යෙදුමෙන් කියවන්න

චතුත්‍ථසික‍්ඛාපදං

4. 2. 4.

4. 2. 4.

චතුත්‍ථසික‍්ඛාපදං

සතරවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී රථියායපි බ්‍යූහෙපි සිඞ‍්ඝාටකෙපි පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨතිපි සල‍්ලපතිපි නිකණ‍්ණිකම‍්පි ජප‍්පෙති දුතියිකම‍්පි භික‍්ඛුනිං උය්‍යොජෙති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මාවේහි ද කොවේහි ද සිවුමංසලෙහි ද හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරෙයි. සල්ලාපත් කෙරෙයි. කන්මුලැ කෙඳිරීමත් කෙරෙයි. දෙවන මෙහෙණක නඟා යැවීමත් කෙරෙයි.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා රථියායපි බ්‍යූහෙපි සිඞ‍්ඝාටකෙපි පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨිස‍්සතිපි සල‍්ලපිස‍්සතිපි නිකණ‍්ණිකම‍්පි ජප‍්පස‍්සෙති දුතියිකම‍්පි භික‍්ඛුනිං උය්‍යොජෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී රථියායපි බ්‍යූහෙපි සිඞ‍්ඝාටකෙපි පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨතිපි සල‍්ලපතිපි නිකණ‍්ණිකම‍්පි ජප‍්පෙති දුතියිකම‍්පි භික‍්ඛුනිං උය්‍යොජෙතීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී රථියායපි බ්‍යූහෙපි සිඞ‍්ඝාටකෙපි පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨිස‍්සතිපි සල‍්ලපිස‍්සතිපි නිකණ‍්ණිකම‍්පි ජප‍්පෙස‍්සති. දුතියිකම‍්පි භික‍්ඛුනිං උය්‍යොජෙස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය ථුල්ලනන්‍දා මාවේහි දු කොවේහි දු සිවුමංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද? සල්ලාපත් කළා ද? කන්මුලැ කෙඳිරීමත් කළා ද? දෙවන මෙහෙණක නඟා යැවීමත් කළා දැයි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මාවේහි දු කොවේහි දු සිවුමංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේ ද, සල්ලාපත් කෙරේ ද, කන්මුලැ කෙඳිරීමත් කෙරේ ද, දෙවන මෙහෙණක නගා යැවීමත් කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මාවේහි දු කොවේහි දු සිව්මංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද? සල්ලාපත් කළා ද? කන්මුලැ කෙඳිරීමත් කළා ද? දෙවන මෙහෙණක නඟා යැවීමත් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

“යා පන භික‍්ඛුනී රථියාය වා බ්‍යූහෙ වා සිඞ‍්ඝාටකෙ වා පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨෙය්‍ය වා සල‍්ලපෙය්‍ය වා නිකණ‍්ණිකං වා ජප‍්පෙය්‍ය දුතියිකං වා භික‍්ඛුනිං උය්‍යොජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් මාවේහි හෝ කොවේහි හෝ සිවුමංසලෙහි හෝ හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ කන්මුලැ කොඳුරා නම් හෝ දෙවන මෙහෙණක නඟා යවා නම් හෝ පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

රථියා නාම: රච‍්ඡා වුච‍්චති.

රථියා නම්: වීථිය කියනු ලැබෙයි.

බ්‍යූහං නාම: යෙනෙව පවිසන‍්ති තෙනෙව නික‍්ඛමන‍්ති.

බ්‍යුහ නම්: යම් මඟකින් මැ පිවිසෙත් ද ඒ මඟින් මැ නික්මෙත්.

සිඞ‍්ඝාටකො නාම: චච‍්චරං වුච‍්චති.

සිඞ්ඝාටක නම්: සිවුමංසල කියනු ලැබෙයි.

පුරිසො නාම: මනුස‍්සපුරිසො න යක‍්ඛො න පෙතො න තිරච‍්ඡානගතො විඤ‍්ඤූ පටිබලො සන‍්තිට‍්ඨිතුං සල‍්ලපිතුං.

පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යක්‍ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.

සද‍්ධින‍්ති: එකතො.

සද්ධිං: එක්වැ:

එකෙනෙකාති: පුරිසො චෙව හොති භික‍්ඛුනී ච.

එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.

සන‍්තිට‍්ඨෙය්‍ය වාති: පුරිසස‍්ස හත්‍ථපාසෙ තිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිති ඇවැත් වෙයි.

සල‍්ලපෙය්‍ය වාති: පුරිසස‍්ස හත්‍ථපාසෙ ඨිතා සල‍්ලපති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.

නිකණ‍්ණිකං වා ජප‍්පෙය්‍යාති: පුරිසස‍්ස උපකණ‍්ණකෙ ආරොචෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නිකණ්ණිකං වා ජප්පෙය්‍ය: පිරිම්නියක්හුගේ කන්මුලැ අරොජා නම් පචිති ඇවැත් වෙයි.

දුතියිකං වා භික‍්ඛුනිං උය්‍යොජෙය්‍යාති: අනාචාරං ආචරිතුකාමා දුතියිකම‍්පි භික‍්ඛුනිං උය්‍යොජෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. දස‍්සනූපචාරං වා සවණූපචාරං වා විජහන‍්තියා ආපත‍්ති දුක‍්කටස‍්ස. විජහිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. හත්‍ථපාසං විජහිත්‍වා සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. යක‍්ඛෙන වා පෙතෙන වා පණ‍්ඩකෙන වා තිරච‍්ඡානගතමනුස‍්සවිග‍්ගහෙන වා සද‍්ධිං සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා ආපත‍්ති දුක‍්කටස‍්ස.

දුතියිකං වා භික්ඛුනිං උය්‍යෝජෙය්‍ය: අනාචාරයෙහි හැසිරෙනු කැමැත්තී දෙවන මෙහෙණකුදු නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හෝ සවන් උවසර හෝ හැරැපියන කල්හි දුකුළා ඇවැත් වෙයි. හැරැපූ කල්හි පචිති ඇවැත් වෙයි. අත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති යො කොචි විඤ‍්ඤූ දුතියො හොති, අරහොපෙක‍්ඛා, අඤ‍්ඤවිහිතා සන‍්තිට‍්ඨති වා සල‍්ලපති වා, න අනාචාරං ආචරිතුකාමා, සතකරණීයෙ දුතියිකං භික‍්ඛුනිං උය්‍යොජෙති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නො රඹුරෙහි රිසි ඇතියා අන්‍යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ අනාචාරයෙහි නො හැසිරෙනු කැමැතියා ඇවැසි කටයුත්තක් ඇති කල්හි දෙවන මෙහෙණක නඟා යවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.

චතුත්‍ථසික‍්ඛාපදං.

සතරවන සිකපදය යි.