යෙදුමෙන් කියවන්න

පඨමසික‍්ඛාපදං

4. 4. 1.

4. 4. 1.

පඨමසික‍්ඛාපදං

පළමු සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො ද‍්වෙ එකමඤ‍්චෙ තුවට‍්ටෙන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ද‍්වෙ එකමඤ‍්චෙ තුවට‍්ටෙස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති! අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් ගෘහී කාමභෝගිනියන් මෙන් එක් ඇඳෙහි එක් වැ හොත්හු දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ද‍්වෙ එකමඤ‍්චෙ තුවට‍්ටෙස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො ද‍්වෙ එකමඤ‍්චෙ තුවට‍්ටෙස‍්සන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො ද‍්වෙ එකමඤ‍්චෙ තුවට‍්ටෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොත්හු දැ”යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොත්හු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:

“යා පන භික‍්ඛුනියො ද‍්වෙ එකමඤ‍්චෙ තුවට‍්ටෙය්‍යුං පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත් නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනියොති: උපසම‍්පන‍්නායො වුච‍්චන‍්ති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනියො: උපසපන් වූවෝ කියනු ලැබෙත්.

ද‍්වෙ එකමඤ‍්චෙ තුවට‍්ටෙය්‍යුන‍්ති: එකාය නිපන‍්නාය අපරා නිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උභො වා නිපජ‍්ජන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උට‍්ඨහිත්‍වා පුනප‍්පුනං නිපජ‍්ජන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ද්වෙ ඒකමඤ්චෙ තුවට්ටෙය්‍යුං: එකක හොත් කල්හි අනෙකක් හොවී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි, නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: එකාය නිපන‍්නාය අපරා නිසීදති උභො වා නිසීදන‍්ති උම‍්මත‍්තිකානං -පෙ- ආදිකම‍්මිකානන‍්ති.”

එකෙකු හොත් කල්හි අනෙකක් හිඳී නම්, දෙදෙන මැ හිඳිත් නම්, උම්මත්තිකාවනට … ආදිකම්මිකාවනට ඇවැත් නැති.

පඨමසික‍්ඛාපදං නිට‍්ඨිතං

පළමු සිකපදයි.