යෙදුමෙන් කියවන්න

සත‍්තමසික‍්ඛාපදං

4. 1. 7.

4. 1. 7.

සත‍්තමසික‍්ඛාපදං

සත්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො සස‍්සකාලෙ ආමකධඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා නගරං අතිහරන‍්ති. ද‍්වාරට‍්ඨානෙ දෙථාය්‍යෙ භාගන‍්ති පලිබුද‍්ධිත්‍වා මුඤ‍්චිංසු. අථ ඛො තා භික‍්ඛුනියො උපස‍්සයං ගන‍්ත්‍වා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසුං.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ අස්වනු කල්හි අමු ධාන්‍යය විනවා නුවරට ගෙන එති. (නුවරැ) දොරටුතන්හි ආර්‍ය්‍යාවෙනි, කොටසක් දෙවුයැ යි හිරිහැර කොට මුදාලූහ. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ආමකධඤ‍්ඤං විඤ‍්ඤාපෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො ආමකධඤ‍්ඤං විඤ‍්ඤාපෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා, -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො ආමකධඤ‍්ඤං විඤ‍්ඤාපෙස‍්සන‍්ති, නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ අමු ධාන්‍යය විනවූහු” දැයි ... “සැබෑද මහණෙනි, මෙහෙණෝ අමු ධාන්‍යය වින වත්”දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අමු ධාන්‍යය විනවහුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ආමකධඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා වා විඤ‍්ඤාපෙත්‍වා වා භජ‍්ජිත්‍වා වා භජ‍්ජාපෙත්‍වා වා කොට‍්ටෙත්‍වා වා කොට‍්ටාපෙත්‍වා වා පචිත්‍වා වා පචාපෙත්‍වා වා භුඤ‍්ජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් තොමෝ අමු ධාන්‍යය විනවා හෝ විනවවා හෝ බැද හෝ බදවා හෝ කොටා හෝ කොටවා හෝ පිසැ හෝ පිසවා හෝ වළඳා නම් පචිති ඇවැත් වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

ආමකධඤ‍්ඤං නාම: සාලි වීහි යවො ගොධුමො කඞ‍්ගු වරකො කුද්‍රූසකො.

ආමකධඤ්ඤ නම්: හැල් යැ වී යැ යව යැ තිරිඟු ය කඞ්ගු යැ වරා යැ අමු යැ.

විඤ‍්ඤාපෙත්‍වාති: සයං විඤ‍්ඤාපෙත්‍වා.

විඤ්ඤාපෙත්‍වා: තමා විසින් විනවා.

විඤ‍්ඤපාපෙත්‍වාති: අඤ‍්ඤං විඤ‍්ඤාපාපෙත්‍වා.

විඤ්ඤපාපෙත්‍වා: මෙරමා ලවා විනවවා.

භජ‍්ජිත්‍වාති: සයං භජ‍්ජිත්‍වා.

භජ්ජිත්‍වා: තෙමේ බැද.

භජ‍්ජාපෙත්‍වාති: අඤ‍්ඤං භජ‍්ජාපෙත්‍වා.

භජ්ජාපෙත්‍වා: මෙරමා ලවා බදවා.

කොට‍්ටෙත්‍වාති: සයං කොට‍්ටෙත්‍වා.

කොට්ටෙත්‍වා: තෙමේ කොටා.

කොට‍්ටාපෙත්‍වාති: අඤ‍්ඤං කොට‍්ටාපෙත්‍වා.

කොට්ටාපෙත්‍වා: මෙරමා ලවා කොටවා.

පචිත්‍වාති: සයං පචිත්‍වා.

පචිත්‍වා: තෙමේ පිසැ.

පචාපෙත්‍වාති: අඤ‍්ඤං පචාපෙත්‍වා. භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පචාපෙත්‍වා: මෙරමා ලවා පිසවා. බුදින්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: ආබාධපච‍්චයා අපරණ‍්ණං විඤ‍්ඤාපෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

ආබාධ ප්‍රත්‍යයෙන්, (මුං උඳු ඈ) අපරණ්ණයක් විනවා නම්, ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන සිකපදය.