යෙදුමෙන් කියවන්න

දසමසික‍්ඛාපදං

4. 3. 10.

4. 3. 10.

දසමසික‍්ඛාපදං

දසවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරෙන උපාසකෙන සඞ‍්ඝං උද‍්දිස‍්ස විහාරො කාරාපිතො හොති. සො තස‍්ස විහාරස‍්ස මහෙ උභතො සඞ‍්ඝස‍්ස අකාලචීවරං දාතුකාමො හොති. තෙන ඛො පන සමයෙන උභතො සඞ‍්ඝස‍්ස කඨිනං අත්‍ථතං හොති. අථ ඛො සො උපාසකො සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා කඨිනුද‍්ධාරං යාචි, භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ කඨිනං උද‍්ධරිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ උද‍්ධරිතබ‍්බං, බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වෙයි. හෙ තෙමේ ඒ විහාර පූජෝත්සවයෙහි දෙ සඟුන්හට අයල් සිවුරක් දෙනු කැමැතියේ වෙයි. එසමයෙහි වනාහි දෙ සඟුන් විසින් කඨිනය අතුරන ලද්දේ වෙයි. එකල්හි ඒ උවසු මේ සඞ්ඝයා වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. ‘මහණෙනි, කඨිනය උදුරන්නට අනුදනිමි’ මෙසේ ද මහණෙනි, ඉදිරිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.

2. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො කඨිනං උද‍්ධරෙය්‍ය එසා ඤත‍්ති.

2. ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා කඨිනය උදුරන්නේ යැ. මේ ඥප්ති යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, සඞ‍්ඝො කඨිනං උද‍්ධරති යස‍්සායස‍්මතො ඛමති කඨිනස‍්ස උබ‍්භාරො සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. උබ‍්භතං සඞ‍්ඝෙන කඨිනං ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමීති.

ස්වාමීනි සඞ්ඝයා ම වදන් අසාවා. සඞ්ඝයා කඨිනය උදුරයි. යම් ආයුෂ්මත් කෙනකු කඨිනය ඉදිරීම රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. සඞ්ඝයා විසින් කඨින උදුරන ලදී. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.

3. අථ ඛො සො උපාසකො භික‍්ඛුනිසඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා කඨිනුද‍්ධාරං යාචි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී චීවරං අම‍්හාකං භවිස‍්සතීති. කඨිනුද‍්ධාරං පටිබාහි. අථ ඛො සො උපාසකො උජ‍්ඣායති ඛීයති විපාචෙති: කථං හි නාම භික‍්ඛුනියො අම‍්හාකං කඨිනුද‍්ධාරං න දස‍්සන‍්තීති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තස‍්ස උපාසකස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස

3. ඉක්බිති ඒ උවසු මෙහෙණසඟුන් වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුර අපට වන්නේ යයි කඨින ඉදිරීම වැළැක්වූ යැ. එකල්හි ඒ උවසු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ අපට කඨින ඉදිරීම නො දුන්නු දැ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.

4. විපාචෙන‍්තස‍්ස. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා ධම‍්මිකං කඨිනුද‍්ධාරං පටිබාහිස‍්සතීති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ධම‍්මිකං කඨිනුද‍්ධාරං පටිබාහීති, සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ධම‍්මිකං කඨිනුද‍්ධාරං පටිබාහිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

4. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දැහැමි වූ කඨින ඉදිරීම වැළැක්වූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි වූ කඨින ඉදිරීම වැළැක් වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි වූ කඨින ඉදිරීම වැළැක්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ධම‍්මිකං කඨිනුද‍්ධාරං පටිබාහෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් දැහැමි වූ කඨින ඉදිරීම වළක්වා නම් පචිති වේ” යයි.

5. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

5. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

ධම‍්මිකො නාම කඨිනුද‍්ධාරො: සමග‍්ගො භික‍්ඛුනිසඞ‍්ඝො සන‍්නිපතිත්‍වා උද‍්ධරති.

ධම්මිකකඨිනුද්ධාර නම්: සමඟ වූ මෙහෙණ සඟහු රැස්වී උදුරති.

පටිබාහෙය්‍යාති: කථං ඉදං කඨිනං උද‍්ධරෙය්‍යාති පටිබාහති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පටිබාහෙය්‍ය: කෙසේ මේ කඨින උදුරන්නේ දැ යි වළක්වා නම් පචිති ඇවැත් වේ.

ධම‍්මිකෙ ධම‍්මිකසඤ‍්ඤා පටිබාහති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මිකෙ වෙමතිකා පටිබාහති ආපත‍්ති දුක‍්කටස‍්ස. ධම‍්මිකෙ අධම‍්මිකසඤ‍්ඤා පටිබාහති අනාපත‍්ති.

දැහැමියෙහි දැහැමි සන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.

අධම‍්මිකෙ ධම‍්මිකසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මිකෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මිකෙ අධම‍්මිකසඤ‍්ඤා අනාපත‍්ති.

නො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ආනිසංසං දස‍්සෙත්‍වා පටිබාහති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති .

අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දසවන සිකපද යි.

නග‍්ගවග‍්ගො තතියො.

තෘතීය නග්න වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

නග‍්ගොදකං විසිබ‍්බෙත්‍වා - පඤ‍්චාහසංකමානීයං ගණවිභඞ‍්ග සමණං - දුබ‍්බලං කඨිනෙන චාති.

නග්ග යැ උදක (සාටිකා) යැ විසිබ්බන යැ පඤ්චාහික යැ (චීවර) සඞ්කමනීය යැ ගණ යැ (චීවර) විභඞ්ග යැ සමණ (චීවර) යැ දුබ්බල යැ කඨිනයෙන් දැ යි.