යෙදුමෙන් කියවන්න

අට‍්ඨමසික‍්ඛාපදං

4. 1. 8.

4. 1. 8.

අට‍්ඨමසික‍්ඛාපදං

අටවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො නිබ‍්බිට‍්ඨරාජභටො තඤ‍්ඤෙව භටපථං යාචිස‍්සාමීති සීසං නහායිත්‍වා භික‍්ඛුනූපස‍්සයං උපනිස‍්සාය රාජකුලං ගච‍්ඡති. අඤ‍්ඤතරා භික‍්ඛුනී කටාහෙ වච‍්චං කත්‍වා තිරොකුඩ‍්ඩෙ ඡඩ‍්ඩෙන‍්තී තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස මත්‍ථකෙ ආසුම‍්භි. අථ ඛො සො බ්‍රාහ‍්මණො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “අස‍්සමණියො ඉමා මුණ‍්ඩා වන්‍ධකිනියො කථං හි නාම ගූථකටාහං මත්‍ථකෙ ආසුම‍්භිස‍්සන‍්ති. ඉමාසං උපස‍්සයං ඣාපෙස‍්සාමී”ති උම‍්මුකං ගහෙත්‍වා උපස‍්සයං පවිසති. අඤ‍්ඤතරො උපාසකො උපස‍්සයා නික‍්ඛමන‍්තො අද‍්දස තං බ්‍රාහ‍්මණං උම‍්මුකං ගහෙත්‍වා උපස‍්සයං පවිසන‍්තං. දිස‍්වාන තං බ්‍රාහ‍්මණං එතදවොච “කිස‍්ස ත්‍වං භො උම‍්මුකං ගහෙත්‍වා උපස‍්සයං පවිසසී”ති. ඉමා මං භො මුණ‍්ඩා වන්‍ධකිනියො ගූථකටාහං මත්‍ථකෙ ආසුම‍්භිංසු. ඉමාසං උපස‍්සයං ඣාපෙස‍්සාමීති. ගච‍්ඡ භො බ්‍රාහ‍්මණ මඞ‍්ගලං එතං සහස‍්සං ලච‍්ඡසි තඤ‍්ච භටපථන‍්ති. අථ ඛො සො බ්‍රාහ‍්මණො සීසං නහායිත්‍වා රාජකුලං ගන‍්ත්‍වා සහස‍්සං අලත්‍ථ තඤ‍්ච භටපථං.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණෙක් බැළයට සේවා කරන රාජභටයෙක් වූයේ ඒ භටමාර්‍ගය මැ ඉල්වන්නෙමැ යි හිස දොවා සනහා මෙහෙණවරට සමීපමාර්‍ගයෙන් රජගෙදරට යෙයි. එක්තරා මෙහෙණක් කබලෙක්හි වස කිස කොට බිතුයෙන් ඔබ්බෙහි දමාපියන්නී ඒ බමුණාගේ හිස මත්තෙහි හෙලූ යැ. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “මේ මුඬු වඳලියෝ වූ නො මෙහෙණෝ කෙසේ නම් වසුරු බඳුනක් හිසමත්තෙහි හෙලූහු ද? මොවුන්ගේ අසපුව දවන්නෙමැ යි ගිනිහුලක් ගෙනැ අසපුවට පිවිසෙයි. එක්තරා උවසුවෙක් මෙහෙණවරින් නික්මෙන්නේ ගිනිහුලක් ගෙනැ මෙහෙණවරට පිවිසෙන ඒ බමුණා දිටී. දැකැ එ බමුණුහට “පින්වත තෝ කුමකට ගිනිහුලක් ගෙනැ මෙහෙණවරට පිවිසෙහි”දැ යි කී යැ. පින්වත මේ මුඩු වඳගැහැණු වසුරු බඳුනක් මා මත්තෙහි හෙලූහ. මොවුන්ගේ මෙහෙණවර දවාලන්නෙමි යි. පින්වත් බමුණ යා තෙලෙ මඟුල් යැ. දහසක් ද ඒ භටමාර්‍ගය ද ලබනෙහි යැ යි. එකල්හි ඒ බමුණු තෙමේ හිස දොවා නහා රජගෙදරට ගොස් දහසක් ද ඒ භටමාර්‍ගය ද ලැබී.

