ඤාපෙතීති ඨපෙත්‍වා සත‍්ත ධඤ‍්ඤානි මුග‍්ගමාසාදිං වා ලාබුකුම‍්භණ‍්ඩාදිං වා අඤ‍්ඤං යංකිඤ‍්චි ඤාතකපවාරිතට‍්ඨානෙ විඤ‍්ඤාපෙන‍්තියා අනාපත‍්ති. ආමකධඤ‍්ඤං පන ඤාතකපවාරිතට‍්ඨානෙ න වට‍්ටති. සෙසං උත‍්තානමෙව.

“ආබාධප්පච්චයා” ස්වෙදකර්‍මාදිය පිණිස ධාන්‍ය විනවීම නිමිතිකොට ඇවැත් නොවේ. නොවිනවීමෙන් ලබන්නක් වනාහි නවකර්‍මාන්ත පිණිස පිළිගැණීම වටීයයි මහාපච්චරියෙහි කියනලදී. ‘අපරන්නං විඤ්ඤාපෙති’ සප්තවිධ ධාන්‍ය හැර මුං, මෑ, ආදිය හෝ ලබු, කොමඩු ආදීවු හෝ අන්‍යවූ යම් කිසිවක් හෝ නෑ පැවරූ තන්හි විනවන්නියට ඇවැත් නොවේ. අමුධාන්‍යයක් වනාහි නෑ පැවරූතන්හිද නොවටියි. සෙස්ස ප්‍රකටමය.

චතුසමුට‍්ඨානං – කායතො කායවාචතො කායචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

චතුස්සමුත්‍ථානිකය. කයින් කයවචනයෙන් කයසිතින්, කයවචනසිතින්ද හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන ශික්‍ෂාපදයයි.

අට‍්ඨමසික‍්ඛාපදවණ‍්ණනා

අටවන සිකපද වර්ණනාව

අට‍්ඨමෙ – නිබ‍්බිට‍්ඨො රාජභටො රඤ‍්ඤො භති කෙණි එතෙනාති නිබ‍්බිට‍්ඨරාජභටො, එකං ඨානන‍්තරං කෙණියා ගහෙත්‍වා තතො ලද‍්ධඋදයොති අත්‍ථො. තඤ‍්ඤෙව භටපථං යාචිස‍්සාමීති රඤ‍්ඤො කෙණිං දත්‍වා පුන තංයෙව ඨානන‍්තරං යාචිස‍්සාමීති චින‍්තෙන‍්තො. පරිභාසීති තා භික‍්ඛුනියො “මා පුන එවං කරිත්‍ථා”ති සන‍්තජ‍්ජෙසි.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “නිබ්බිට්ඨරාජභටො” පිහිටුවනලද රජහට දියයුතු භති, අය මේ බමුණහු විසිනැයි නිබ්බිට්ඨරාජභට නම. එක් තනතුරක් අයයෙන් ගෙන එයින් ලැබූ මහත් අය ඇත්තේය යන අර්‍ත්‍ථයි. “තං යෙව භටපථං යාචිස්සාමි” රජහට දියයුතුවූ අයද දී නැවැත එම තනතුරම යාඥා කරන්නෙමි’යි සිතමින් “පරිහාසි” ඒ මෙහෙණන්හට ‘නැවැත මෙසේ නොකරවු’යි තර්‍ජනය කළේය.

සයං ඡඩ‍්ඩෙතීති චත‍්තාරිපි වත්‍ථූනි එකපයොගෙන ඡඩ‍්ඩෙන‍්තියා එකාව ආපත‍්ති, පාටෙක‍්කං ඡඩ‍්ඩෙන‍්තියා වත්‍ථුගණනාය ආපත‍්තියො. ආණත‍්තියම‍්පි එසෙව නයො. දන‍්තකට‍්ඨඡඩ‍්ඩනෙපි භික‍්ඛුනියා පාචිත‍්තියමෙව. භික‍්ඛුස‍්ස සබ‍්බත්‍ථ දුක‍්කටං. සෙසං උත‍්තානමෙව.

