යෙදුමෙන් කියවන්න

නවමසික‍්ඛාපදං

4. 1. 9.

4. 1. 9.

නවමසික‍්ඛාපදං

නවවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස භික‍්ඛුනූපස‍්සයං නිස‍්සාය යවඛෙත‍්තං හොති. භික‍්ඛුනියො උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි සඞ‍්කාරම‍්පි විඝාසම‍්පි හරිතෙ ඡඩ‍්ඩෙන‍්ති. අථ ඛො සො බ්‍රාහ‍්මණො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික‍්ඛුනියො අම‍්හාකං යවඛෙත‍්තං දූසෙස‍්සන‍්තී”ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණක්හුගේ යව කෙතෙක් මෙහෙණවරක් ඇසිරි කොට වෙයි. මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපියති. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුව යි. “කෙසේ නම් මෙහෙණෝ අපගේ යවකෙත දූෂණය කළාහු”දැ යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි සඞ‍්කාරම‍්පි විඝාසම‍්පි හරිතෙ ඡඩ‍්ඩෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි සඞ‍්කාරම‍්පි විඝාසම‍්පි හරිතෙ ඡඩ‍්ඩෙන‍්තීති. සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි සඞ‍්කාරම‍්පි විඝාසම‍්පි හරිතෙ ඡඩ‍්ඩෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහුද ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ මල ද මූ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී උච‍්චාරං වා පස‍්සාවං වා සඞ‍්කාරං වා විඝාසං වා හරිතෙ ඡඩ‍්ඩෙය්‍ය වා ඡඩ‍්ඩාපෙය්‍ය වා, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් මල හෝ මූ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල්වන් ගොයමෙහි දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනී ති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

උච‍්චාරො නාම: ගූථො වුච‍්චති.

උච්චාර නම්: ගූථ ය කියනු ලැබෙයි.

පස‍්සාවො නාම: මුත‍්තං වුච‍්චති.

පස්සාව නම්: මූත්‍ර කියනු ලැබෙයි.

සඞ‍්කාරං නාම: කචවරං වුච‍්චති.

සඞ්කාර නම්: කසළ කියනු ලැබෙයි.

විඝාසං නාම: චලකානි වා අට‍්ඨිකානි වා උච‍්චිට‍්ඨොදකං වා.

විඝාස නම්: සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ යැ.

හරිතං නාම: පුබ‍්බන‍්නං අපරන‍්නං යං මනුස‍්සානං උපභොගපරිභොගං රොපිමං .

හරිත නම්: යම් දැයෙක් මිනිසුන්ගේ උපභෝග පරිභෝගයට රෝප ය කරන ලදද (ඒ) පූර්‍වාන්න යැ අපරාන්න යැ යි.

ඡඩ‍්ඩෙය්‍යාති: සයං ඡඩ‍්ඩෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඡඩ්ඩෙය්‍ය: තොමෝ දමාපියා නම් පචිති ඇවැත් වෙයි.

ඡඩ‍්ඩාපෙය්‍යාති: අඤ‍්ඤං ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. සකිං ආණත‍්තා බහුකම‍්පි ඡඩ‍්ඩෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඡඩ්ඩාපෙය්‍ය: මෙරමාහට අණවා නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වරකුදු දමාපියා නම් පචිති ඇවැත් වේ.

හරිතෙ හරිතසඤ‍්ඤා ඡඩ‍්ඩෙති වා ඡඩ‍්ඩාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. හරිතෙ වෙමතිකා ඡඩ‍්ඩෙති වා ඡඩ‍්ඩාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. හරිතෙ අහරිතසඤ‍්ඤා ඡඩ‍්ඩෙති වා ඡඩ‍්ඩාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නිල්වනෙහි නිල්වන් සන් ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වෙයි. නිල්වනෙහි විමති ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වෙයි. නිල්වනෙහි නො නිල්වන් සන් ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වේ.

අහරිතෙ හරිතසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අහරිතෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අහරිතෙ අහරිතසඤ‍්ඤා අනාපත‍්ති.

නො නිල්වනෙහි නිල්වන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිල්වනෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිල්වනෙහි නො නිල්වන් සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ඔලොකෙත්‍වා ඡඩ‍්ඩෙති, සාමිකෙ අපලොකෙත්‍වා ඡඩ‍්ඩෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

හැරැ දමන ලද කෙතෙහි දමාපියා නම්, හිමියන් පිළිවිසැ දමාපියා නම් ඇවැත් නොවේ, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවවන සිකපද යි.