යෙදුමෙන් කියවන්න

තතියසික‍්ඛාපදං

4. 4. 3.

4. 4. 3.

තතියසික‍්ඛාපදං

තෙවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී බහුස‍්සුතා හොති භාණිකා විසාරදා පට‍්ටා ධම‍්මිං කථං කාතුං. භද‍්දාපි කාපිලානී බහුස‍්සුතා හොති භාණිකා විසාරදා පට‍්ටා ධම‍්මිං කථං කාතුං උළාරසම‍්භාවිතා. මනුස‍්සා අය්‍යා භද‍්දා කාපිලානී බහුස‍්සුතා භාණිකා විසාරදා පට‍්ටා ධම‍්මිං කථං කාතුං උළාරසම‍්භාවිතාති, භද‍්දං කාපිලානිං පඨමං පයිරුපාසිත්‍වා පච‍්ඡා ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං පයිරුපාසන‍්ති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ඉස‍්සාපකතා “ඉමා කිර අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා පවිවිත‍්තා අසංසට‍්ඨා යා ඉමා සඤ‍්ඤත‍්තිබහුලා විඤ‍්ඤත‍්තිබහුලා විහරන‍්තී”ති භද‍්දාය කාපිලානියා පුරතො චඞ‍්කමතිපි තිට‍්ඨතිපි නිසීදතිපි සෙය්‍යම‍්පි කප‍්පෙති. උද‍්දිසතිපි උද‍්දිසාපෙතිපි සජ‍්ඣායම‍්පි කරොති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා වෙයි. භද්‍රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා උදාර පුද්ගලයන් විසින් සම්භාවිත වූවා වෙයි. මිනිස්සු ආර්‍ය්‍යා භද්‍රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා උදාර පුද්ගලයන් විසින් සම්භාවිත වූවා යැයි භද්‍රා කාපිලානිය පළමු කොට පර්‍ය්‍යුපාසනය කොට පසුවැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද්දී “මොහු වනාහි අපිස්වූවාහු සන්තුෂ්ට වූවාහු ප්‍රවිවික්ත වූවාහු අමිශ්‍ර වූවාහුය. යම්බඳු මොහු හැඟවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙද්දැයි භද්‍රා කාපිලානියගේ ඉදිරියෙහි සක්මන් ද කෙරෙයි, සිටීමද කෙරෙයි, හිඳීම ද කෙරෙයි, ශයනය ද කෙරෙයි, උදෙසීම ද කෙරෙයි, උදෙසවා ගැනීම ද කෙරෙයි, හැදෑරීම ද කෙරෙයි.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා අය්‍යාය භද‍්දාය කාපිලානියා සඤ‍්චිච‍්ච අඵාසුං කරිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භද‍්දාය කාපිලානියා සඤ‍්චිච‍්ච අඵාසුං කරොතීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භද‍්දාය කාපිලානියා සඤ‍්චිච‍්ච අඵාසුං කරිස‍්සති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආර්‍ය්‍යා භද්‍රා කාපිලානියහට දැනැදැනැ අපහසු බව කළා දැයි … සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ භද්‍රා කාපිලානියහට දැන දැන අපහසු බව කෙරේදැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ භද්‍රා කාපිලානියහට දැනැදැනැ අපහසුබව කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:

“යා පන භික‍්ඛුනී භික‍්ඛුනියො සඤ‍්චිච‍්ච අඵාසුං කරෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් මෙහෙණකට දැනැ දැනැ අපහසුබව කෙරේ නම් පචිති ඇවැත් වේ” ය යි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

භික‍්ඛුනියාති: අඤ‍්ඤාය භික‍්ඛුනියා.

භික්ඛුනියා: අන් මෙහෙණකට.

සඤ‍්චිච‍්චාති: ජානන‍්තී සඤ‍්ජානන‍්ති චෙච‍්ච අභිවිතරිත්‍වා වීතික‍්කමො.

සඤ්චිච්ච: දන්නී මොනවට දන්නී සිතා නිසැක සිත මෙහෙයවා ව්‍යතික්‍රමයැ.

අඵාසුං කරෙය්‍යාති: ඉමිනා ඉමිස‍්සා අඵාසු භවිස‍්සතීති අනාපුච‍්ඡා පුරතො චඞ‍්කමති වා තිට‍්ඨති වා නිසීදති වා සෙය්‍යං වා කප‍්පෙති උද‍්දිසති වා උද‍්දිසාපෙති වා සජ‍්ඣායං වා කරොති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අඵාසුං කරෙය්‍ය: මෙයින් මැයහට අපහසුවෙක් වන්නේ යැයි නො පිළිවිසැ ඉදිරියෙහි සක්මන් කෙරේ නම් හෝ සිටී නම් හෝ හිඳී නම් හෝ ශයනය කෙරේ නම් හෝ උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ හැදෑරීම කෙරේ නම් හෝ පචිති ඇවැත් වේ.

උපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤා සඤ‍්චිච‍්ච අඵාසුං කරොති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නාය වෙමතිකා සඤ‍්චිච‍්ච අඵාසුං කරොති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤා සඤ‍්චිච‍්ච අඵාසුං කරොති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා දැනැදැනැ අපහසු බව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා දැනදැන අපහසුබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා දැනැදැනැ අපහසු බව කෙරේ නම් පචිති ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නාය සඤ‍්චිච‍්ච අඵාසුං කරොති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපසපනකහට දැනැදැනැ අපහසුබව කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: න අඵාසුං කත‍්තුකාමා, ආපුච‍්ඡා පුරතො චඞ‍්කමති වා තිට‍්ඨති වා නිසීදති වා සෙය්‍යං වා කප‍්පෙති උද‍්දිසති වා උද‍්දිසාපෙති වා සජ‍්ඣායං වා කරොති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අපහසුබව නො කරනු කැමැත්තී නම්, පිළිවිසැ ඉදිරියෙහි සක්මන් කෙරේ නම් හෝ සිටී නම් හෝ හිඳී නම් හෝ ශයනය කෙරේ නම් හෝ උදෙසා නම් හෝ උදෙස්වා නම් හෝ හැදෑරීම කෙරේ නම් ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට … ඇවැත් නැති.

තතියසික‍්ඛාපදං.

තෙවන සිකපද යි.