“සයං ඡඩ්ඩෙති” මලමූ ආදීවූ සතරවස්තූන් එක් ප්‍රයොගයකින් දමන්නියට එක්ම ඇවැතක් වේ. වෙන් වෙන් වසයෙන් දමන්නියට වස්තු ගණනින් ආපත්තීහු වෙත්. ඇණවීම නිමිතිකොටද මෙම නයවේ. දැහැටිදඬු දැමීම නිමිතිකොටද මෙහෙණට පාචිත්තියම වේ. මහණහුට හැමතන්හි දුක්කටය වේ. සෙස්ස ප්‍රකටමය.

ඡසමුට‍්ඨානං – කිරියාකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන ශික්‍ෂාපදයයි

නවමසික‍්ඛාපදවණ‍්ණනා

නවවන සිකපද වර්ණනාව

නවමෙ – යං මනුස‍්සානං උපභොගපරිභොගං රොපිමන‍්ති ඛෙත‍්තං වා හොතු නාළිකෙරාදිආරාමො වා, යත්‍ථ කත්‍ථචි රොපිමහරිතට‍්ඨානෙ එතානි වත්‍ථූනි ඡඩ‍්ඩෙන‍්තියා පුරිමනයෙනෙව ආපත‍්තිභෙදො වෙදිතබ‍්බො. ඛෙත‍්තෙ වා ආරාමෙ වා නිසීදිත්‍වා භුඤ‍්ජමානා උච‍්ඡුආදීනි වා ඛාදන‍්තී; ගච‍්ඡමානා උච‍්ඡිට‍්ඨොදකචලකාදීනි හරිතට‍්ඨානෙ ඡඩ‍්ඩෙති, අන‍්තමසො උදකං පිවිත්‍වා මත්‍ථකච‍්ඡින‍්නනාළිකෙරම‍්පි ඡඩ‍්ඩෙති, පාචිත‍්තියමෙව. භික‍්ඛුනො දුක‍්කටං. කසිතට‍්ඨානෙ පන නික‍්ඛිත‍්තබීජෙ යාව අඞ‍්කුරං න උට‍්ඨහති, තාව සබ‍්බෙසං දුක‍්කටං . අනික‍්ඛිත‍්තබීජෙසු ඛෙත‍්තකොණාදීසු වා අසඤ‍්ජාතරොපිමෙසු ඛෙත‍්තමරියාදාදීසු වා ඡඩ‍්ඩෙතුං වට‍්ටති. මනුස‍්සානං කචවරඡඩ‍්ඩනට‍්ඨානෙපි වට‍්ටති. ඡඩ‍්ඩිතඛෙත‍්තෙති මනුස‍්සෙසු සස‍්සං උද‍්ධරිත්‍වා ගතෙසු ඡඩ‍්ඩිතඛෙත‍්තං නාම හොති, තත්‍ථ වට‍්ටති. යත්‍ථ පන ලායිතම‍්පි පුබ‍්බණ‍්ණාදි පුන උට‍්ඨහිස‍්සතීති රක‍්ඛන‍්ති, තත්‍ථ යථාවත්‍ථුකමෙව. සෙසං උත‍්තානමෙව. ඡසමුට‍්ඨානං – කිරියාකිරියං…පෙ… තිවෙදනන‍්ති.

නවම ශික්‍ෂාපදයෙහි - “යං මනුස්සානං උපභොගපරිභොගං රොපිමං” කෙතක් හෝ වේවා, ‘නාළකෙරාදි ආරමයක් හෝ වේවා, යම්කිසි වැවිලි ඇති නිල්වන් තැනක මේ වස්තූන් දමන්නියට පෙරනයින්ම ආපත්තිභෙදය දතයුතුය. කෙතෙහි හෝ අරමෙහි හෝ හිඳ අනුභව කරන්නී උක් ආදියක් හෝ කමින් යන්නී ඉඳුල්දිය කටුරොඩු ආදිය හෝ නිල්වන් තැනක දමාද, යටත් පිරිසයින් පැන් බී මුදුන සිඳදැමූ පොලක් හෝ දමාද, පාචිත්තියම වේ. මහණහුට දුක්කටය වේ. සෑතන්හි වපුළ බිජුවටෙහි යම්තාක් අඞ්කුරය නොනගීද, ඒතාක් මහණ මෙහෙණ සියල්ලන්හට දුක්කටය වේ. නොවපුළ බිජුවට ඇති කෙත් කොන් ආදියෙහි හෝ නොහටගත් වැවිලි ඇති කෙත් ඉම් ආදියෙහි හෝ දැමීම වටියි. මිනිසුන්ගේ කසළ දමන තන්හිද වටියි. “ඡඩ්ඩිතඛෙත්තෙ” මිනිසුන් සස්‍ය උදුරාගිය කල්හි ඒ කෙත හළකෙත නම්වේ. එහිම වටියි. යම්තැනක කපන ලද්දාවූද, පුබ්බන්නාදිය නැවැත හටගන්නේයයි රකිත්ද, එහි යථාවස්තුක ඇවැත්ම වේ. සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. -පෙ-ත්‍රිවෙදනයි.

