ඡට්ඨසික්ඛාපදං
4. 3. 6.
4. 3. 6.
ඡට්ඨසික්ඛාපදං
සවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දාය භික්ඛුනියා උපට්ඨාකකුලං ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොච: “භික්ඛුනිසඞ්ඝස්ස අය්යෙ චීවරං දස්සාමාති. ථුල්ලනන්දා භික්ඛුනී තුම්හෙ බහුකිච්චා බහුකරණීයාති අන්තරායං අකාසි. තෙන ඛො පන සමයෙන තස්ස කුලස්ස ඝරං ඩය්හති, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අම්හාකං දෙය්යධම්මං අන්තරායං කරිස්සති උභයෙනම්හා පරිහීනා භොගෙහි ච පුඤ්ඤෙන චා”ති.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ඛුනිය ගේ උපස්ථායක කුලය ථුල්ලනන්දා භික්ෂුණියට මෙය කීයැ. “ආර්‍ය්‍යාවෙනි, මෙහෙණ සඟනට සිවුරක් දෙන්නෙමු” යි. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ තෙපි බොහෝ කිස ඇතියහ. බොහෝ ඇවැසි කටයුතු ඇතියහ යි අනතුරු කළා යැ. එ සමයෙහි වනාහි ඒ කුලයාගේ ගෙය දැවෙයි. ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ අපගේ පිදියයුතු වස්තුවට අනතුරු කළා ද? අපි භෝගයෙන් ද පිනෙන් දැ යි දෙපසින් පිරිහුණම්හ”යි.
2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා ගණස්ස චීවරලාභං අන්තරායං කරිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී ගණස්ස චීවරලාභං අන්තරායං අකාසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ගණස්ස චීවරලාභං අන්තරායං කරිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී ගණස්ස චීවරලාභං අන්තරායං කරෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් ගණයාගේ චීවරලාභයට අනතුරු කෙරේ නම් පචිති වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණියයි.
ගණො නාම: භික්ඛුනිසඞ්ඝො වුච්චති.
ගණ නම්: භික්ෂුණී සංඝයා කියනු ලැබේ.
චීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනූපගපච්ඡිමං,
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකැපීමට සුදුසු පැසුළු සිවුර යි.
අන්තරායං කරෙය්යාති: කථං ඉමෙ චීවරං දදෙය්යුන්ති අන්තරායං කරොති ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤං පරික්ඛාරං අන්තරායං කරොති ආපත්ති දුක්කටස්ස. සම්බහුලානං භික්ඛුනීනං වා එකභික්ඛුනියා වා අනුපසම්පන්නාය වා චීවරං වා අඤ්ඤං වා පරික්ඛාරං අන්තරායං කරොති ආපත්ති දුක්කටස්ස.
අන්තරායං කරෙය්ය: කෙසේ මොහු සිවුරක් දෙන්නාහු දැ යි අනතුරු කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අන් පිරිකරකට අනතුරු කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ගේ හෝ එක් මෙහෙණකගේ හෝ අනුපසපනකගේ හෝ චීවරලාභයට හෝ අන්යපරිෂ්කාරලාභයට හෝ අනතුරු කෙර් නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: ආනිසංසං දස්සෙත්වා නිවාරෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
අනුසස් දක්වා වළකා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
ඡට්ඨසික්ඛාපදං.
සවන සිකපද යි.