යෙදුමෙන් කියවන්න

නග‍්ගවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. නග්නවර්‍ගය

පඨමසික‍්ඛාපදවණ‍්ණනා

පළමු සිකපද වර්ණනාව

නග‍්ගවග‍්ගස‍්ස පඨමසික‍්ඛාපදෙ – බ්‍රහ‍්මචරියං චිණ‍්ණෙනාති බ්‍රහ‍්මචරියෙන චිණ‍්ණෙන; අථ වා බ්‍රහ‍්මචරියස‍්ස චරණෙනාති; එවං කරණත්‍ථෙ වා සාමිඅත්‍ථෙ වා උපයොගවචනං වෙදිතබ‍්බං. අච‍්ඡින‍්නචීවරිකායාති ඉදං උදකසාටිකං සන්‍ධාය වුත‍්තං, න අඤ‍්ඤං චීවරං. තස‍්මා උදකසාටිකාය අච‍්ඡින‍්නාය වා නට‍්ඨාය වා නග‍්ගාය න‍්හායන‍්තියා අනාපත‍්ති. සචෙපි උදකසාටිකචීවරං මහග‍්ඝං හොති, න සක‍්කා නිවාසෙත්‍වා බහි ගන‍්තුං, එවම‍්පි නග‍්ගාය න‍්හායිතුං වට‍්ටති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

නග්ග වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “බ්‍රහ්මචරියං චිණ්ණෙන” පුරුදු කළ බ්‍රහ්මචර්‍ය්‍යයෙන්. නොහොත් බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීමෙන්ය. මෙසේ කරණාර්‍ත්‍ථයෙහි හෝ සම්බන්‍ධාර්‍ත්‍ථයෙහි හෝ ද්විතීයා වචනය දතයුතුය. “අච්ඡින්නචීවරිකාය” මෙය දියසළුව සඳහා කියනලදී. අන්සිවුරක් සඳහා නොකියන ලදය. එහෙයින් දියසළුව පැහැරගත්කල්හි හෝ නැසුනු කල්හි හෝ නග්නව ස්නානය කරන්නියට ඇවැත් නොවේ. ඉදිනුදු දියසඑසිවුර මාහැඟි වේද, හැඳ පිටතයන්නට නොහැක්කීද, මෙසේ ඇතිකල්හිද නග්නව ස්නානය කරන්නට වටියි. මෙහි සෙස්ස ප්‍රකටමය.

එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පඨමසික‍්ඛාපදං.

පළමුවන ශික්‍ෂාපදයයි

දුතියසික‍්ඛාපදවණ‍්ණනා

දෙවන සිකපද වර්ණනාව

දුතියෙ – සබ‍්බං උත‍්තානමෙව. ඡසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ද්විතීය ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

දුතියසික‍්ඛාපදං.

දෙවන ශික්‍ෂාපදයයි

තතියසික‍්ඛාපදවණ‍්ණනා

තෙවන සිකපද වර්ණනාව

තතියෙ – අනන‍්තරායිකිනීති දසසු අන‍්තරායෙසු එකෙනපි අන‍්තරායෙන අනන‍්තරායා. ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙති ධුරං නික‍්ඛිපිත්‍වා සචෙපි පච‍්ඡා සිබ‍්බති, ආපත‍්තියෙවාති අත්‍ථො. සෙසං උත‍්තානමෙව.

තෘතීය ශික්‍ෂාපදයහි - “අනන්තරායකිනි” දශවිධ අන්තරායයන් අතුරෙහි එකද අන්තරායයකින් අන්තරාය නැත්තී. “ධුරං නික්‍ඛිත්තමත්තෙ” ධුරනික්‍ෂෙපයකොට පසුව මසානම් ඇවැත්මවේය, යන අර්‍ත්‍ථයි. සෙස්ස ප්‍රකටමය.

ධුරනික‍්ඛෙපසමුට‍්ඨානං – අකිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

තතියසික‍්ඛාපදං.

