චතුත්ථසික්ඛාපදං
4. 4. 4.
4. 4. 4.
චතුත්ථසික්ඛාපදං
සතරවන සිකපදය
1. සාවත්ථිනිදානං - තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙති න උපට්ඨාපනාය උස්සුක්කං කරොති.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කෙරෙයි. උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරෙයි.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙස්සති න උපට්ඨාපනාය උස්සුක්කං කරිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙති න උපට්ඨාපනාය උස්සුක්කං කරොතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙස්සති න උපට්ඨාපනාය උස්සුක්කං කරිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ දුකටපත් සහජීවිනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා” දැයි … සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නො මැ උවැටන් කෙරේද? උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේදැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙය්‍ය න උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් තොමෝ දුකටපත් සහජීවනියට නො මැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී: … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
දුක්ඛිතා නාම: ගිලානා වුච්චති.
දුක්ඛිතා නම්: ගිලනැයි කියනු ලැබෙයි.
සහජීවිනී නාම: සද්ධිවිහාරිනී වුච්චති.
සහජීවනී නම්: සද්ධිවිහාරිනී කියනු ලැබෙයි.
නෙව උපට්ඨෙය්යාති: න සයං උපට්ඨෙය්‍ය.
නේව උපට්ඨෙය්‍ය: තොමෝ උවැටන් නො කෙරෙයි.
න උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය. නෙව උපට්ඨෙස්සාමි න උපට්ඨාපනාය උස්සුක්කං කරිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස. අන්තෙවාසිනිං වා අනුපසම්පන්නං වා නෙව උපට්ඨෙති න උපට්ඨාපනාය උස්සුක්කං කරොති ආපත්ති දුක්කටස්ස.
න උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්ය: මෙරමාහට නො අණවයි. නොමැ උවැටන් කරන්නෙමි උවැටන් කැරැවීමට උත්සාහ නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වෙයි. අතැවැසිනියකට හෝ අනුපසපනකහට හෝ නොමැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: සති අන්තරායෙ පරියෙසිත්වා න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
අනතුරක් ඇතිකල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නැත. ගිලනහට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
චතුත්ථසික්ඛාපදං.
සතරවන සිකපද යි.