නවමසික‍්ඛාපදං.

නවවන ශික්‍ෂාපදයයි

දසමසික‍්ඛාපදවණ‍්ණනා

දසවන සිකපද වර්ණනාව

දසමෙ – යංකිඤ‍්චි නච‍්චන‍්ති නටාදයො වා නච‍්චන‍්තු සොණ‍්ඩා වා, අන‍්තමසො මොරසුවමක‍්කටාදයොපි, සබ‍්බම‍්පෙතං නච‍්චමෙව. යංකිඤ‍්චි ගීතන‍්ති යංකිඤ‍්චි නටාදීනං වා ගීතං හොතු, අරියානං පරිනිබ‍්බානකාලෙ රතනත‍්තයගුණූපසංහිතං සාධුකීළිතගීතං වා අසංයතභික‍්ඛූනං ධම‍්මභාණකගීතං වා, සබ‍්බම‍්පෙතං ගීතමෙව. යංකිඤ‍්චි වාදිතන‍්ති තන‍්තිබද‍්ධාදිවාදනීයභණ‍්ඩවාදිතං වා හොතු, කුටභෙරිවාදිතං වා, අන‍්තමසො උදකභෙරිවාදිතම‍්පි, සබ‍්බම‍්පෙතං වාදිතමෙව.

දශම ශික්‍ෂාපදයෙහි - “යං කිඤ්චි නච්චං” නාට්‍යකාරාදීහු හෝ නටත්වා, සොඬහු හෝ නටත්වා, යටත්පිරිසෙයින් මොනර, ගිරා, වඳුරු ආදීහු හෝ නටත්වා, මේ සියල්ලද නෘත්‍යමය. “යං කිඤ්චි ගීතං” නළු ආදීන්ගේ ගීතයක් හෝ වේවා. ආර්‍ය්‍යයන් පිරිනිවන කල්හි තෙරුවන් ගුණයුත් සාධුකීළිත ගීතයක් හෝ වේවා, අසංයත භික්‍ෂූන්ගේ ධර්‍මභාණක ගීතයක් හෝ වේවා. මේ සියල්ලද ගීතමය. “කිඤ්චි වාදිතං” තන්ත්‍රිබද්ධාදීවූ වාදනීය භාණ්ඩයන්ගේ වාදනයක් හෝ වේවා, කුළුබෙර ගැසීමක් හෝ වේවා, යටත් පිරිසෙයින් උදකභෙරිවාදනයක් නමුදු වේවා, මේ සියල්ලද වාදිතමය.

