යෙදුමෙන් කියවන්න

නවමසික‍්ඛාපදං

4. 3. 9.

4. 3. 9.

නවමසික‍්ඛාපදං

නවවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා උපට‍්ඨාකකුලං ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං එතදවොච: “සචෙ මයං අය්‍යෙ සක‍්කොම භික‍්ඛුනීසඞ‍්ඝස‍්ස චීවරං දස‍්සාමා”ති. තෙන ඛො පන සමයෙන වස‍්සං වුත්‍ථා භික‍්ඛුනියො චීවරං භාජෙතුකාමා සන‍්නිපතිංසු. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තා භික‍්ඛුනියො එතදවොච: “ආගමෙථ අය්‍යෙ, අත්‍ථි භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස චීවරපච‍්චාසාති. භික‍්ඛුනියො ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං එතදවොචුං: ගච‍්ඡය්‍යෙ තං චීවරං ජානාහීති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී යෙන තං කුලං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ මනුස‍්සෙ එතදවොච: “දෙථාවුසො භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස චීවර”න‍්ති. න මයං අය්‍යෙ සක‍්කොම භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස චීවරං දාතුන‍්ති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි.

1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ උපස්ථායක කුලය ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කී යැ: “ආර්‍ය්‍යාවෙනි, ඉදින් අපි හැකියමෝ නම් මෙහෙණ සඟනට සිවුරක් දෙම් හ” යි. එ සමයෙහි වස්වැස නිමවූ මෙහෙණෝ සිවුරු බෙදනු කැමැත්තාහු රැස්වූහ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ: “ආර්‍ය්‍යාවෙනි පොරොත්තු වවු; මෙහෙණසඟනට චීවරප්‍රත්‍යාශාව ඇතැ” යි. මෙහෙණෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, “යව ඒ සිවුර දනුව” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ කුලය වෙත එළඹියා ය. එළැඹැ ඒ මිනිසුන්ට මෙය කිවු යැ: ඇවැත්නි, “මෙහෙණ සඟනට සිවුරක් දෙව” යි. “ආර්‍ය්‍යාවෙනි, අපි මෙහෙණ සඟනට සිවුරක් දෙන්නට නො හැකියම්හ” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණන්හට තෙල කරුණ ඇරොජූ යැ.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා දුබ‍්බලචීවරපච‍්චාසාය චීවරකාලසමයං අතික‍්කාමෙස‍්සතී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී දුබ‍්බලචීවරපච‍්චාසාය චීවරකාලසමයං අතික‍්කාමෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී දුබ‍්බලචීවරපච‍්චාසාය චීවරකාලසමයං අතික‍්කාමෙස‍්සති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාල සමය ඉක්ම වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:

“යා පන භික‍්ඛුනී දුබ‍්බලචීවරපච‍්චාසාය චීවරකාලසමයං අතික‍්කාමෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවර කාලසමය ඉක්මවා නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

දුබ‍්බලචීවරපච‍්චාසා නාම: සචෙ මයං සක‍්කොම දස‍්සාම කරිස‍්සාමාති වාචා භින‍්නා හොති.

දුබ්බලචීවරපච්චාසා නම්: ඉදින් අපි හැකියමෝ නම් දෙන්නමු කරන්නමු යි වාග් භේද කළා වෙයි.

චීවරකාලසමයො නාම: අනත්‍ථතෙ කඨිනෙ වස‍්සානස‍්ස පච‍්ඡිමො මාසො, අත්‍ථතෙ කඨිනෙ පඤ‍්ච මාසා.

චීවරකාලසමය නම්: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළුමස යැ. කෙළින් අතුළ කල්හි පස්මස යි.

චීවරකාලසමයං අතික‍්කාමෙය්‍යාති: අනත්‍ථතෙ කඨිනෙ වස‍්සානස‍්ස පච‍්ඡිමං දිවසං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත්‍ථතෙ කඨිනෙ කඨිනුද‍්ධාරදිවසං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

චීවරකාලසමයං අතික්කාමෙය්‍ය: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළු දවස ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. කෙළින් අතුළ කල්හි කෙළින් උදුරන දවස ඉක්මවා නම් පචිති ඇවැත් වේ.

දුබ‍්බලචීවරෙ දුබ‍්බලචීවරසඤ‍්ඤා චීවරකාලසමයං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දුබ‍්බලචීවරෙ වෙමතිකා චීවරකාලසමයං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. දුබ‍්බලචීවරෙ අදුබ‍්බලචීවරසඤ‍්ඤා චීවරකාලසමයං අතික‍්කාමෙති අනාපත‍්ති.

දුබල සිවුරෙහි දුබල සිවුරුසන් ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. දුබල සිවුරෙහි විමති ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දුබල සිවුරෙහි නො දුබල සිවුරුසන් ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් ඇවැත් නැති.

අදුබ‍්බලචීවරෙ දුබ‍්බලචීවරසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අදුබ‍්බලචීවරෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අදුබ‍්බලචීවරෙ අදුබ‍්බලචීවරසඤ‍්ඤා අනාපත‍්ති.

නො දුබල සිවුරෙහි දුබල සිවුරු සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දුබල සිවුරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දුබල සිවුරෙහි නො දුබල සිවුරුසන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති ආනිසංසං දස‍්සෙත්‍වා නිවාරෙති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවවන සිකපද යි.