නවමසික්ඛාපදං
4. 2. 9.
4. 2. 9.
නවමසික්ඛාපදං
නවවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අත්තනො භණ්ඩකං අපස්සන්තියො චණ්ඩකාළිං භික්ඛුනිං එතදවොචුං: “අපාය්යෙ අම්හාකං භණ්ඩකං පස්සෙය්යාසී”ති. චණ්ඩකාළී භික්ඛුනී උජ්ඣායති ඛීයති විපාචෙති: “අහමෙව නූන චොරී, අහමෙව නූන අලජ්ජිනී” යා අය්යායො අත්තනො භණ්ඩකං අපස්සන්තියො තා මං එවමාහංසු: “අපය්යෙ අම්හාකං භණ්ඩකං පස්සෙය්යාසී”ති. සචාහං අය්යෙ තුම්හාකං භණ්ඩකං ගණ්හාමි අස්සමණී හොමි බ්රහ්මචරියා චවාමි නිරයං උපපජ්ජාමි, යා පන මං අභූතෙන එවමාහ සාපි අස්සමණී හොතු බ්රහ්මචරියා චවතු නිරයං උපපජ්ජතූති.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ තමාගේ බඩු නො දක්නාහු චණ්ඩකාලී මෙහෙණට “ආර්‍ය්‍යාවෙනි, අපගේ බඩු දක්නෙහි”දැ යි මෙය කීහු. චණ්ඩකාළී මෙහෙණ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: යම් ආර්ය්යා කෙනෙක් තමාගේ බඩු නො දක්නාහු ද, ඔහු මට “ආර්‍ය්‍යාවෙනි, අපගේ බඩු දක්නෙහි” දැ යි මෙසේ කීහු යැ. මම් මැ ඒකාන්තයෙන් සෙරකිම් වෙම් ද, මම් මැ ඒකාන්තයෙන් ලජ්ජා නැතියකිම් වෙම් ද, ඉදින් ආර්‍ය්‍යාවෙනි, තොපගේ බඩු ගනිම් නම් නො මෙහෙණකිම් වෙමි. බඹසරින් ගිලිහෙමි, නිරයෙහි උපදිමි. යමක් වනාහි අභූතයෙන් මා හට මෙසේ කිවු ද, ඕ තොමෝත් නො මෙහෙණක් වේවා, බඹසරින් ගිලිහේවා, නිරයෙහි උපදීවා යි.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා චණ්ඩකාළී අත්තානම්පි පරම්පි නිරයෙනපි බ්රහ්මචරියෙනපි අභිසපිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී අත්තානම්පි පරම්පි නිරයෙනපි බ්රහ්මචරියෙනපි අභිසපතීති, සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, චණ්ඩකාළී භික්ඛුනී අත්තානම්පි පරම්පි නිරයෙනපි බ්රහ්මචරියෙනපි අභිසපිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය චණ්ඩකාළී තොමෝ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ”දැ යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
“යා පන භික්ඛුනී අත්තානං වා පරං වා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපෙය්ය පාචිත්තියන්ති.
“යම් මෙහෙණක් තමාහට හෝ මෙරමා හට හෝ නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අත්තානන්ති: පච්චත්තං.
අත්තානං: තමා කෙරෙහි.
පරන්ති: උපසම්පන්නං. නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපති ආපත්ති පාචිත්තියස්ස.
පරං: උපසපනකට නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
උපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපති ආපත්ති පාචිත්තියස්ස.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
තිරච්ඡානයොනියා වා පෙත්තිවිසයෙන වා මනුස්සදොභග්ගෙන වා අභිසපති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නං අභිසපති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
තිරශ්චීන යෝනියෙන් හෝ ප්‍රේතවිෂයයෙන් හෝ මනුෂ්‍ය දෞර්භාග්යයෙන් හෝ හවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනකට හවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අත්ථපුරෙක්ඛාරාය, ධම්මපුරෙක්ඛාරාය, අනුසාසනිපුරෙක්ඛාරාය උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
අර්ත්ථය පෙරටු කොට කියන්නියට, ධර්මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවමසික්ඛාපදං.
නවවන සිකපද යි.