යෙදුමෙන් කියවන්න

අන්‍ධකාරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. අන්‍ධකාරවර්‍ගය

පඨමසික‍්ඛාපදවණ‍්ණනා

පළමුවන සිකපද වර්ණනාව

අන්‍ධකාරවග‍්ගස‍්ස පඨමසික‍්ඛාපදෙ – අප‍්පදීපෙති පදීපචන්‍දසූරියඅග‍්ගීසු එකෙනාපි අනොභාසිතෙ. තෙනෙවස‍්ස පදභාජනෙ “අනාලොකෙ”ති වුත‍්තං. සල‍්ලපෙය්‍ය වාති ගෙහස‍්සිතකථං කථෙය්‍ය.

අන්‍ධකාර වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “අප්පදීපෙ” සඳ හිරු ගිනි යන පහන් අතුරෙහි එකෙකිනුදු ආලොක රහිත තැන. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “අනාලොකෙ”යි වදාරණලදී. “සල්ලපෙය්‍ය වා” ගෘහනිශ්‍රිත කථා කියන්නේය.

අරහොපෙක‍්ඛා අඤ‍්ඤවිහිතාති න රහොඅස‍්සාදාපෙක‍්ඛා රහොඅස‍්සාදතො අඤ‍්ඤවිහිතාව හුත්‍වා ඤාතිං වා පුච‍්ඡති, දානෙ වා පූජාය වා මන‍්තෙති. සෙසං උත‍්තානමෙව. ථෙය්‍යසත්‍ථසමුට‍්ඨානං – කායචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනන‍්ති.

“අරහොපෙක්‍ඛා අඤ්ඤවිහිතා” රහසෙහි ආස්වාදාපෙක්‍ෂාවක් නැත්තී රහස් ආස්වාදයෙන් අන්‍යවිහිතවම නෑයකු හෝ විචාරද, දානයෙහි හෝ පූජාවෙහි හෝ මන්ත්‍රණය කෙරේ. සෙස්ස ප්‍රකටමය. ථෙය්‍යසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ද්විවෙදනයි.

පඨමසික‍්ඛාපදං.

පළමුවන ශික්‍ෂාපදයයි

දුතියසික‍්ඛාපදවණ‍්ණනා

දෙවන සිකපද වර්ණනාව

දුතියෙ – පටිච‍්ඡන‍්නෙ ඔකාසෙති ඉදමෙව නානං. සෙසං සබ‍්බං පුරිමසදිසමෙවාති.

ද්විතීය ශික්‍ෂාපදයෙහි - “පටිච්ඡන්තෙ ඔකාසෙ” මෙපමණක්ම වෙනස් වේ. සෙසු සියල්ල ප්‍රථමශික්‍ෂාපදය සමාන වේ.

දුතියසික‍්ඛාපදං.

දෙවන ශික්‍ෂාපදයයි

තතියසික‍්ඛාපදවණ‍්ණනා

තෙවන සිකපද වර්ණනාව

තතියෙ – අජ‍්ඣොකාසෙති නානං, සෙසං සබ‍්බං තාදිසමෙවාති.

තෘතීය ශික්‍ෂාපදයෙහි - “අජ්ඣොකාසෙ” යනු වෙනස් වේ. සෙසු සියල්ල එබඳුමය.

තතියසික‍්ඛාපදං.

තෙවන ශික්‍ෂාපදයයි

චතුත්‍ථසික‍්ඛාපදවණ‍්ණනා

සතරවන සිකපද වර්ණනාව

චතුත්‍ථෙ – නිකණ‍්ණිකන‍්ති කණ‍්ණමූලං වුච‍්චති; කණ‍්ණමූලෙ ජප‍්පෙය්‍යාති වුත‍්තං හොති. සති කරණීයෙති සලාකභත‍්තාදීනං ආහරණත්‍ථාය විහාරෙ වා දුන‍්නික‍්ඛිත‍්තං පටිසාමනත්‍ථාය. සෙසං උත‍්තානමෙව. සමුට‍්ඨානාදීනි පුරිමසදිසානෙවාති.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “නිකණ්ණිකං” කන්මුල කියනු ලැබේ. කන්මුල කියන්නේයයි කියන ලද්දේය. “සති කරණීයෙ” ලහබත් ආදිය ගෙණඊම පිණිස, විහාරයෙහි හෝ නොමනාව තැබූවක් තැන්පත් කිරීම පිණිස සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානිදීහු ප්‍රථම ශික්‍ෂාපදය සමානම වෙත්.

චතුත්‍ථසික‍්ඛාපදං.

