චතුත්‍ථසික‍්ඛාපදං
4. 3. 4.
4. 3. 4.
චතුත්‍ථසික‍්ඛාපදං
සතරවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො භික‍්ඛුනීනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමන‍්ති, තානි චීවරානි චිරං නික‍්ඛිත‍්තානි කණ‍්ණකිතානි හොන‍්ති. තානි භික‍්ඛුනියො ඔතාපෙන‍්ති. භික‍්ඛුනියො තා භික‍්ඛුනියො එතදවොචුං: “කස‍්සිමානි අය්‍යෙ චීවරානි කණ‍්ණකිතානීති”. අථ ඛො තා භික‍්ඛුනියො භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසුං.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරුසඟ සිවුරෙන් යුතු වැ දනවුසැරි සැරීමට යෙති. ඒ සිවුරු බොහෝ කල් බහා තබන ලද්දාහු හටගත් පුස් ඇතියාහු වෙති. ඒ සිවුරු මෙහෙණෝ වියළවත්. මෙහෙණෝ ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, හටගත් පුස් ඇති මේ සිවුරු කවරක්හුගේදැ”යි තෙල කරුණු කීහු. එකල්හි ඒ මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො භික‍්ඛුනීනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො භික‍්ඛුනීනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො භික‍්ඛුනීනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. කෙසේ නම් මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියාහු දැ”යි. සැබෑද මහණෙනි, මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට යෙද්දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී පඤ‍්චාහිකං සඞ්ඝාටිචාරං අතික‍්කාමෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් පස්දිනක් සිවුරු පිරිවැටුම ඉක්මවා නම් පචිති වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
පඤ‍්චාහිකං සඞ‍්ඝාටිචාරං අතික‍්කාමෙය්‍යාති: පඤ‍්චමං දිවසං පඤ‍්චචීවරානි නෙව නිවාසෙති න පාරුපති න ඔතාපෙති පඤ‍්චමං දිවසං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
පඤ්චාහිකං සඞ්ඝාටිචාරං අතික්කාමෙය්‍ය: පස්වන දිනයෙහි සිවුරුපස නොම හඳී නම් නො මැ පොරවා නම් නො මැ වියළා නම් පස්වන දිනය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
පඤ‍්චාහාතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පඤ‍්චාහාතික‍්කන‍්තෙ වෙමතිකා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පඤ‍්චාහාතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
පස්දිනය ඉක්මගිය කල්හි ඉක්මගිය සන් ඇතියා නම් පචිති ඇවැත් වෙයි. පස්දිනය ඉක්මගිය කල්හි විමති ඇතියා නම් පචිති ඇවැත් වෙයි. පස්දිනය ඉක්මගිය කල්හි නො ඉක්මගිය සන් ඇතියා නම් පචිති ඇවැත් වේ.
පඤ‍්චාහානතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤා, ආපත‍්ති දුක‍්කටස‍්ස. පඤ‍්චාහානතික‍්කන‍්තෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. පඤ‍්චාහානතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤා අනාපත‍්ති.
පස් දිනය නො ඉක්මගිය කල්හි ඉක්මගිය සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පස්දිනය නො ඉක්මගිය කල්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පස්දිනය නො ඉක්මගිය කල්හි නො ඉක්මගිය සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත‍්ති: පඤ‍්චමං දිවසං පඤ‍්ච චීවරානි නිවාසෙති වා පාරුපති වා ඔතාපෙති වා, ගිලානාය, ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
පස්වන දිනයෙහි සිවුරු පස හඳී නම් හෝ පොරවා නම් හෝ වියළා නම් හෝ, ඇවැත් නැත. ගිලන් වූවාට ආපදායෙහි උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
චතුත්‍ථසික‍්ඛාපදං.
සතරවන සිකපද යි.