යෙදුමෙන් කියවන්න

දසමසික‍්ඛාපදං

4. 1. 10.

4. 1. 10.

දසමසික‍්ඛාපදං

දසවන සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගිරග‍්ගසමජ‍්ජො හොති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ගිරග‍්ගසමජ‍්ජං දස‍්සනාය අගමංසු. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො නච‍්චම‍්පි ගීතම‍්පි වාදිතම‍්පි දස‍්සනාය ආගච‍්ඡිස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහීකාමභොගිනියො”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග නැටුමෙක් වෙයි. සවග මෙහෙණෝ ගිරග නැටුම දකිනු පිණිස ගියහ. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනීන් මෙන් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ආවාහු දැ”යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො නච‍්චම‍්පි ගීතම‍්පි වාදිතම‍්පි දස‍්සනාය ගච‍්ඡිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො නච‍්චම‍්පි ගීතම‍්පි වාදිතම‍්පි දස‍්සනාය ගච‍්ඡන‍්තී”ති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො නච‍්චම‍්පි ගීතම‍්පි වාදිතම‍්පි දස‍්සනාය ගච‍්ඡිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ගියාහු දැ”යි. ... සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස යෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද, මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

“යා පන භික‍්ඛුනී නච‍්චං වා ගීතං වා වාදිතං වා දස‍්සනාය ගච‍්ඡෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් නටනු හෝ ගයනු හෝ වයනු හෝ දකිනු පිණිස යා නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

නච‍්චං නාම: යං කිඤ‍්චි නච‍්චං.

නච්ච නම්: යම් කිසි නැටීමක්.

ගීතං නාම: යං කිඤ‍්චි ගීතං.

ගීත නම්: යම් කිසි ගැයීමක්.

වාදිතං නාම: යං කිඤ‍්චි වාදිතං.

වාදිත නම්: යම් කිසි වැයීමක්.

දස‍්සනාය ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස. යත්‍ථ ඨිතා පස‍්සති වා සුණාති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දස‍්සනූපචාරං විජහිත්‍වා පුනප‍්පුනං පස‍්සති වා සුණාති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. එකමෙකං දස‍්සනාය ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස. යත්‍ථ ඨිතා පස‍්සති වා සුණාති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දස‍්සනූපචාරං විජහිත්‍වා පුනප‍්පුනං පස‍්සති වා සුණාති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

දකිනු පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. එකක් එකක් දකිනු පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.”

අනාපත‍්ති: ආරාමෙ ඨිතා පස‍්සති වා සුණාති වා භික‍්ඛුනියා ඨිතොකාසං වා නිසින‍්නොකාසං වා නිපන‍්නොකාසං වා ආගන‍්ත්‍වා නච‍්චන‍්ති වා ගායන‍්ති වා වාදෙන‍්ති වා පටිපථං ගච‍්ඡන‍්තී පස‍්සති වා සුණාති වා සති කරණීයෙ ගන‍්ත්‍වා පස‍්සති වා සුණාති වා, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අරමෙහි සිටියා දකී නම් හෝ අසා නම් හෝ, මෙහෙණක්හු සිටි තෙනට හෝ හුන්තෙනට හෝ හොත්තෙනට හෝ අවුත් නටත් නම් හෝ ගයත් නම් හෝ වයත් නම් හෝ, පෙරැමග යන්නී දකී නම් හෝ අසා නම් හෝ, ඇවැසි කරුණක් ඇති කල්හි ගොස් දකී නම් හෝ අසා නම් හෝ ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දසවන සිකපද යි.

ලසුනවග‍්ගො පඨමො.

ප්‍රථම ලසුන වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ලසුනං සංහරෙ ලොමං - තලඝට‍්ටඤ‍්ච සුද‍්ධිකං, භුඤ‍්ජන‍්තාම කධඤ‍්ඤෙන - ද‍්වෙ විඝාසෙන දස‍්සනාති.

ලසුන යැ ලෝමසංහරණ යැ තලඝාතක යැ ජතුමට්ටක යැ උදක සුද්ධික යැ ආමකධඤ්ඤ ය සමඟ භුඤ්ජන්ත යැ විඝාස දෙක යැ දස්සන යැ යි.