පඤ්චමසික්ඛාපදං
4. 3. 5.
4. 3. 5.
පඤ්චමසික්ඛාපදං
පස්වන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී පිණ්ඩාය චරිත්වා අල්ලචීවරං පත්ථරිත්වා විහාරං පාවිසි. අඤ්ඤතරා භික්ඛුනී තං චීවරං පාරුපිත්වා ගාමං පිණ්ඩාය පාවිසි. සා නික්ඛමිත්වා භික්ඛුනියො පුච්ඡි: “අපය්යෙ මය්හං චීවරං පස්සෙය්යාථා”ති. භික්ඛුනියො තස්සා භික්ඛුනියා එතමත්ථං ආරොචෙසුං. අථ ඛො සා භික්ඛුනී උජ්ඣායති ඛිය්යති විපාචෙති: “කථං හි නාම භික්ඛුනී මය්හං චීවරං අනාපුච්ඡා පාරුපිස්සතී”ති. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි එක්තරා මෙහෙණක් පිඬුපිණිස හැසිරැ තෙත් සිවුර විදහා වෙහෙරට පිවිසියා යැ. එක්තරා මෙහෙණක් ඒ සිවුර පෙරෙව ගමට පිඬුපිණිස පිවිසියා යැ. ඕ තොමෝ (වෙහෙරින්) නික්ම “ආර්‍ය්‍යාවෙනි මාගේ සිවුර දුටුවහු දැ” යි මෙහෙණන් පිළිවුසූ යැ. මෙහෙණෝ ඒ මෙහෙණට තෙල කරුණ ඇරොජූහු. ඉක්බිති ඒ මෙහෙණ ලමුකොට සිතයි; නුගුණ පවසයි, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මාගේ සිවුර නො පිළිවිසැ පෙරවූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී භික්ඛුනියා චීවරං අනාපුච්ඡා පාරුපිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනී භික්ඛුනියා චීවරං අනාපුච්ඡා පාරුපති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනී භික්ඛුනියා චීවරං අනාපුච්ඡා පාරුපිස්සතී”ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නොපිළිවිසැ පෙරවූදැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් මෙහෙණක ගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී චීවරසඞ්කමනීයං ධාරෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
චීවරසඞ්කමනීයං නාම: උපසම්පන්නාය පඤ්චන්නං චීවරානං අඤ්ඤතරං චීවරං. තස්සා වා අදින්නං තං වා අනාපුච්ඡා නිවාසෙති වා පාරුපති වා ආපත්ති පාචිත්තියස්ස.
චීවරසංකමනීය නම්: උපසපනකගේ සිවුරුපස අතුරෙන් එක්තරා සිවුරෙකි. ඇය විසින් නො දුන් හෝ ඇය නො පිළිවිසැ හෝ හඳී නම් හෝ පොරවා නම් හෝ පචිති ඇවැත් වේ.
උපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා චීවරසඞ්කමනීයං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා චීවරසඞ්කමනීයං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා චීවරසඞ්කමනීයං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස.
උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා යළි දිය යුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වේ.
අනුපසම්පන්නාය චීවරසඞ්කමනීයං ධාරෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
අනුපසපනකගේ යළි දියයුතු සිවුරක් ධරා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: සා වා දෙති, තං වා ආපුච්ඡා නිවාසෙති වා පාරුපති වා, අච්ඡින්නචීවරිකාය, නට්ඨචීවරිකාය, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
ඕ මැ දේ නම් හෝ ඇය පිළිවිසැ හෝ හඳී නම් පොරවා නම්, අසිඳගත් සිවුරු ඇතියාට (ඇවැත් නොවෙයි), නට සිවුරු ඇතියාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඤ්චමසික්ඛාපදං.
පස්වන සිකපද යි.