සිවුවන ශික්‍ෂාපදයයි

පඤ‍්චමසික‍්ඛාපදවණ‍්ණනා

පස්වන සිකපද වර්ණනාව

පඤ‍්චමෙ – ඝරං සොධෙන‍්තාති තෙසං කිර එතදහොසි – “ථෙරියා කොචි කායිකවාචසිකො වීතික‍්කමො න දිස‍්සති, ඝරම‍්පි තාව සොධෙමා”ති, තතො ඝරං සොධෙන‍්තා නං අද‍්දසංසු.

පඤ්චම ශික්‍ෂාපදයෙහි - “ඝරං සෙධෙන්තා” ඔවුන්ට වනාහි මෙබඳු සිතෙක් වූයේය. ‘ස්ථවිරාවගේ කිසි කායිකවාචසික ව්‍යතික්‍රමයෙක් නොදක්නා ලැබේ. ගෙයද පිරිසිදු කරම්හ’යි ඉක්බිති ගේ පිරිසිදු කරන්නාහු ඒ අස්න දුටුවාහුය.

අනොවස‍්සකං අතික‍්කාමෙන‍්තියාති පඨමං පාදං අතික‍්කාමෙන‍්තියා දුක‍්කටං, දුතියං අතික‍්කාමෙන‍්තියා පාචිත‍්තියං, උපචාරාතික‍්කමෙ එසෙව නයො.

“අනොවස්සකං අතික්කාමෙන්තියා” පළමු පිය ඉක්මවන්නියට දුක්කටය වේ. දෙවන පිය ඉක්මවන්නියට පාචිත්තිය වේ. උපචාරය ඉක්මීමෙහිද මේ නයම වේ.

ගිලානායාති යා තාදිසෙන ගෙලඤ‍්ඤෙන ආපුච‍්ඡිතුං න සක‍්කොති. ආපදාසූති ඝරෙ අග‍්ගි වා උට‍්ඨිතො හොති, චොරා වා; එවරූපෙ උපද‍්දවෙ අනාපුච‍්ඡා පක‍්කමති, අනාපත‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“ගිලානාය” එබඳු ගිලන් බවෙන් විචාරන්නට නොහැක්කීද, “ආපදාසු” ගෙයි ගිනි හෝ නැගුනේවේද, සොරු හෝ නැගී සිටියාහුද, මෙබඳු උවදුරෙහි නොවිචාරා යන්නීද ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

කථිනසමුට‍්ඨානං – කායවාචතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියාකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන්ද, කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පඤ‍්චමසික‍්ඛාපදං.

පස්වන ශික්‍ෂාපදයයි

ඡට‍්ඨසික‍්ඛාපදවණ‍්ණනා

සවන සිකපද වර්ණනාව

ඡට‍්ඨෙ – අභිනිසීදෙය්‍යාති නිසීදෙය්‍ය. නිසීදිත්‍වා ගච‍්ඡන‍්තියා එකා ආපත‍්ති, අනිසීදිත්‍වා නිපජ‍්ජිත්‍වා ගච‍්ඡන‍්තියා එකා, නිසීදිත්‍වා නිපජ‍්ජිත්‍වා ගච‍්ඡන‍්තියා ද‍්වෙ.

ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “අභිනිසීදෙය්‍ය” හිඳින්නීනම්, හිඳ යන්නියට එක් ඇවැතක් වේ. නොහිඳ නිදා යන්නියට ඇවැත් දෙකක් වේ.

ධුවපඤ‍්ඤත‍්තෙති භික‍්ඛුනීනං අත්‍ථාය නිච‍්චපඤ‍්ඤත‍්තෙ. සෙසං උත‍්තානමෙව. කථිනසමුට‍්ඨානං…පෙ… තිවෙදනන‍්ති.

“ධුවපඤ්ඤත්තෙ” මෙහෙණන්ගේ ප්‍රයොජනය පිණිස නිති පනවලද අසුනෙහි. සෙස්ස ප්‍රකටමය. කඨිනසමුත්‍ථානිකය. -පෙ-ත්‍රිවෙදනයි.

ඡට‍්ඨසික‍්ඛාපදං.