තෙවන ශික්‍ෂාපදයයි

චතුත්‍ථසික‍්ඛාපදවණ‍්ණනා

සතරවන සිකපද වර්ණනාව

චතුත්‍ථෙ – පඤ‍්ච අහානි පඤ‍්චාහං, පඤ‍්චාහමෙව පඤ‍්චාහිකං. සඞ‍්ඝාටීනං චාරො සඞ‍්ඝාටිචාරො; පරිභොගවසෙන වා ඔතාපනවසෙන වා සඞ‍්ඝටිතට‍්ඨෙන සඞ‍්ඝාටීති ලද‍්ධනාමානං පඤ‍්චන‍්නං චීවරානං පරිවත‍්තනන‍්ති අත්‍ථො. තස‍්මායෙව පදභාජනෙ “පඤ‍්චමං දිවසං පඤ‍්ච චීවරානී”තිආදිමාහ. ආපත‍්ති පාචිත‍්තියස‍්සාති එත්‍ථ ච එකස‍්මිං චීවරෙ එකා ආපත‍්ති; පඤ‍්චසු පඤ‍්ච.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - පස්දවස පඤ්චාහ නම. පඤ්චාහයම පඤ්චාහික නම. පංචවිධ චීවරයන්ගේ පරිභොග වසයෙන් හෝ අඩු කැවීම් වසයෙන් හෝ පෙරළීම සඞ්ඝාටිචාර නම. පරිභොග වසයෙන් හෝ අවුවෙහිලා වියලීම් වසයෙන් හෝ සඞ්ඝටිතාර්‍ත්‍ථයෙන් සඞ්ඝාටියි ලැබූ නම් ඇති පංචවිධචීවරයන්ගේ පරිවර්‍තනය යන අර්‍ත්‍ථයි. එහෙයින්ම පදභාජනයෙහි “පඤ්චමං දිවසං පඤ්ච චීවරානි” යනාදිය වදාළ සේක. “ආපත්ති පාචිත්තියස්ස” මෙහිද එක් සිවුරක් නිමිතිකොට එක් ඇවැතක් වේ. සිවුරුපස නිමිතිකොට ඇවැත් පසෙක් වේ.

ආපදාසූති මහග‍්ඝං චීවරං, න සක‍්කා හොති චොරභයාදීසු පරිභුඤ‍්ජිතුං; එවරූපෙ උපද‍්දවෙ අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව. කථිනසමුට‍්ඨානං – අකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

“ආපදාසු” සොරබිය ආදියෙහිදී එක් සිවුරක් පරිභොග කරන්නට නොහැක්කේ වේද, මෙබඳු උවදුරක් ඇතිකල්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. කඨිනසමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

චතුත්‍ථසික‍්ඛාපදං.

සිවුවන ශික්‍ෂාපදයයි

පඤ‍්චමසික‍්ඛාපදවණ‍්ණනා

පස්වන සිකපද වර්ණනාව

පඤ‍්චමෙ – චීවරසඞ‍්කමනීයන‍්ති සඞ‍්කමෙතබ‍්බං චීවරං; අඤ‍්ඤිස‍්සා සන‍්තකං අනාපුච‍්ඡා ගහිතං පුන පටිදාතබ‍්බචීවරන‍්ති අත්‍ථො.

පඤ්චම ශික්‍ෂාපදයෙහි - “චීවරසඞ්කමනීයං” දෙවන දියයුතු සිවුරක්. අන් මෙහෙණක සතු සිවුරක් නොවිචාරා ගන්නාලදුව නැවත දියයුතු සිවුරක්ය යන අර්‍ත්‍ථයි.

ආපදාසූති සචෙ අපාරුතං වා අනිවත්‍ථං වා චොරා හරන‍්ති, එවරූපාසු ආපදාසු ධාරෙන‍්තියා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව. කථිනසමුට‍්ඨානං – කිරියාකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

“ආපදාසු” ඉදින් නොපොරොවන ලද්දක් හෝ නොහඳින ලද්දක් හෝ සොරු පැහැර ගණිත්ද, මෙබඳු විපත් ඇති කල්හි ඇයට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. කඨිනමසමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කාරකර්‍මය. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පඤ‍්චමසික‍්ඛාපදං.

