යෙදුමෙන් කියවන්න

අට‍්ඨමසික‍්ඛාපදං

4. 2. 8.

4. 2. 8.

අට‍්ඨමසික‍්ඛාපදං

අටවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භද‍්දාය කාපිලානියා අන‍්තෙවාසී භික‍්ඛුනී භද‍්දං කාපිලානිං සක‍්කච‍්චං උපට‍්ඨෙති. භද‍්දා කාපිලානී භික‍්ඛුනියො එතදවොච: “අයං මං, අය්‍යෙ භික‍්ඛුනී සක‍්කච‍්චං උපට‍්ඨෙති ඉමිස‍්සාහං චීවරං දස‍්සාමී”ති. අථ ඛො සා භික‍්ඛුනී දුග‍්ගහිතෙන දූපධාරිතෙන පරං උජ‍්ඣාපෙසි: “අහං කිර අය්‍යෙ අය්‍යං න සක‍්කච‍්චං උපට‍්ඨෙමි, න කිර මෙ අය්‍යා චීවරං දස‍්සතී”ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රා කාපිලානියගේ අතැවැසි මෙහෙණක් තොමෝ භද්‍රා කාපිලානියට සකසා උවටැන් කෙරෙයි. භද්‍රා කාපිලානී තොමෝ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, මේ මෙහෙණ මට සකසා උවටැන් කෙරෙයි. මැයට මම සිවුරක් දෙන්නෙමි”යි මෙය කිවු යැ. එකල්හි ඒ මෙහෙණ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු යැ. ආර්‍ය්‍යාවෙනි, මම වනාහි ආර්‍ය්‍යාවහට සකසා උවටැන් නො කෙරෙම් ල, ආර්‍ය්‍යා තොමෝ මට සිවුරක් නො දෙන්නී ලැ යි.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනී දුග‍්ගහිතෙන දූපධාරිතෙන පරං උජ‍්ඣාපෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී දුග‍්ගහිතෙන දූපධාරිතෙන පරං උජ‍්ඣාපෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී දුග‍්ගහිතෙන දූපධාරිතෙන පරං උජ‍්ඣාපෙස‍්සති.” නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු”දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මේ සිකපදය මෙසේ උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී දුග‍්ගහිතෙන දූපධාරිතෙන පරං උජ‍්ඣාපෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවා නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුණී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

දුග‍්ගහිතෙනාති: අඤ‍්ඤථා ගහිතෙන.

දුග්ගහිතෙන: අන් පරිද්දෙකින් ගන්නා ලදුයෙන්,

දූපධාරිතෙනාති: අඤ‍්ඤථා උපධාරිතෙන.

දූපධාරිතෙන: අන් පරිද්දෙකින් දරන ලදුයෙන්.

පරන්ති: උපසම‍්පන‍්නං උජ‍්ඣාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පරං: උපසපනක ලමුකොට සිතවා නම් පචිති ඇවැත් වෙයි.

උපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤා උජ‍්ඣාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නාය වෙමතිකා උජ‍්ඣාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤා උජ‍්ඣාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නං උජ‍්ඣාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපසපනක ලමු කොට සිතවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන සිකපද යි.