යෙදුමෙන් කියවන්න

දසමසික‍්ඛාපදං

4. 2. 10.

4. 2. 10.

දසමසික‍්ඛාපදං

දසවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන චණ‍්ඩකාළී භික‍්ඛුනී භික‍්ඛුනීහි සද‍්ධිං භණ‍්ඩිත්‍වා අත‍්තානං වධිත්‍වා වධිත්‍වා රොදති. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා චණ‍්ඩකාළී අත‍්තානං වධිත්‍වා වධිත්‍වා රොදිස‍්සතී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, චණ‍්ඩකාළී භික‍්ඛුනී අත‍්තානං වධිත්‍වා වධිත්‍වා රොදතීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, චණ‍්ඩකාළී භික‍්ඛුනී අත‍්තානං වධිත්‍වා වධිත්‍වා රොදිස‍්සති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී මෙහෙණ මෙහෙණන් සමග කලහ කොට තමාට පැහැරැ පැහැරැ හඬයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍ය චණ්ඩකාළී තමාට පැහැරැ පැහැරැ හැඬූ”දැ යි. ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැර හැඬූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැරැ හැඬූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අත‍්තානං වධිත්‍වා වධිත්‍වා රොදෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් තමාට පැහැරැ පැහැරැ හඬා නම් පචිති වේ” යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

අත‍්තානන‍්ති: පච‍්චත‍්තං.

අත්තානං: තමා කෙරෙහි.

වධති රොදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. වධති න රොදති ආපත‍්ති දුක‍්කටස‍්ස. රොදති න වධති ආපත‍්ති දුක‍්කටස‍්ස.

පහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි. පහරා නො හඬා නම් දුකුළා ඇවැත් වෙයි. හඬා නම් නො පහරා නම් දුකුළා ඇවැත් වෙයි.

අනාපත‍්ති: ඤාතිබ්‍යසනෙන වා භොගබ්‍යසනෙන වා රොගබ්‍යසනෙන වා ඵුට‍්ඨා රොදති න වධති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

ඥාතිව්‍යසනයෙන් හෝ භෝගව්‍යසනයෙන් හෝ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දී හඬා නම් නො පහරා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දසවන සිකපද යි.

අන්‍ධකාරවග‍්ගො දුතියො.

ද්විතීය අන්‍ධකාර වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අන්‍ධකාරෙ පටිච‍්ඡන‍්නෙ අජ‍්ඣොකාසෙ සිඞ‍්ඝාටකෙ, ද‍්වෙ නාපුච‍්ඡා විකාලෙ ච දුග‍්ගහී නිරයෙ වධීති.

රත්තන්‍ධකාර යැ පටිච්ඡන්න යැ අජ්ඣොකාස යැ සිඞ්ඝාටක යැ අනාපුච්ඡා දෙක යැ විකාල යැ දුග්ගහිත යැ නිරය යැ වධ යැ යි.