පස්වන ශික්‍ෂාපදයයි

ඡට‍්ඨසික‍්ඛාපදවණ‍්ණනා

සවන සිකපද වර්ණනාව

ඡට‍්ඨෙ – අඤ‍්ඤං පරික‍්ඛාරන‍්ති යංකිඤ‍්චි ථාලකාදීනං වා සප‍්පිතෙලාදීනං වා අඤ‍්ඤතරං. ආනිසංසන‍්ති “කිත‍්තකං අග‍්ඝනකං දාතුකාමත්‍ථා”ති පුච‍්ඡති, “එත‍්තකං නාමා”ති වදන‍්ති, “ආගමෙථ තාව, ඉදානි වත්‍ථං මහග‍්ඝං, කතිපාහෙන කප‍්පාසෙ ආගතෙ සමග‍්ඝං භවිස‍්සතී”ති එවං වත්‍වා නිවාරෙන‍්තියා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

ෂෂ්ඨ ශික්‍ෂාපදයහි - “අඤ්ඤං පරික්‍ඛාරං” තලිය ආදී පිරිකර අතුරෙහි හෝ ගිතෙල් තෙල් ආදීන් අතුරෙහි යම්කිසි එක්තරා එකක් “ආනිසංසං” ‘කෙතෙක් අගනා එකක් දෙනු කැමැත්තහුදැ’යි විචාරයි. එකල්හි ‘මෙතෙක් අගනා එකක්’යි කියත්. ඒතාක් කල් බලාපොරොත්තු වවු, දැන් වස්ත්‍රය මහගි වේ. කීපදවසකින් කපු ලැබුනු කල්හි සම අගිනා එකක් වන්නේය’යි මෙසේ කියා වළකින්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.

ඡට‍්ඨසික‍්ඛාපදං.

සවන ශික්‍ෂාපදයයි

සත‍්තමසික‍්ඛාපදවණ‍්ණනා

සත්වන සිකපද වර්ණනාව

සත‍්තමෙ – පක‍්කමිංසූති අඤ‍්ඤාසම‍්පි ආගමනං ආගමෙන‍්තී “අද‍්ධා අම‍්හාකම‍්පි ආගමෙස‍්සතී”ති තත්‍ථ තත්‍ථ අගමංසු. පටිබාහෙය්‍යාති පටිසෙධෙය්‍ය.

සප්තම ශික්‍ෂාපදයෙහි - “පක්කමිංසු” අනික් මෙහෙණන්ගේද ඊම බලන්නී ‘එකාන්තයෙන් අප ගැණද බලන්නාහුයයි ඒ ඒ තැන ගියහ. “පටිබාහෙය්‍ය” වළකන්නී නම්,

ආනිසංසන‍්ති “එකිස‍්සා එකං සාටකං නප‍්පහොති, ආගමෙථ තාව, කතිපාහෙන උප‍්පජ‍්ජිස‍්සති, තතො භාජෙස‍්සාමී”ති එවං ආනිසංසං දස‍්සෙත්‍වා පටිබාහන‍්තියා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

“ආනිසංසං” එක් මෙහෙණක්හට එක් සළුවක් නොපොහෝනේද ඒතාක් බලාපොරොත්තුවනු මැනැවි. කිහිපදවසකින් ලැබෙන්නේය. ඉන්පසු බෙදන්නෙමු’යි මෙසේ අනුසස් දක්වා වළකන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන ශික්‍ෂාපදයයි

අට‍්ඨමසික‍්ඛාපදවණ‍්ණනා

අටවන සිකපද වර්ණනාව

අට‍්ඨමෙ – නටා නාම යෙ නාටකං නාටෙන‍්ති. නටකා නාම යෙ නච‍්චන‍්ති. ලඞ‍්ඝකා නාම යෙ වංසවරත‍්තාදීසු ලඞ‍්ඝනකම‍්මං කරොන‍්ති. සොකජ‍්ඣායිකා නාම මායාකාරා. කුම‍්භථූණිකා නාම ඝටකෙන කීළනකා; බිම‍්බිසකවාදකාතිපි වදන‍්ති. දෙති ආපත‍්ති පාචිත‍්තියස‍්සාති එත්‍ථ චීවරගණනාය ආපත‍්තියො වෙදිතබ‍්බා. සෙසං උත‍්තානමෙව.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි - නටා නාම නටයෝ නම් යම් කෙනෙක් නැටුම් නටවත්ද ඔවුහුය. නටකා නාම නටකයෝ නම් යම් කෙනෙක් නටත්ද, ඔවුහුය. ලඞ්ඝනකා ලඞ්ඝනකයෝ නම් කෙනෙක් හුණදඬු වරපට ආදියෙන් පිනුම් ගැසීම කෙරෙත්ද, ඔවුහුය. සොකසායිකයෝ නම් මායාකාරයෝය. කුම්හථූනිකයෝ නම් කළයෙන් සෙල්ලම් කරන්නෝය. ඇතුළත සිදුර තබා රුක්හර ආදියෙන් කළ සිවුපස සමින් වැසූ වාදිත භාණ්ඩය වයන්නෝ කුම්භථූනික නම්වෙත්. බිම්බිසක වාදකැයිද කියත්. “දෙති ආපත්ති පාචිත්තියස්ස” මෙහි සිවුරු ගණනින් ඇවැත් දතයුතුය. සෙස්ස ප්‍රකටමය.

ඡසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන ශික්‍ෂාපදයයි

නවමසික‍්ඛාපදවණ‍්ණනා

නවවන සිකපද වර්ණනාව

නවමෙ – දුබ‍්බලචීවරපච‍්චාසායාති දුබ‍්බලාය චීවරපච‍්චාසාය. ආනිසංසන‍්ති කිඤ‍්චාපි “න මයං අය්‍යෙ සක‍්කොමා”ති වදන‍්ති, “ඉදානි පන තෙසං කප‍්පාසො ආගමිස‍්සති , සද‍්ධො පසන‍්නො පුරිසො ආගමිස‍්සති, අද‍්ධා දස‍්සතී”ති එවං ආනිසංසං දස‍්සෙත්‍වා නිවාරෙන‍්තියා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

නවම ශික්‍ෂාපදයෙහි - “දුබ්බලචීවරපච්චාසාය” දුර්‍වල චීවර ප්‍රත්‍යාශාවක් ඇතිකල්හි. “ආනිසංසං” ආර්‍ය්‍යය. අපි නොහැක්කම්හ’යි කියත්, දැන් ඔවුන්ගේ කල්පාසය පැමිණෙන්නේය. සැදැහැති ප්‍රසන්න පුරුෂතෙමේ එන්නේය. එකාන්තයෙන් දෙන්නේය’යි මෙසේ අනුසස් දක්වා වළකන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

ක්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.

නවමසික‍්ඛාපදං.

නවවන ශික්‍ෂාපදයයි.

දසමසික‍්ඛාපදවණ‍්ණනා

දසවන සිකපද වර්ණනාව

දසමෙ – කථිනුද‍්ධාරං න දස‍්සන‍්තීති කීදිසො කථිනුද‍්ධාරො දාතබ‍්බො, කීදිසො න දාතබ‍්බොති? යස‍්ස අත්‍ථාරමූලකො ආනිසංසො මහා, උබ‍්භාරමූලකො අප‍්පො, එවරූපො න දාතබ‍්බො. යස‍්ස පන අත්‍ථාරමූලකො ආනිසංසො අප‍්පො, උබ‍්භාරමූලකො මහා, එවරූපො දාතබ‍්බො. සමානිසංසොපි සද‍්ධාපරිපාලනත්‍ථං දාතබ‍්බොව.

දශම ශික්‍ෂාපදයෙහි - “කඨිනුද්ධාරං න දස්සන්ති” මෙහි කෙබඳු වූ කඨිනුද්ධාරය දියයුත්තේද, කෙබඳු වූ කඨිනුද්ධාරය නොදියයුත්තේද, යත්: යම් සිවුරක් පිළිබඳ අත්‍ථාරමූලක වූ ආනිසංසය මහත්වේද, උද්ධාරය මුල්වූ ආනිසංසය ස්වල්පවේද, මෙබඳුවූ උද්ධාරය නොදිය යුතුය. යම් සිවුරක් පිළිබඳ අතුනරමූලක ආනිසංසය ස්වල්පවේද, උද්ධාරමූලක ආනිසංසය මහත්වේද, මෙබඳු වූ උද්ධාරය දියයුතුය. සමවූ ආනිසංසය ඇත්තේද, ශ්‍රද්ධාපරිපාලනය පිණිස දියයුත්තේමය.

ආනිසංසන‍්ති භික‍්ඛුනිසඞ‍්ඝො ජිණ‍්ණචීවරො, කථිනානිසංසමූලකො මහාලාභොති එවරූපං ආනිසංසං දස‍්සෙත්‍වා පටිබාහන‍්තියා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

“ආනිසංසං” භික්‍ෂුණීසඞ්ඝ තෙමේ දිරූ සිවුරු ඇත්තේය. කඨිනානිසංසය මුල්වූ මහත් ලාභ ඇත්තේයයි මෙබඳු අනුසස් දක්වා වළකන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.

දසමසික‍්ඛාපදං.

දසවන ශික්‍ෂාපදයයි.

නග‍්ගවග‍්ගො තතියො.

තෘතීය වූ නග්ග වර්‍ගයයි