යෙදුමෙන් කියවන්න

අට‍්ඨමසික‍්ඛාපදං

4. 3. 8.

4. 3. 8.

අට‍්ඨමසික‍්ඛාපදං

අටවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී නටානම‍්පි නට‍්ටකානම‍්පි ලඞ‍්ඝිකානම‍්පි සොකසායිකානම‍්පි කුම‍්භථූණිකානම‍්පි සමණචීවරං දෙති මය‍්හං පරිසතිං වණ‍්ණං භාසථාති. නටාපි නට‍්ටකාපි ලඞ‍්ඝිකාපි සොකසායිකාපි කුම‍්භථූණිකාපි ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා පරිසතිං වණ‍්ණං භාසන‍්ති: “අය්‍යා ථුල‍්ලනන්‍දා බහුස‍්සුතා භාණිකා විසාරදා පට‍්ටා ධම‍්මිං කථං කාතුං. දෙථ අය්‍යාය කරොථ අය්‍යායා”ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මාගේ ගුණ පිරිස්හි කියවයි නටවන්නන්ට ද නටන්නන්ට ද පනින්නන්ට ද ඉඳුරුදැලියන්ට ද කළකිඩියරුන්ට ද මහණ සිවුරු දෙයි. නටවන්නෝ ද නටන්නෝ ද පනින්නෝ ද ඉඳුරුදැලියෝ ද කළකිඩියරු ද ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ගුණ පිරිස්හි කියති: “ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ බොහෝ ඇසූ පිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා වෙයි. ආර්‍ය්‍යාවට දෙවු. ආර්‍ය්‍යාවහට (සත්කාර) කරවයි.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා අගාරිකස‍්ස සමණචීවරං දස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අගාරිකස‍්ස සමණචීවරං දෙතීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අගාරිකස‍්ස සමණචීවරං දස‍්සති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ගිහියකුට මහණසිවුරු දුනු දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුට මහණ සිවුරු දේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුට මහණසිවුරු දුනු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:

“යා පන භික‍්ඛුනී අගාරිකස‍්ස වා පරිබ‍්බාජකස‍්ස වා පරිබ‍්බාජිකාය වා සමණචීවරං දදෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජිනියකට හෝ මහණසිවුරු දේ නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණියි.

අගාරිකො නාම: යො කොචි අගාරං අජ‍්ඣාවසති.

අගාරික නම්: ගෙහි වෙසෙන යම් කිසිවෙක්.

පරිබ‍්බාජකො නාම: භික‍්ඛුඤ‍්ච සාමණෙරඤ‍්ච ඨපෙත්‍වා යො කොචි පරිබ‍්බාජකසමාපන‍්නො.

පරිබ්බාජක නම්: මහණ ද හෙරණ ද තබා පිරිවැජිබවට පැමිණි යම් කිසිවෙකි.

පරිබ‍්බාජිකා නාම: භික‍්ඛුනිඤ‍්ච සික‍්ඛමානඤ‍්ච සාමණෙරිඤ‍්ච ඨපෙත්‍වා යා කාචි පරිබ‍්බාජිකසමාපන‍්නා.

පරිබ්බාජිකා නම්: මෙහෙණ ද හික්මනුව ද හෙරැණිය ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවක.

සමණචීවරං නාම: කප‍්පකතං වුච‍්චති. දෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සමණචීවර නම්: කප්බින්‍දු ඔබනලද සිවුර කියනු ලැබේ. දේ නම් පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: මාතාපිතුන‍්නං දෙති තාවකාලිකං දෙති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

මවුපියන්ට දේ නම්, තව්කැලි කොට දේ නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන සිකපද යි.