යෙදුමෙන් කියවන්න

ඡට‍්ඨසික‍්ඛාපදං

4. 1. 6.

4. 1. 6.

ඡට‍්ඨසික‍්ඛාපදං

සවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ආරොහන‍්තො නාම මහාමත‍්තො භික‍්ඛූසු පබ‍්බජිතො හොති. තස‍්ස පුරාණදුතියිකා භික‍්ඛුනීසු පබ‍්බජිතා හොති. තෙන ඛො පන සමයෙන සො භික‍්ඛු තස‍්සා භික‍්ඛුනියා සන‍්තිකෙ භත‍්තවිස‍්සග‍්ගං කරොති. අථ ඛො සා භික‍්ඛුනී තස‍්ස භික‍්ඛුනො භුඤ‍්ජන‍්තස‍්ස පානීයෙන ච විධූපනෙන ච උපතිට‍්ඨිත්‍වා අච‍්චාවදති. අථ ඛො සො භික‍්ඛු තං භික‍්ඛුනිං අපසාදෙති. “මා භගිනි එවරූපං අකාසි. නෙතං කප‍්පතී”ති. පුබ‍්බෙ මං ත්‍වං එවඤ‍්ච එවඤ‍්ච කරොසි. ඉදානි එත‍්තකං න සහසීති පානීයථාලකං මත්‍ථකෙ ආසුම‍්භිත්‍වා විධූපනෙන පහාරං අදාසි.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ආරෝහන්ත නම් මහාමාත්‍රයෙක් මහණුන් කෙරෙහි පැවිදි වූයේ වෙයි. ඔහුගේ පැරැණි අඹු මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එසමයෙහි වනාහි ඒ මහණ තෙමේ එ මෙහෙණ වැළතෙහි බත්කිස කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ වළඳන ඒ මහණහට පැනින් ද තල්වැටින් පවන් සැළීමෙන් ද (උවටැන් කරමින්) වෙතැ සිට (පැවිදි සිරිත) ඉක්මවා (පස්කම් සැපමුසු) වදන් බෙණෙයි. එකල්හි ඒ මහණ තෙමේ එ මෙහෙණහට “බුහුන, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැපයැ”යි අප්‍රසාදය පළ කළේ යැ. පෙරැ තෝ මට මෙසේත් මෙසේත් කෙරෙහි, දැන් මෙවිචරකුත් නො ඉවසහි යැ යි පැන්තලිය හිසමතැ වත් කොට තල්වැටින් පහර දුන්නා යැ.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනී භික‍්ඛුස‍්ස පහාරං දස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී භික‍්ඛුස‍්ස පහාරං අදාසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී භික‍්ඛුස‍්ස පහාරං දස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මහණක්හට පහර දුන්නාදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මහණක්හට පහර දුන්නා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මහණක්හට පහරදුන්නාද මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී භික‍්ඛුස‍්ස භුඤ‍්ජන‍්තස‍්ස පානීයෙන වා විධූපනෙන වා උපතිට‍්ඨෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් වළඳන මහණක්හට පැනින් හෝ තල්වැටින් හෝ යුතු වැ වෙතැ එළැඹැ සිටී නම් පචිති වේ”යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

භික‍්ඛුස‍්සාති: උපසම‍්පන‍්නස‍්ස.

භික්ඛුස්ස: උපසපනක්හට.

භුඤ‍්ජන‍්තස‍්සාති: පඤ‍්චන‍්නං භොජනානං අඤ‍්ඤතරං භොජනං භුඤ‍්ජන‍්තස‍්ස.

භුඤ්ජන්තස්ස: පස් බොජුනෙන් එක්තරා බොජුනක් වළඳන්නාහට.

පානීයං නාම: යං කිඤ‍්චි පානීයං.

පානීය නම්: යම්කිසි පියයුතු දැයක්.

විධූපනං නාම: යා කාචි වීජනී

විධූපන නම්: යම්කිසි විජනියක්.

උපතිට‍්ඨෙය්‍යාති: හත්‍ථපාසෙ තිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපතිට්ඨෙය්‍ය: අත්පසැ සිටී නම් පචිත් ඇවැත් වෙයි.

උපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤා පානීයෙන වා විධූපනෙන වා උපතිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ වෙමතිකා පානීයෙන වා විධූපනෙන වා උපතිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤා පානීයෙන වා විධූපනෙන වා උපතිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වේ.

හත්‍ථපාසං විජහිත්‍වා උපතිට‍්ඨති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඛාදනීයං ඛාදන‍්තස‍්ස උපතිට‍්ඨති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නස‍්ස උපතිට‍්ඨති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අත්පස හැරැපියා වෙතැ සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු වෙතැ සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක් කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: දෙති දාපෙති, අනුපසම‍්පන‍්නං ආණාපෙති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

දේ නම්, දෙවා නම්, අනුපසපනක්හු අණවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

ඡට‍්ඨසික‍්ඛාපදං.

සවන සිකපද යි.