පඨමසික‍්ඛාපදං
4. 2. 1.
4. 2. 1.
පඨමසික‍්ඛාපදං
පළමුවන සිකපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භද‍්දාය කාපිලානියා අන‍්තෙවාසීභික‍්ඛුනියා ඤාතකො පුරිසො ගාමකා සාවත්‍ථිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සා භික‍්ඛුනී තෙන පුරිසෙන සද‍්ධිං රත‍්තන්‍ධකාරෙ අප‍්පදීපෙ එකෙනෙකා සන‍්තිට‍්ඨතිපි සල‍්ලපතිපි.
1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි භද්‍රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් තෙමේ කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ හුදෙකලා වූ ඒ පිරිම්නියා සමග පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූවා වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාප ද කෙරෙයි.
2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනී රත‍්තන්‍ධකාරෙ අප‍්පදීපෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨිස‍්සතිපි සල‍්ලපිස‍්සතිපී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී රත‍්තන්‍ධකාරෙ අප‍්පදීපෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨතිපි සල‍්ලපතිපීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී රත‍්තන්‍ධකාරෙ අප‍්පදීපෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨිස‍්සතිපි සල‍්ලපිස‍්සතිපි. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් තොමෝ පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද? සල්ලාපත් කළා දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේද? සල්ලාපත් කෙරේ දැයි සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද? සල්ලාපත් කළාද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී රත‍්තන්‍ධකාරෙ අප‍්පදීපෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨෙය්‍ය වා සල‍්ලපෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් හුදෙකලාවූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
රත‍්තන්‍ධකාරෙති: ඔග‍්ගතෙ සූරියෙ.
රත්තන්‍ධකාරෙ: හිරු අවරට ගිය කල්හි.
අප‍්පදීපෙති: අනාලොකෙ.
අප්පදීපෙ: එළියක් නැති.
පුරිසො නාම: මනුස‍්සපුරිසො, න යක‍්ඛො න පෙතො න තිරච‍්ඡානගතො විඤ‍්ඤූ පටිබලො සන‍්තිට‍්ඨිතුං සල‍්ලපිතුං.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යකෙක් නොවෙයි. ප්‍රේතයෙක් නොවෙයි. තිරිසන් ගියෙක් නොවෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද‍්ධින‍්ති: එකතො.
සද්ධිං: එක්වැ.
එකෙනෙකාති: පුරිසො චෙව හොති භික‍්ඛුනී ච.
එකෙනෙකා: පුරුෂයෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
සන‍්තිට‍්ඨෙය්‍යවාති: පුරිසස‍්ස හත්‍ථපාසෙ තිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
සන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිති ඇවැත් වේ.
සල‍්ලපෙය්‍යවාති: පුරිසස‍්ස හත්‍ථපාසෙ ඨිතා සල‍්ලපති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
සල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වේ.
හත්‍ථපාසං විජහිත්‍වා සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. යක‍්ඛෙන වා පෙතෙන වා පණ‍්ඩකෙන වා තිරච‍්ඡානගතමනුස‍්සවිග‍්ගහෙන වා සද‍්ධිං සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා ආපත‍්ති දුක‍්කටස‍්ස.
අත්පස හැරපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
අනාපත‍්ති: යො කොචි විඤ‍්ඤූ දුතියො හොති, අරහොපෙක‍්ඛා අඤ‍්ඤවිහිතා සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නොරඹුරෙහි රිසි නැතියා, අන්‍යවිහිත වූවා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඨමසික‍්ඛාපදං.
පළමුවන සිකපද යි.