තුවට්ටවග්ගො අට්ඨකථා
4. තුවට්ටවර්ගය
පඨමසික්ඛාපදවණ්ණනා
පළමු සිකපද වර්ණනාව
තුවට්ටවග්ගස්ස පඨමසික්ඛාපදෙ – තුවට්ටෙය්යුන්ති නිපජ්ජෙය්යුං. සෙසං උත්තානමෙව. එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
තුවට්ට වර්ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “තුවට්ටෙය්‍යුං” හොවින්නාහු නම්. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පඨමසික්ඛාපදං.
පළමුවන ශික්‍ෂාපදයයි.
දුතියසික්ඛාපදවණ්ණනා
දෙවන සිකපද වර්ණනාව
දුතියෙ – එකං අත්ථරණඤ්චෙව පාවුරණඤ්ච එතාසන්ති එකත්ථරණපාවුරණා; සංහාරිමානං පාවාරත්ථරණකටසාරකාදීනං එකං අන්තං අත්ථරිත්වා එකං පාරුපිත්වා තුවට්ටෙන්තීනමෙතං අධිවචනං.
ද්විතීය ශික්‍ෂාපදයෙහි - එක් ඇතිරිල්ලක්ද එක් පොරෝණයක්ද මේ මෙහෙණන්හටැයි එකත්ථපාපුරණා නම්. එසේ මෙසේ ගතහැකිවූ කොඳුපලස් ඇතිරිලි කළාල් ආදීන්ගේ එක් කොනක් අතුරා එක් කොණක් පොරොවා නිදන මෙහෙණන්හට මේ නමෙකි.
වවත්‍ථානං දස්සෙත්වාති මජ්ඣෙ කාසාවං වා කත්තරයට්ඨිං වා අන්තමසො කායබන්ධනම්පි ඨපෙත්වා නිපජ්ජන්තීනං අනාපත්තීති අත්ථො. සෙසං උත්තානමෙව. එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“වවත්‍ථානං දස්සෙත්වා” මැද සිවුරක් හෝ කතුරුයටක් හෝ යටත් පිරිසයින් කාබානක් නමුදු තබා නිදන මෙහෙණට ඇවැත් නොවේය යන අර්‍ත්‍ථයි. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දුතියසික්ඛාපදං.
දෙවන ශික්‍ෂාපදයයි.
තතියසික්ඛාපදවණ්ණනා
තෙවන සිකපද වර්ණනාව
තතියෙ – උළාරසම්භාවිතාති උළාරකුලා පබ්බජිතත්තා ගුණෙහි ච උළාරත්තා උළාරාති සම්භාවිතා. ඉස්සාපකතාති ඉස්සාය අපකතා; අභිභූතාති අත්ථො. සඤ්ඤත්ති බහුලා එතාසන්ති සඤ්ඤත්තිබහුලා; දිවසං මහාජනං සඤ්ඤාපයමානාති අත්ථො. විඤ්ඤත්ති බහුලා එතාසන්ති විඤ්ඤත්තිබහුලා. විඤ්ඤත්තීති හෙතූදාහරණාදීහි විවිධෙහි නයෙහි ඤාපනා වෙදිතබ්බා, න යාචනා.
තෘතීය ශික්‍ෂාපදයෙහි - “උළාරසම්භාවිතා” උදාර කුලයෙන් නික්ම පැවිදිවූ බැවින්ද, ගුණයෙන් උදාර බැවින්ද, උදාරැයි සම්භාවනා කරණ ලද්දාහුය. “ඉස්සාපකතා” ඊර්ෂ්‍යාවෙන් අපකෘතවූ මඩින ලද්දාහුය යන අර්‍ත්‍ථයි. දැන්වීම බහුල වූවා මේ මෙහෙණන්ටනුයි. සඤ්ඤත්තිබහුලා නම්. දවස මුළුල්ලෙහි මහජනයා හඟවන්නියෝය යන අර්‍ත්‍ථයි. විනවීම බහුල වූයේ මේ මෙහෙණන්ටනුයි. විඤ්ඤත්තිබහුලා නම්. විඤ්ඤත්ති හෙතුඋදාහරණාදියෙන් නන් නයින් අවබෝධ කරවීමැයි දතයුතුය. ඉල්ලීමැයි නොදතයුතුය.
චඞ්කමනෙ නිවත්තනගණනාය ආපත්තියො වෙදිතබ්බා. තිට්ඨති වාතිආදීසු පයොගගණනාය. උද්දිසති වාතිආදීසු පදාදිගණනාය. සෙසං උත්තානමෙව.
සක්මනෙහි නැවතීම් ගණනින් ඇවැත් දතයුතුය. “තිට්ඨති වා” යනාදිතන්හි ප්‍රයොග ගණනින්ද, “උද්දිසති වා” යනාදිතන්හි පියවරාදි ගණනින්ද, ඇවැත් දතයුතුය. සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කිරියාකිරියං , සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තතියසික්ඛාපදං.
තෙවන ශික්‍ෂාපදයයි
චතුත්ථසික්ඛාපදවණ්ණනා
සතරවන සිකපද වර්ණනාව
චතුත්ථෙ – සති අන්තරායෙති දසවිධෙ අන්තරායෙ සති. පරියෙසිත්වා න ලභතීති අඤ්ඤං උපට්ඨායිකං න ලභති. ගිලානායාති සයං ගිලානාය. ආපදාසූති තථාරූපෙ උපද්දවෙ සති අනාපත්ති. සෙසං උත්තානමෙව.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි - “සති අන්තරායෙ” දසවැදෑරුම් අන්තරාය ඇති කල්හි. “පරියෙසිත්වා න ලභති” අන්‍යවූ උපස්ථායිකාවක නොලබයි. “ගිලානාය” ගිලන් මෙහෙණට. “ආපදාසු” එබඳු උවදුරක් ඇතිකල්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
ධුරනික්ඛෙපසමුට්ඨානං – අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ධුරනික්‍ෂෙපසමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
චතුත්ථසික්ඛාපදං.