දස‍්සනාය ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්සාති පදවාරගණනාය ආපත‍්ති දුක‍්කටස‍්ස. යත්‍ථ ඨිතා පස‍්සති වා සුණාති වාති එකපයොගෙන ඔලොකෙන‍්තී පස‍්සති, තෙසංයෙව ගීතවාදිතං සුණාති, එකමෙව පාචිත‍්තියං. සචෙ පන එකං දිසං ඔලොකෙත්‍වා නච‍්චං පස‍්සති, පුන අඤ‍්ඤතො ඔලොකෙත්‍වා ගායන‍්තෙ පස‍්සති අඤ‍්ඤතො වාදෙන‍්තෙ, පාටෙක‍්කා ආපත‍්තියො. භික‍්ඛුනී සයම‍්පි නච‍්චිතුං වා ගායිතුං වා වාදිතුං වා න ලභති, අඤ‍්ඤෙ “නච‍්ච, ගාය, වාදෙහී”ති වත‍්තුම‍්පි න ලභති. “චෙතියස‍්ස උපහාරං දෙථ, උපාසකා”ති වත‍්තුම‍්පි “තුම‍්හාකං චෙතියස‍්ස උපට‍්ඨානං කරොමා”ති වුත‍්තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිතුම‍්පි න ලභති. සබ‍්බත්‍ථ පාචිත‍්තියන‍්ති සබ‍්බඅට‍්ඨකථාසු වුත‍්තං. භික‍්ඛුනො දුක‍්කටං. “තුම‍්හාකං චෙතියස‍්ස උපට‍්ඨානං කරොමා”ති වුත‍්තෙ පන “උපට‍්ඨානකරණං නාම සුන්‍දර”න‍්ති වත‍්තුං වට‍්ටති.

“දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස” පියවර ගණනින් දුක්කටයට පැමිණීම වේ. “යත්‍ථ ඨිතා පස්සති වා සුණාති වා” එක් ප්‍රයොගයකින් බලන්නී බලාද, ඔවුන්ගේම ගීතවාදිතය අසාද එක්ම පාචිත්තියක්ම වේ. ඉදින් එක් දිසාවක් බලා නෘත්‍යය බලාද, නැවත අනික් දිසාවක් බලා ගායනා කරන්නවුන් බලාද, අනිත් දිසාවෙක්හි වයන්නවුන් බලාද, වෙන් වෙන් වූ ඇවැත්හු වෙත්. මෙහෙණ තොමෝ, තොමෝ නටන්නට හෝ ගයන්නට හෝ වයන්නට හෝ නොලබයි. අනිකක්හට ‘නටව, ගයව, වයව’යි කියන්නටද, නොලබයි. ‘උපාසක, චෛත්‍යයට උපහාර දෙවු, කියන්නටද, නුබවහන්සේලාගේ සෑයට උපස්ථාන කරම්හ’යි විචාළ කල්හි ‘යහපතැ’යි පිළිගන්නටද නොලබයි. සියලු තන්හි පාචිත්තිය’යි සියලු අර්‍ත්‍ථකථාවන්හි කියනලදී. මහණහුට දුක්කටය වේ. ‘නුබවහන්සේලාගේ සෑයට උපස්ථාන කරමුදැ’යි විචාළ කල්හි ‘උපස්ථාන කිරීම නම් යහපතැයි කීම වටියි.

ආරාමෙ ඨිතාති ආරාමෙ ඨත්‍වා අන‍්තරාරාමෙ වා බහිආරාමෙ වා නච‍්චාදීනි පස‍්සති වා සුණාති වා, අනාපත‍්ති. සති කරණීයෙති සලාකභත‍්තාදීනං වා අත්‍ථාය අඤ‍්ඤෙන වා කෙනචි කරණීයෙන ගන‍්ත්‍වා ගතට‍්ඨානෙ පස‍්සති වා සුණාති වා, අනාපත‍්ති. ආපදාසූති තාදිසෙන උපද‍්දවෙන උපද‍්දුතා සමජ‍්ජට‍්ඨානං පවිසති, එවං පවිසිත්‍වා පස‍්සන‍්තියා වා සුණන‍්තියා වා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

“ආරාමෙ ඨිතා” ආරාමයෙහි සිට ආරාමය තුළ හෝ ආරාමය පිටත හෝ නෘත්‍යාදිය බලාද, අසාද, ඇවැත් නොවේ. “සති කරණීයෙ” ලහබත් ආදිය පිණිස හෝ අන් කිසි කටයුත්තක් නිසා හෝ ගොස් ගියතන්හිදී බලාද අසාද ඇවැත් නොවේ. ‘ආපදාසු’ එබඳු උවදුරකින් උපද්‍රතවූවා නටන තැනට පිවිසෙන්නීද, මෙසේ පිවිස බලන්නියටද, අසන්නියටද, ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.

දසමසික‍්ඛාපදං.

දසවන ශික්‍ෂාපදයයි

ලසුණවග‍්ගො පඨමො.

ප්‍රථම වූ ලසුණ වර්‍ගයයි