තතියසික‍්ඛාපදං
4. 2. 3.
4. 2. 3.
තතියසික‍්ඛාපදං
තෙවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භද‍්දාය කාපිලානියා අන‍්තෙවාසීභික‍්ඛුනියා ඤාතකො පුරිසො ගාමකා සාවත්‍ථිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සා භික‍්ඛුනී භගවතා පටික‍්ඛිත‍්තං පටිච‍්ඡන‍්නෙ ඔකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨිතුං සල‍්ලපිතුන‍්ති තෙනෙව පුරිසෙන සද‍්ධිං අජ‍්ඣොකාසෙ එකෙනෙකා සන‍්තිට‍්ඨතිපි සල‍්ලපතිපි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ හුදෙකලා වූවා පිළිසන් පියසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් සල්ලාප කිරීමත් භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි හුදෙකලා වූවා හුදෙකලා වූ ඒ පිරිම්නියා සමග මැ එළිමහන්හි වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාප ද කෙරෙයි.
2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනී අජ‍්ඣොකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨිස‍්සතිපි සල‍්ලපිස‍්සතිපී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී අජ‍්ඣොකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨතිපි සල‍්ලපතිපීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී අජ‍්ඣොකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨිස‍්සතිපි සල‍්ලපිස‍්සතිපි. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් තොමෝ එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද සල්ලාපත් කළා දැයි ... සැබෑද මහණෙනි, මෙහෙණක් එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේද සල්ලාපත් කෙරේ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද සල්ලාපත් කළා දැ යි ... මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී අජ‍්ඣොකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨෙය්‍ය වා සල‍්ලපෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අජ‍්ඣොකාසො නාම: අප‍්පටිච‍්ඡන‍්නො හොති කුඩ‍්ඩෙන වා කවාටෙන වා කිලඤ‍්ජෙන වා සාණිපාකාරෙන වා රුක‍්ඛෙන වා ථම‍්භෙන වා කොත්‍ථලියා වා යෙන කෙනචි අප‍්පටිච‍්ඡන‍්නො හොති.
අජ්ඣොකාස නම්: බිතුයෙන් හෝ කවුළුවෙන් හෝ කළාලින් හෝ කඩතුරා පවුරෙන් හෝ රුකින් හෝ ටැඹින් හෝ කොතැලියෙන් හෝ යම් කිසිවකින් නො පිළිසන් වූ පියසෙක් වෙයි.
පුරිසො නාම: මනුස‍්සපුරිසො, න යක‍්ඛො න පෙතො න තිරච‍්ඡානගතො විඤ‍්ඤූ පටිබලො සන‍්තිට‍්ඨිතුං සල‍්ලපිතුං.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි, යක්‍ෂයෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද‍්ධින‍්ති: එකතො.
සද්ධිං: එක්වැ;
එකෙනෙකාති: පුරිසො චෙව හොති භික‍්ඛුනී ච.
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
සන‍්තිට‍්ඨෙය්‍යවාති: පුරිසස‍්ස හත්‍ථපාසෙ තිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
සන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටීනම් පචිත් ඇවැත් වෙයි.
සල‍්ලපෙය්‍යවාති: පුරිසස‍්ස හත්‍ථපාසෙ ඨිතා සල‍්ලපති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
සල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසෙහි සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
හත්‍ථපාසං විජහිත්‍වා සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. යක‍්ඛෙන වා පෙතෙන වා පණ‍්ඩකෙන වා තිරච‍්ඡාගතමනුස‍්සවිග‍්ගහෙන වා සද‍්ධිං සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා ආපත‍්ති දුක‍්කටස‍්ස.
අත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
අනාපත‍්ති: යො කොචි විඤ‍්ඤූ දුතියො හොති, අරහොපෙක‍්ඛා, අඤ‍්ඤවිහිතා සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නො රඹුරෙහි රිසි ඇතියා, අන්‍යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තතියසික‍්ඛාපදං.
තෙවන සිකපද යි.