සිවුවන ශික්‍ෂාපදයයි
පඤ්චමසික්ඛාපදවණ්ණනා
පස්වන සිකපද වර්ණනාව
පඤ්චමෙ – අඤ්ඤං ආණාපෙතීති එත්ථ සචෙ නික්කඩ්ඪාති ආණත්තා එකපයොගෙන බහූනිපි ද්වාරානි අතික්කාමෙති, එකා ආපත්ති. අථ ඉමඤ්චිමඤ්ච ද්වාරං අතික්කාමෙහීති එවං ආණත්තා අතික්කාමෙති, ද්වාරගණනාය ආපත්තියො. සෙසං උත්තානමෙව.
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “අඤ්ඤං ආණාපෙති” මෙහි ඉදින් නික්මවයි අණවන ලද්දී, එක් ප්‍රයොගයකින් බොහෝවූද, ද්වාරයන් ඉක්මවාද එක් ඇවතෙක් වේ. එකල්හි මේ මේ දොරද ඉක්මවාලවයි මෙසේ අණකරණ ලද්දී, ඉක්මවාද දොරගණනින් ආපත්තීහු වෙත්. සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
පඤ්චමසික්ඛාපදං.
පස්වන ශික්‍ෂාපදයයි
ඡට්ඨසික්ඛාපදවණ්ණනා
සවන සිකපද වර්ණනාව
ඡට්ඨෙ – සබ්බං උත්තානමෙව. සමනුභාසනසමුට්ඨානං – අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. සමනුභාසනසමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
ඡට්ඨසික්ඛාපදං.
සවන සිකපදයයි
සත්තමඅට්ඨමනවමසික්ඛාපදවණ්ණනා
සත්-අට-නවවැනි සිකපද වර්ණනා
සත්තමඅට්ඨමනවමෙසු සබ්බං උත්තානමෙව. සබ්බානි එළකලොමසමුට්ඨානානි, කිරියානි, නොසඤ්ඤාවිමොක්ඛානි, අචිත්තකානි, පණ්ණත්තිවජ්ජානි, කායකම්මානි, තිචිත්තානි තිවෙදනානීති.
සප්තම-අෂ්ටම-නවම ශික්ෂාපදයන්හි සියල්ල ප්‍රකටමය. සියල්ලෝ එළකලොම සමුත්ථානිකහය. ක්රියසමුත්ථානහය. නොසංඥාවිමොක්ෂහය. අචිත්තකහය. ප්රඥප්තිවද්යහය. කායකර්මහය. ත්රිචිත්තහය. ත්රිවෙදනහය.
සත්තමඅට්ඨමනවමසික්ඛාපදානි.
සත්වන අටවන නවවන ශික්‍ෂාපදයෝය.
දසමසික්ඛාපදවණ්ණනා
දසම සිකපද වර්ණනාව
දසමෙ – ආහුන්දරිකාති සම්බාධා.
දශම ශික්‍ෂාපදයෙහි - “ආහුන්දරිකා” සම්බාධහය.
ධුරං නික්ඛිත්තමත්තෙති සචෙපි ධුරං නික්ඛිපිත්වා පච්ඡා පක්කමති, ආපත්තියෙවාති අත්ථො. පවාරෙත්වා පඤ්ච යොජනානි ගච්ඡන්තියාපි අනාපත්ති. ඡසු වත්තබ්බමෙව නත්ථි. සචෙ පන තීණි ගන්ත්වා තෙනෙව මග්ගෙන පච්චාගච්ඡති, න වට්ටති. අඤ්ඤෙන මග්ගෙන ආගන්තුං වට්ටති.
“ධුරං නික්ඛිත්ත මත්තෙ” ඉදිනුදු ධුරනික්‍ෂෙපය කොට පසුවයේද, ඇවැත්මය යන අර්‍ත්‍ථයි. පවරා පස්යොත්තක් යන්නියට ඇවැත් නොවේ. සයොත්තෙහි කියයුත්තෙක්ම නැත්තේය. ඉදින්වනාහි තුන්යොත්තක් ගොස් ඒ මගින්ම පෙරළා ඒ නම් නොවටියි.
අන්තරායෙති දසවිධෙ අන්තරායෙ – පරං ගච්ඡිස්සාමීති නික්ඛන්තා, නදීපූරො පන ආගතො, චොරා වා මග්ගෙ හොන්ති, මෙඝො වා උට්ඨාති, නිවත්තිතුං වට්ටති. සෙසං උත්තානමෙව. පඨමපාරාජිකසමුට්ඨානං – අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
“අන්තරායෙ” දසවිධ අන්තරායෙහි පරතෙර යන්නෙමියි නික්මුනී පිරුණු නදියක් ඉදිරියෙහි ආයේද, සොරු හෝ මාර්ගයෙහි වෙත්ද, මෙඝය හෝ නගීද, නැවතීම වටියි. සෙස්ස ප්‍රකටමය. ප්‍රථමපාරාජිකසමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දසමසික්ඛාපදං.
දසවන ශික්‍ෂාපදයයි
තුවට්ටවග්ගො චතුත්ථො.
චතුර්ත්ථ තුවට්ට වර්ගයයි