යෙදුමෙන් කියවන්න

දුතියසික‍්ඛාපදං

8. 6. 3.

8. 6. 3.

දුතියසික‍්ඛාපදං

දෙවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො ද‍්වෙ එකත්‍ථරණපාපුරණා තුවට‍්ටෙන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ද‍්වෙ එකත්‍ථරණපාපුරණා තුවට‍්ටෙස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ ගෘහීකාමභෝගිනියන් මෙන් හොත්හු” දැයි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ද‍්වෙ එකත්‍ථරණපාපුරණා තුවට‍්ටෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො ද‍්වෙ එකත්‍ථරණපාපුරණා තුවට‍්ටෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො ද‍්වෙ එකත්‍ථරණපාපුරණා තුවට‍්ටෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොත්හු දැ” යි. … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත් දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොත්හු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:

“යා පන භික‍්ඛුනියො ද‍්වෙ එකත්‍ථරණපාපුරණා තුවට‍්ටෙය්‍යුං පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණෝ දෙදෙනෙක් එකක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත් නම් පචිති වේ” ය යි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනියොති උපසම‍්පන‍්නායො වුච‍්චන‍්ති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනියො: උපසපන්වූවෝ කියනු ලැබෙත්.

ද‍්වෙ එකත්‍ථරණපාපුරණා තුවට‍්ටෙය්‍යුන‍්ති: තඤ‍්ඤෙව අත්‍ථරිත්‍වා තඤ‍්ඤෙව පාරුපන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ද්වෙ ඒකත්‍ථරණපාපුරණා තුවට්ටෙය්‍යුං: එය මැ අතුරා එය මැ පොරවත් නම් පචිති ඇවැත් වේ.

එකත්‍ථරණපාපුරණෙ එකත්‍ථරණපාපුරණසඤ‍්ඤා තුවට‍්ටෙන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. එකත්‍ථරණපාපුරණෙ වෙමතිකා තුවට‍්ටෙන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. එකත්‍ථරණපාපුරණෙ නානත්‍ථරණපාවුරණසඤ‍්ඤා තුවට‍්ටෙන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඒකාස්තරණප්‍රාවරණයෙහි ඒකාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. ඒකාස්තරණප්‍රාවරණයෙහි විමති ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. ඒකාස්තරණ ප්‍රාවරණයෙහි නානාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වේ.

එකත්‍ථරණෙ නානාපාපුරණෙසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. නානත්‍ථරණෙ එකපාපුරණසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. නානත්‍ථරණපාපුරණෙ එකත්‍ථරණපාපුරණසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. නානත්‍ථරණපාපුරණෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. නානත්‍ථරණපාපුරණෙ නානත්‍ථරණපාපුරණසඤ‍්ඤා අනාපත‍්ති.

ඒකාස්තරණයෙහි නානාප්‍රාවරණසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණයෙහි ඒකප්‍රාවරණසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි එකාස්තරණප්‍රාවරණ සංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි විමති ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි නානාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු නම් ඇවැත් නැති.

අනාපත‍්ති: වවත්‍ථානං දස‍්සෙත්‍වා නිපජ‍්ජන‍්ති, උම‍්මත‍්තිකානං -පෙ- ආදිකම‍්මිකානන‍්ති.

අතරක් දක්වා හොවිත් නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවනට … ආදිකම්මිකාවනට ඇවැත් නැති.

දුතියසික‍්ඛාපදං.

දෙවන සිකපද යි.