යෙදුමෙන් කියවන්න

පඨමසික‍්ඛාපදං

4. 3. 1.

4. 3. 1.

පඨමසික‍්ඛාපදං

පළමු සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛුනියො අචිරවතියා නදියා වෙසියාහි සද‍්ධිං නග‍්ගා එකතිත්‍ථෙ නහායන‍්ති. වෙසියා තා භික‍්ඛුනියො උප‍්පණ‍්ඩෙසුං: “කින‍්නු ඛො නාම තුම‍්හාකං අය්‍යෙ දහරානං දහරානං බ්‍රහ‍්මචරියං චිණ‍්ණෙන. නනු නාම කාමා පරිභුඤ‍්ජිතබ‍්බා. යදා ජිණ‍්ණා භවිස‍්සථ තදා බ්‍රහ‍්මචරියං චරිස‍්සථ. එවඤ‍්ච තුම‍්හාකං උභො අත්‍ථා පරිග‍්ගහිතා භවිස‍්සන‍්තී”ති භික‍්ඛුනියො වෙසියාහි උප‍්පණ‍්ඩියමානා මඞ‍්කූ අහෙසුං. අථ ඛො තා භික‍්ඛුනියො උපස‍්සයං ගන‍්ත්‍වා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: තෙන හි භික‍්ඛවෙ භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤාපෙස‍්සාමි දස අත්‍ථවසෙ පටිච‍්ච සඞ‍්ඝසුට‍්ඨුතාය -පෙ- විනයානුග‍්ගහාය. එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ අචිරවතී නදියෙහි වෙසඟනන් සමඟ නග්න වැ එක් තොටැ ස්නානය කෙරෙති. වෙසඟනෝ ඒ මෙහෙණන්හට කෙළිකවට කම් කළහ: “ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණ වූ තොපට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයෝජනයක් ද? කාමයෝ පරිභෝග කළ යුත්තෝ නො වෙත් ද? යම් කලෙකැ මහලුවූවෝ වන්නාහු නම් එකල්හි බඹසර හැසිරෙවු. මෙසේ වනාහි තොප විසින් දෙ කරුණ මැ අයත් කොට ගන්නා ලද්දේ වන්නේ” යැ යි. වෙසඟනන් විසින් කෙළි කවට කම් කරනු ලබන මෙහෙණෝ මකුවූහු. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණු ඇරොජූහ. මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහ. මහණෝ භාග්‍යවතුන්ට තෙල කරුණු ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසර යෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක: එසේ නම් මහණෙනි, මෙහෙණන්ට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ ... විනයට රුකුල් පිණිස යැ මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී නග‍්ගා නහායෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් නග්න වැ ස්නාන කෙරේ නම් පචිති වේ” යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

නග‍්ගා නහායෙය්‍යාති: අනිවත්‍ථා වා අපාරුතා වා නහායති පයොගෙ දුක‍්කටං. නහානපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නග්ගා නහායෙය්‍ය: නො හඳනා ලද්දී හෝ නො පොරවන ලද්දී හෝ ස්නාන කෙරේ නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි. සැනැහුම් පරියතැ පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: අච‍්ඡින‍්නචීවරිකාය වා නට‍්ඨචීවරිකාය ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අසිඳැගත් සිවුරු ඇතියාට නට සිවුරු ඇතියාට ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

පඨමසික‍්ඛාපදං.

පළමු සිකපද යි.