යෙදුමෙන් කියවන්න

සත‍්තමසික‍්ඛාපදං

4. 2. 7.

4. 2. 7.

සත‍්තමසික‍්ඛාපදං

සත්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛුනියො කොසලෙසු ජනපදෙ සාවත්‍ථිං ගච‍්ඡන‍්තියො සායං අඤ‍්ඤතරං ගාමං උපගන‍්ත්‍වා අඤ‍්ඤතරං බ්‍රාහ‍්මණකුලං උපසඞ‍්කමිත්‍වා ඔකාසං යාචිංසු. අථ ඛො සා බ්‍රාහ‍්මණී තා භික‍්ඛුනියො එතදවොච “ආගමෙථ අය්‍යෙ යාව බ්‍රාහ‍්මණො ආගච‍්ඡතී”ති. භික‍්ඛුනියො යාව බ්‍රාහ‍්මණො ආගච‍්ඡතීති සෙය්‍යං සන්‍ථරිත්‍වා එකච‍්චා නිසීදිංසු, එකච‍්චා නිපජ‍්ජංසු, අථ ඛො සො බ්‍රාහ‍්මණො රත‍්තිං ආගන‍්ත්‍වා තං බ්‍රාහ‍්මණිං එතදවොච, කා ඉමාති. භික‍්ඛුනියො අය්‍යාති. නික‍්කඩ‍්ඪ ඉමා මුණ‍්ඩා වන්‍ධකිනියොති ඝරතො නික‍්කඩ‍්ඪාපෙසි.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවස එක්තරා ගමකට පැමිණ එක්තරා බමුණු කුලයක් වෙතැ එළැඹැ ඉඩක් ඉල්ලූහ. එකල්හි ඒ බැමිණි ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි බමුණා එන තෙක් ඉවසවයි කිවු යැ. මෙහෙණෝ බමුණා එන තෙක් ශයනය අතුරා ඇතැම්හු හුන්හ. ඇතැම්හු හොත්හ. එකල්හි ඒ බමුණු රෑ අවුත් එබැමිණිට මොහු කවුරුදැ යි කී යැ. ආර්‍ය්‍යය, මෙහෙණෝ යැ. මේ මුඩු වඳලියන් ඇදදමවයි ගෙයින් ඇදදැමවී යැ.

2. අථ ඛො තා භික‍්ඛුනියො සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසුං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො විකාලෙ කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා සෙය්‍යං සන්‍ථරිත්‍වා අභිනිසීදිස‍්සන‍්තිපි අභිනිපජ‍්ජිස‍්සන‍්තිපී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො විකාලෙ කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා සෙය්‍යං සන්‍ථරිත්‍වා අභිනිසීදන‍්තිපි අභිනිපජ‍්ජන‍්තිපී”ති සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- “කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො විකාලෙ කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා සෙය්‍යං සන්‍ථරිත්‍වා අභිනිසීදිස‍්සන‍්තිපි අභිනිපජ‍්ජිස‍්සන‍්තිපි. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කෙරෙත් ද? වැද හොවීමත් කෙරෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

“යා පන භික‍්ඛුනී විකාලෙ කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා අභිනිසීදෙය්‍ය වා අභිනිපජ‍්ජෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

විකාලො නාම: අත්‍ථඞ‍්ගතෙ සූරියෙ යාව අරුණුග‍්ගමනා.

විකාල නම්: හිරු අවරට ගිය කල්හි අරුණ නැඟීම තෙක්.

කුලං නාම: චත‍්තාරි කුලානි ඛත‍්තියකුලං බ්‍රාහ‍්මණකුලං වෙස‍්සකුලං සුද‍්දකුලං.

කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.

උපසඞ‍්කමිත්‍වාති: තත්‍ථ ගන‍්ත්‍වා.

උපසඞ්කමිත්‍වා: එහි ගොස්.

සාමිකෙ අනාපුච‍්ඡාති: යො තස‍්මිං කුලෙ මනුස‍්සො සාමිකො දාතුං තං අනාපුච‍්ඡා.

සාමිකෙ අනාපුච්ඡා: ඒ කුලයෙහි දෙන්නට හිමි යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ.

සෙය්‍යං නාම: අන‍්තමසො පණ‍්ණසන්‍ථාරොපි.

සෙය්‍ය නම්: යටත් පිරිසෙයින් කොළ ඇතිරියකුත්.

සන්‍ථරිත්‍වාති: සයං සන්‍ථරිත්‍වා.

සන්‍ථරිත්‍වා: තොමෝ අතුරා.

සන්‍ථරාපෙත්‍වාති: අඤ‍්ඤං සන්‍ථරාපෙත්‍වා.

සන්‍ථරාපෙත්‍වා: මෙරමා ලවා අතුරුවා.

අභිනිසීදෙය්‍යාති: තස‍්මිං අභිනිසීදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අභිනිසීදෙය්‍ය: එහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.

අභිනිපජ‍්ජෙය්‍යාති: තස‍්මිං අභිනිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අභිනිපජ්ජෙය්‍ය: එහි වැද හොවී නම් පචිති ඇවැත් වෙයි.

අනාපුච‍්ඡිතෙ අනාපුච‍්ඡිතසඤ‍්ඤා සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනාපුච‍්ඡිතෙ වෙමතිකා සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනාපුච‍්ඡිතෙ ආපුච‍්ඡිතසඤ‍්ඤා සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නො පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසිසන් ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.

ආපුච‍්ඡිතෙ අනාපුච‍්ඡිතසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. ආපුච‍්ඡිතෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. ආපුච‍්ඡිතෙ ආපුච‍්ඡිතසඤ‍්ඤා අනාපත‍්ති.

පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසියන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ආපුච‍්ඡා සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා, ගිලානාය, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

පිළිවිසැ ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ, ඇවැත් නැත. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන සිකපදයි.