පඤ්චමසික්ඛාපදං
4. 2. 5.
4. 2. 5.
පඤ්චමසික්ඛාපදං
පස්වන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී අඤ්ඤතරස්ස කුලස්ස කුලූපිකා හොති නිච්චභත්තිකා. අථ ඛො සා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කාමි. තස්ස කුලස්ස දාසී ඝරං සම්මජ්ජන්තී තං ආසනං භාජනන්තරිකාය පක්ඛිපි. මනුස්සා තං ආසනං අපස්සන්තා තං භික්ඛුනිං එතදවොචුං. කහං තං අය්යෙ ආසනන්ති. නාහං තං ආවුසො ආසනං පස්සාමීති. දෙථය්යෙ තං ආසනන්ති පරිභාසිත්වා නිච්චභත්තකං උච්ඡින්දිංසු. අථ ඛො තෙ මනුස්සා ඝරං සොධෙන්තො තං ආසනං භාජනන්තරිකාය පස්සිත්වා තං භික්ඛුනිං ඛමාපෙත්වා නිච්චභත්තකං පට්ඨපෙසුං.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ එක්තරා කුලයක්හුගේ නිතිබත් වළඳන කුලූපිකාවක් වෙයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ඒ කුලය වෙතැ එළඹියා යැ. එළැඹැ අස්නෙහි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා යැ. ඒ කුලයෙහි දාසී තොමෝ හමදින්නී ඒ අසුන බඳුන් අතුරෙයි බහාලූ යැ. මිනිස්සු ඒ අසුන නො දක්නාහු එ මෙහෙණහට “ආර්‍ය්‍යාවෙනි, ඒ අසුන කොහිදැ” යි කීහු. ඇවැත්නි, මම ඒ අසුන නොදකිමියි. ‘ආර්‍ය්‍යාවෙනි, ඒ අසුන දෙව’යි තැතිගන්වා නිතිබත සිඳැලූහ. එකල්හි ඒ මිනිස්සු ගෙය ශුද්ධකරන්නාහු ඒ අසුන බඳුන් අතුරෙහි දැක එ මෙහෙණ කමාකරවා නිතිබත (යළි) තැබූහු.
2. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කමිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කාමීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කමිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. ඉක්බිති ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙත එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා දැ”යි ... සැබෑද මහණෙනි මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළැඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර යා නම් පචිති වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
පුරෙභත්තං නාම: අරුණුග්ගමනං උපාදාය යාව මජ්ඣන්තිකා.
පුරේභත්ත නම්: අරුණ නැඟීම පටන් මද්දහන තෙක්.
කුලං නාම: චත්තාරි කුලානි ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං,
කුල නම්: ක්ෂත්රිය කුල යැ බ්‍රාහ්මණ කුල යැ වෛශ්‍ය කුලයැ ශුද්‍ර කුල යැ යි කුල සතරෙකි.
උපසඞ්කමිත්වාති: තත්ථ ගන්ත්වා.
උපසඞ්කමිත්වා: එහි ගොස්.
ආසනං නාම: පල්ලඞ්කස්ස ඔකාසො වුච්චති.
ආසන නම්: පලඟෙක්හි අවකාශය කියනු ලැබෙයි.
නිසීදිත්වාති: තස්මිං නිසීදිත්වා.
නිසීදිත්වා: එහි හිඳ.
සාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්යාති: යො තස්මිං කුලෙ මනුස්සො විඤ්ඤූ තං අනාපුච්ඡා අනොවස්සකං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස. අජ්ඣොකාසෙ උපචාරං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස.
සාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්ය: ඒ කුලයෙහි දැනුමැති යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ නිසවත ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. එළිමහනෙහි උවසර ඉන්මවන්නියට පචිති ඇවැත්වේ.
අනාපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා පක්කමති ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ වෙමතිකා පක්කමති ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා පක්කමති ආපත්ති පාචිත්තියස්ස.
නො පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා බැහැර යේ නම් පචිති ඇවැත් වේ.
පල්ලඞ්කස්ස අනොකාසෙ ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා අනාපත්ති.
පලඟෙක අනවකාශයෙහි දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: ආපුච්ඡා ගච්ඡති, අසංහාරිමෙ, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
පිළිවිසැ යා නම්, නො ගෙනැ යා හැකි අස්නෙහි නම්, ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඤ්චමසික්ඛාපදං.
පස්වන සිකපදය යි.