දුතියසික්ඛාපදං
4. 3. 2.
4. 3. 2.
දුතියසික්ඛාපදං
දෙවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛුනීනං උදක සාටිකා අනුඤ්ඤාතා හොති. ඡබ්බග්ගියා භික්ඛුනියො භගවතා උදකසාටිකා අනුඤ්ඤාතාති අප්පමාණිකායො උදකසාටිකායො ධාරෙන්ති පුරතොපි පච්ඡිතොපි ආකඩ්ඪන්තා ආහිණ්ඩන්ති.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්ට දියසළුව අනුදන්නා ලද්දේ වෙයි. සවග මෙහෙණෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දියසළුව අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ දියසළු දරත්, ඉදිරිපසිනුදු පසුපසිනුදු අදිමින් ඇවිදිත්.
2’ යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො අප්පමාණිකායො උදකසාටිකායො ධාරෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො අප්පමාණිකායො උදකසාටිකායො ධාරෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො අප්පමාණිකායො උදකසාටිකායො ධාරෙස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දැරූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“උදකසාටිකම්පන භික්ඛුනියා කාරයමානාය පමාණිකා කාරෙතබ්බා තත්රිදං පමාණං – දීඝසො චතස්සො විදත්ථියො සුගතවිදත්ථියා තිරියං ද්වෙ විදත්ථියො. තං අතික්කාමෙන්තියා ඡෙදනකං පාචිත්තිය”න්ති.
“දියසළුවක් කරවනු ලබන මෙහෙණක විසින් පමණ ඇති වැ කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් සිවු වියතෙක. සරසින් දෙවියතෙකි, එ පමණ ඉක්මවන්නියට සිඳැලීමෙන් පසු දෙසිය යුතු ඇවැත් වේ”යයි.
3. උදකසාටිකා නාම: යාය නිවත්ථා නහායති,
3. උදකසාටිකා නම්: යමෙකින් හඳනා ලද්දී සනහා නම් හෝ යැ.
කාරයමානායාති: කරොන්තියා වා කාරාපෙන්තියා වා. පමාණිකා කාරෙතබ්බා, තත්රිදං පමාණං: දීඝසො චතස්සො විදත්ථිථියො සුගතවිදත්ථියා තිරියං ද්වෙ විදත්ථියො, තං අතික්කාමෙත්වා කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කටං. පටිලාභෙන ඡින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
කාරයමානාය: කරන්නිය විසින් හෝ කරවන්නිය විසින් හෝ පමණ ඇති වැ කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් සිවු වියතෙක. සරසින් දෙවියතෙකි. එපමණ ඉක්ම වා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වෙයි. පිළිලැබීමෙන් සිඳැ පචිති දෙසිය යුතු.
අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තොමෝ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තොමෝ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් පිළිලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: පමාණිකං කරොති, ඌනකං කරොති, අඤ්ඤෙන කතං පමාණාතික්කන්තං පටිලභිත්වා ඡින්දිත්වා පරිභුඤ්ජති, විතානං වා භුමත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
පමණ ඇති කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් පිළිලැබ සිඳපියා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නො වෙයි. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දුතියසික්ඛාපදං.
දෙවන සිකපදයි.