යෙදුමෙන් කියවන්න

තතියසික‍්ඛාපදං

4. 3. 3.

4. 3. 3.

තතියසික‍්ඛාපදං

තෙවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරිස‍්සා භික‍්ඛුනියා මහග‍්ඝෙ චීවරදුස‍්සෙ චීවරං දුක‍්කතං හොති දුස‍්සිබ‍්බිතං. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තං භික‍්ඛුනිං එතදවොච: “සුන්‍දරං ඛො ඉදං තෙ අය්‍යෙ චීවරදුස‍්සං චීවරඤ‍්ච ඛො දුක‍්කටං දුස‍්සිබ‍්බිත”න‍්ති. විසිබ‍්බෙමි අය්‍යෙ සිබ‍්බෙස‍්සසීති. ආමය්‍යෙ සිබ‍්බෙස‍්සාමීති. අථ ඛො සා භික‍්ඛුනී තං චීවරං විසිබ‍්බෙත්‍වා ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා අදාසි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සිබ‍්බෙස‍්සාමි සිබ‍්බෙස‍්සාමීති නෙව සිබ‍්බෙති න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොති. අථ ඛො සා භික‍්ඛුනී භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණකගේ මාඇඟි සිවුරු පිළියෙන් සිවුරෙක් නො මනා කොට කරන ලද්දේ නො මනා කොට ගෙත්තම් කරන ලද්දේ වෙයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී එ මෙහෙණට මෙය කිවුයැ. “ආර්‍ය්‍යාවෙනි, තොපගේ මේ සිවුරු පිළිය සොඳුරු එහෙත් සිවුර නො මනා කොට කරන ලද්දේ නො මනා කොට ගෙත්තම් කරන ලද්දේ මැ”යි. ආර්‍ය්‍යාවෙනි, ගෙත්තම් හරනෙමි. ගෙත්තම් කෙරෙහි දැ යි. එසේ යැ ආර්‍ය්‍යාවෙනි, ගෙත්තම් කරන්නෙමි යි. එකල්හි ඒ මෙහෙණ ඒ සිවුර ගෙත්තම් හැරැ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුනු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී “ගෙත්තම් කරන්නෙමි ගෙත්තම් කරන්නෙමි” යි නොම ගෙත්තම් කරයි. ගෙත්තම් කරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා භික‍්ඛුනියා චීවරං විසිබ‍්බාපෙත්‍වා නෙව සිබ‍්බෙස‍්සති න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භික‍්ඛුනියා චීවරං විසිබ‍්බාපෙත්‍වා නෙව සිබ‍්බෙති න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොතීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භික‍්ඛුනියා චීවරං විසිබ‍්බාපෙත්‍වා නෙව සිබ‍්බෙස‍්සති නසිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරිස‍්සති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නො මැ ගෙත්තම් කළා ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කළා”දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නොමැ ගෙත්තම් කෙරේ ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නොමැ ගෙත්තම් කළා ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී භික‍්ඛුනියා චීවරං විසිබ‍්බෙත්‍වා වා විසිබ‍්බාපෙත්‍වා වා සා පච‍්ඡා අනන‍්තරායිකිනී නෙව සිබ‍්බෙය්‍ය න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරෙය්‍ය අඤ‍්ඤත්‍ර චතූහපඤ‍්චාහා පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ පසුවැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ”යැ යි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

භික‍්ඛුනියාති: අඤ‍්ඤාය භික‍්ඛුනියා.

භික්ඛුනියා: අන් මෙහෙණකගේ.

චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං.

චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.

විසිබ‍්බෙත්‍වාති: සයං විසිබ‍්බෙත්‍වා.

විසිබ්බෙත්‍වා: තොමෝ ගෙත්තම් හැරැ.

විසිබ‍්බාපෙත්‍වාති: අඤ‍්ඤං විසිබ‍්බාපෙත්‍වා.

විසිබ්බාපෙත්‍වා: මෙරමා ලවා ගෙත්තම් හරවා.

සා පච‍්ඡා අනන‍්තරායිකිනීති: අසති අන‍්තරායෙ.

සා පච්ඡා අනන්තරායිකිනී: අනතුරක් නැති කල්හි.

නෙව සිබ‍්බෙය්‍යාති: න සයං සිබ‍්බෙය්‍ය.

නේව සිබ්බෙය්‍ය: තොමෝ ගෙත්තම් නො කරන්නේ යැ.

න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරෙය්‍යාති: න අඤ‍්ඤං ආණාපෙය්‍ය.

න සිබ්බාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවන්නේ යැ.

අඤ‍්ඤත්‍ර චතූහපඤ‍්චාහාති: ඨපෙත්‍වා චතූහපඤ‍්චාහං නෙව සිබ‍්බෙස‍්සාමි න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරිස‍්සාමීති ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අඤ්ඤත්‍ර චතූහපඤ්චාහං: සිවු දිනක් පස් දිනක් තබා නො මැ ගෙත්තම් කරන්නෙමි. ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කරන්නෙ මි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.

උපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤා චීවරං විසිබ‍්බෙත්‍වා වා විසිබ‍්බාපෙත්‍වා වා සා පච‍්ඡා අනන‍්තරායිකිනී නෙව සිබ‍්බෙති න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොති අඤ‍්ඤත්‍ර චතූහපඤ‍්චාහා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නාය වෙමතිකා චීවරං විසිබ‍්බෙත්‍වා වා විසිබ‍්බාපෙත්‍වා වා සා පච‍්ඡා අනන‍්තරායිකිනී නෙව සිබ‍්බෙති න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොති අඤ‍්ඤත්‍ර චතූහපඤ‍්චාහා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤා චීවරං විසිබ‍්බෙත්‍වා වා විසිබ‍්බාපෙත්‍වා වා සා පච‍්ඡා අනන‍්තරායිකිනී නෙව සිබ‍්බෙති න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොති අඤ‍්ඤත්‍ර චතූහපඤ‍්චාහා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසුවැ අනතුරක් නැත්තී සිවු දිනක් පස් දිනක් තබා නොමැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤං පරික‍්ඛාරං විසිබ‍්බෙත්‍වා වා විසිබ‍්බාපෙත්‍වා වා සා පච‍්ඡා අනන‍්තරායිකිනී නෙව සිබ‍්බති න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොති අඤ‍්ඤත්‍ර චතූහපඤ‍්චාහා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නා චීවරං වා අඤ‍්ඤං වා පරික‍්ඛාරං විසිබ‍්බෙත්‍වා වා විසිබ‍්බාපෙත්‍වා වා සා පච‍්ඡා අනන‍්තරායිකිනී නෙව සිබ‍්බෙති න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොති අඤ‍්ඤත්‍ර චතූහපඤ‍්චාහා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අන් පිරිකරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනකගේ සිවුරක් හෝ අන්පිරිකරක් හෝ ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවු දිනක් පස් දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවත් වේ.

අනාපත‍්ති: සති අන‍්තරායෙ, පරියෙසිත්‍වා න ලභති, කරොන‍්තී චතූහපඤ‍්චාහං අතික‍්කාමෙති, ගිලානාය, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, කරන්නී සිවු දිනක් පස් දිනක් ඉක්මවා නම්, ඇවැත් නැත. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

තතියසික‍්ඛාපදං.

තෙවන සිකපද යි.