සවන ශික්‍ෂාපදයයි

සත‍්තමසික‍්ඛාපදවණ‍්ණනා

සත්වන සිකපද වර්ණනාව

සත‍්තමෙපි – සබ‍්බං ඡට‍්ඨෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

සප්තම ශික්‍ෂාපදයෙහිද සියල්ල සවන ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන ශික්‍ෂාපදයයි

අට‍්ඨමසික‍්ඛාපදවණ‍්ණනා

අටවන සිකපද වර්ණනාව

අට‍්ඨමෙ – සබ‍්බං උත‍්තානමෙව. තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන ශික්‍ෂාපදයයි

නවමසික‍්ඛාපදවණ‍්ණනා

නවවන සිකපද වර්ණනාව

නවමෙ – අභිසපෙය්‍යාති සපථං කරෙය්‍ය. නිරයෙන අභිසපති නාම “නිරයෙ නිබ‍්බත‍්තාමි, අවීචිම‍්හි නිබ‍්බත‍්තාමි, නිරයෙ නිබ‍්බත‍්තතු, අවීචිම‍්හි නිබ‍්බත‍්තතූ”ති එවමාදිනා නයෙන අක‍්කොසති. බ්‍රහ‍්මචරියෙන අභිසපති නාම “ගිහිනී හොමි, ඔදාතවත්‍ථා හොමි, පරිබ‍්බාජිකා හොමි, ඉතරා වා එදිසා හොතූ”ති එවමාදිනා නයෙන අක‍්කොසති; වාචාය වාචාය පාචිත‍්තියං. ඨපෙත්‍වා පන නිරයඤ‍්ච බ්‍රහ‍්මචරියඤ‍්ච “සුනඛී සූකරී කාණා කුණී”තිආදිනා නයෙන අක‍්කොසන‍්තියා වාචාය වාචාය දුක‍්කටං.

නවම ශික්‍ෂාපදයෙහි - “අභිසපෙය්‍ය” දිවිරීම කරන්නීනම්, ‘නිරයෙන අභිසපති නාම’ නිරයෙහි උපදිමි, අවීචියෙහි උපදිමි, නිරයෙහි උපදීවා, අවීචියෙහි උපදීවා’යි මේ ආදී නයින් ආක්‍රොශ කරන්නීය. “බ්‍රහ්මචරියෙන අභිසපතිනාම” ගිහිනියක් වෙමි, සුදුවත් ඇත්තියක් වෙමි, පරිව්‍රාජිකාවක් වෙමි, අන්‍යවූ හෝ මා වැන්නියක් වේවායි මේ ආදිනයින් ආක්‍රොශ කරන්නීය. මෙහි වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. නිරයද බ්‍රහ්මචර්‍ය්‍යද හැර බැල්ලක්, ඊරියක්, කණියක්, කුණියක් වෙමි’යි මේ ආදී නයින් ආක්‍රොශ කරන්නියට වචනයක් වචනයක් පාසා දුක්කටය වේ.

අත්‍ථපුරෙක‍්ඛාරායාති අට‍්ඨකථං කථෙන‍්තියා. ධම‍්මපුරෙක‍්ඛාරායාති පාළිං වාචෙන‍්තියා. අනුසාසනිපුරෙක‍්ඛාරායාති “ඉදානිපි ත්‍වං එදිසා, සාධු විරමස‍්සු, නො චෙ විරමසි, අද‍්ධා පුන එවරූපානි කම‍්මානි කත්‍වා නිරයෙ උප‍්පජ‍්ජිස‍්සසි, තිරච‍්ඡානයොනියා උප‍්පජ‍්ජිස‍්සසී”ති එවං අනුසාසනියං ඨත්‍වා වදන‍්තියා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

“අත්‍ථපුරෙක්‍ඛාරාය” අර්‍ත්‍ථ කථාව කියන්නියට. “ධම්මපුරෙක්‍ඛාරාය” පෙළ කියන්නියට. “අනුසාසනී පුරෙක්‍ඛාරාය” ‘දැනුදු තී මෙබන්දියක, මැනැවි, වැළකෙව, නොවළකින්නෙහි නම්, එකාන්තයෙන් නැවත මෙබඳු වැඩකොට නිරයෙහි උපදින්නෙහිය. තිරිසන් යොනියෙහි උපදින්නෙහිය’යි මෙසේ අනුශාසනාවෙහි සිට කියන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මය. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.

නවමසික‍්ඛාපදං.

නවවන ශික්‍ෂාපදයයි

දසමසික‍්ඛාපදවණ‍්ණනා

දසවන සිකපද වර්ණනාව

දසමෙ – සබ‍්බං උත‍්තානමෙව. ධුරනික‍්ඛෙපසමුට‍්ඨානං – කායවාචාචිත‍්තතො සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලකම‍්මං, දුක‍්ඛවෙදනන‍්ති.

දශම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ධුරනික්‍ෂෙපසමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

දසමසික‍්ඛාපදං.

දසවන ශික්‍ෂාපදයයි

අන්‍ධකාරවග‍්ගො දුතියො.

ද්විතීය වූ අන්‍ධකාර වර්‍ගයයි