ඡට‍්ඨසික‍්ඛාපදං
4. 2. 6.
4. 2. 6.
ඡට‍්ඨසික‍්ඛාපදං
සවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ අභිනිසීදති පි අභිනිපජ‍්ජති පි. මනුස‍්සා ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං හිරීයමානා ආසනෙ නෙව අභිනිසීදන‍්ති, න අභිනිපජ‍්ජන‍්ති, මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ අභිනිසීදිස‍්සති පි අභිනිපජ‍්ජිස‍්සතිපී”ති.
1. ශ්‍රාවස්ති නිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීම ද කෙරෙයි. වැදහොවීම ද කෙරෙයි. මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියගෙන් ලජ්ජිත වෙන්නාහු අසුනෙහි නොමැ හිඳිත්. නොමැ හොවිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීම කළා ද? වැදහොවීම කළා දැ යි.
2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ අභිනිසීදිස‍්සති පි අභිනිපජ‍්ජිස‍්සතිපී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ අභිනිසීදති පි අභිනිපජ‍්ජතිපීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ අභිනිසීදිස‍්සතිපි අභිනිපජ‍්ජස‍්සති පි, නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කළා ද? වැදහොවීමත් කළා දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කෙරේද? වැද හොවීමත් කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කළාද? වැද හොවීමත් කළා දැ යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ අභිනිසීදෙය්‍ය වා අභිනිපජ‍්ජෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීනම් හෝ වැද හොවී නම් හෝ පචිති වේ”යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පච‍්ඡාභත‍්තං නාම: මජ‍්ඣන‍්තිකෙ වීතිවත‍්තෙ යාව අත්‍ථඞ‍්ගතෙ සූරියෙ.
පච්ඡාභත්ත නම්, මද්දහන ඉක්මගිය කල්හි හිරු අවරට යන තෙක්.
කුලං නාම: චත‍්තාරි කුලානි ඛත‍්තියකුලං බ්‍රාහ‍්මණකුලං වෙස‍්සකුලං සුද‍්දකුලං.
කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
උපසඞ‍්කමිත්‍වාති: තත්‍ථ ගන‍්ත්‍වා.
උපසඞ්කමිත්‍වා: එහි ගොස්.
සාමිකෙ අනාපුච‍්ඡාති: යො තස‍්මිං කුලෙ මනුස‍්සො සාමිකො දාතුං තං අනාපුච‍්ඡා.
සාමිකෙ අනාපුච්ඡා: ඒ කුලයෙහි දෙන්නට හිමි යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ.
ආසනං නාම: පල‍්ලඞ‍්කස‍්ස ඔකාසො වුච‍්චති.
ආසන නම්: පලඟෙක්හි අවකාශය කියනු ලැබෙයි.
අභිනිසීදෙය්‍යාති: තස‍්මිං අභිනිසීදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
අභිනිසීදෙය්‍ය: එහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
අභිනිපජ‍්ජෙය්‍යාති: තස‍්මිං අභිනිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
[need trans?]
අනාපුච‍්ඡිතෙ අනාපුච‍්ඡිතසඤ‍්ඤා ආසනෙ අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනාපුච‍්ඡිතෙ වෙමතිකා ආසනෙ අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනාපුච‍්ඡිතෙ ආපුච‍්ඡිතසඤ‍්ඤා ආසනෙ අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
නො පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
පල‍්ලඞ‍්කස‍්ස අනොකාසෙ ආපත‍්ති දුක‍්කටස‍්ස. ආපුච‍්ඡිතෙ අනාපුච‍්ඡිතසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. ආපුච‍්ඡිතෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. ආපුච‍්ඡිතෙ ආපුච‍්ඡිතසඤ‍්ඤා අනාපත‍්ති.
පලඟෙක අවකාශයෙහි දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත‍්ති: ආපුච‍්ඡා ආසනෙ අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ධුවපඤ‍්ඤත‍්තෙ, ගිලානාය, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
පිළිවිසි අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ ඇවැත් නැති. නිති පැනවූයෙහි, ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
ඡට‍්ඨසික‍්ඛාපදං.
සවන සිකපද යි.