2. අථ ඛො සො උපාසකො උපස‍්සයං පවිසිත්‍වා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙත්‍වා පරිභාසි. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනී උච‍්චාරං තිරොකුඩ‍්ඩෙ ඡඩ‍්ඩෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී උච‍්චාරං තිරොකුඩ‍්ඩෙ ඡඩ‍්ඩෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී උච‍්චාරං තිරොකුඩ‍්ඩෙ ඡඩ‍්ඩෙස‍්සති නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. ඉක්බිති ඒ උවසු මෙහෙණවරට පිවිස මෙහෙණන් හට තෙල කරුණ ඇරොජා (යළි මෙබන්දක් නො කරන්නැ යි) බියගැන්වී යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෙක් තොමෝ මල භිත්තියෙන් පිටත්හි දමාපූ දැ” යි ... සැබෑ ද මහණෙනි මෙහෙණක් මල භිත්තියෙන් පිටත්හි දමාපියද්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මල භිත්තියෙන් පිටත්හි දමාපූද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී උච‍්චාරං වා පස‍්සාවං වා සඞ‍්කාරං වා විඝාසං වා තිරොකුඩ‍්ඩෙ වා තිරොපාකාරෙ වා ඡඩ‍්ඩෙය්‍ය වා ඡඩ‍්ඩාපෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් මල හෝ මූ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටතැ හෝ පවුරෙන් පිටතැ හෝ දමාපියා නම් හෝ දමාපියවා නම් හෝ පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

උච‍්චාරො නාම: ගූථො වුච‍්චති.

උච්චාර නම්: ගුථය කියනු ලැබෙයි.

පස‍්සාවො නාම: මුත‍්තං වුච‍්චති.

පස්සාව නම්: මූත්‍ර කියනු ලැබෙයි.

සඞ‍්කාරං නාම: කචවරං වුච‍්චති.

සඞ්කාර නම්: කසළ කියනු ලැබෙයි.

විඝාසං නාම: චලකානි වා අට‍්ඨිකානි වා උච‍්චිට‍්ඨොදකං වා.

විඝාස නම්: සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ යැ.

කුඩ‍්ඩො නාම: තයො කුඩ‍්ඩා ඉට‍්ඨකාකුඩ‍්ඩො සිලාකුඩ‍්ඩො දාරුකුඩ‍්ඩො.

කුඩ්ඩ නම්: ගඩොළු බිතු යැ සෙල් බිතු යැ දැව බිතු යැයි බිතු තුනෙකි.

පාකාරො නාම: තයො පාකාරා ඉට‍්ඨකාපාකාරො සිලාපාකාරො දාරුපාකාරො.

පාකාර නම්: ගඩොළු පවුරු යැ සෙල් පවුරු යැ දැව පවුරු යැයි පවුරු තුනෙකි.

තිරොකුඩ‍්ඩෙති: කුඩ‍්ඩස‍්ස පරතො.

තිරොකුඩ්ඩෙ: බිතුයෙන් ඔබ්බෙහි;

තිරොපාකාරෙති: පාකාරස‍්ස පරතො.

තිරො පාකාරෙ: පවුරෙන් ඔබ්බෙහි;

ඡඩ‍්ඩෙය්‍යාති: සයං ඡඩ‍්ඩෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඡඩ්ඩෙය්‍ය: තෙමේ දමාපියා නම් පචිති ඇවැත් වෙයි.

ඡඩ‍්ඩාපෙය්‍යාති: අඤ‍්ඤං ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. සකිං ආණත‍්තා බහුකම‍්පි ඡඩ‍්ඩෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඡඩ්ඩාපෙය්‍ය: මෙරමා අණවා නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වරකුදු දමාපියා නම් පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: ඔලොකෙත්‍වා ඡඩ‍්ඩෙති, අවලඤ‍්ජෙ ඡඩ‍්ඩෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

බලා දමාපියා නම්, යනෙන මඟක් නැති තන්හි දමාපියා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති,

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන සිකපදය යි.