සත‍්තමසික‍්ඛාපදං
4. 3. 7.
4. 3. 7.
සත‍්තමසික‍්ඛාපදං
සත්වන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස අකාලචීවරං උප‍්පන‍්නං හොති. අථ ඛො භික‍්ඛුනිසඞ‍්ඝො තං චීවරං භාජෙතුකාමො සන‍්නිපති. තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා අන‍්තෙවාසී භික‍්ඛුනියො පක‍්කන‍්තා හොන‍්ති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තා භික‍්ඛුනියො එතදවොච: “අය්‍යෙ භික‍්ඛුනියො පක‍්කන‍්තා න තාව චීවරං භාජීයිස‍්සතී”ති ධම‍්මිකං චීවරවිභඞ‍්ගං පටිබාහි. භික‍්ඛුනියො න තාව චීවරං භාජීයිස‍්සතීති පක‍්කමිංසු ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අන‍්තෙවාසිභික‍්ඛුනීසු ආගතාසු තං චීවරං භාජාපෙසි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණ සඟනට නො කල් සිවුරෙක් උපන්නේ වෙයි. එකල්හි මෙහෙණසඟහු එ සිවුර බෙදනු කැමැති වැ රැස්වූහ. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ අතැවැසි මෙහෙණෝ බැහැර ගියාහු වෙති. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි මෙහෙණෝ බැහැර ගියාහු යැ. (එන) තෙක් සිවුර නො බෙදන්නේ යැයි දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ යැ. මෙහෙණෝ එතෙක් සිවුරු නො බෙදන්නේ යැ යි බැහැර ගියාහු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී අතැවැසි මෙහෙණන් පැමිණි කල්හි ඒ සිවුර බෙදවූ යැ.
2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා ධම‍්මිකං චීවරවිභඞ‍්ගං පටිබාහිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ධම‍්මිකං චීවරවිභඞ‍්ගං පටිබාහීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ධම‍්මිකං චීවරවිභඞ‍්ගං පටිබාහිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක් වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී ධම‍්මිකං චීවරවිභඞ‍්ගං පටිබාහෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් දැහැමි සිවුරු බෙදීම වළක්වා නම් පචිති වේ” යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණියි.
ධම‍්මිකො නාම චීවරවිභඞ‍්ගො: සමග‍්ගො භික‍්ඛුනිසඞ‍්ඝො සන‍්නිපතිත්‍වා භාජෙති.
ධම්මිකචීවර විභංග නම්: සමග වූ මෙහෙණසඟහු රැස්වී බෙදති.
පටිබාහෙය්‍යාති: කථං ඉදං චීවරං භාජෙය්‍යාති පටිබාහති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
පටිබාහෙය්‍ය: කෙසේ මේ සිවුර බෙදා දැයි වළක්වා නම් පචිති ඇවැත් වේ.
ධම‍්මිකෙ ධම‍්මිකසඤ‍්ඤා පටිබාහති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මිකෙ වෙමතිකා පටිබාහති ආපත‍්ති දුක‍්කටස‍්ස. ධම‍්මිකෙ අධම‍්මිකසඤ‍්ඤා පටිබාහති අනාපත‍්ති.
දැහැමියෙහි දැහැමිසන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නොදැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.
අධම‍්මිකෙ ධම‍්මිකසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මිකෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මිකෙ අධම‍්මිකසඤ‍්ඤා අනාපත‍්ති.
නො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත‍්ති: ආනිසංසං දස‍්සෙත්‍වා පටිබාහති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත‍්තමසික‍්ඛාපදං.
සත්වන සිකපද යි.