පඤ්චමසික්ඛාපදං
4. 4. 5.
4. 4. 5.
පඤ්චමසික්ඛාපදං
පස්වන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භද්දා කාපිලානී සාකෙතෙ වස්සං උපගතා හොති. සා කෙනචිදෙව කරණීයෙන උබ්බාළ්හා ථුල්ලනන්දාය භික්ඛුනියා සන්තිකෙ දූතං පාහෙසි. “සචෙ මෙ අය්යා ථුල්ලනන්දා උපස්සයං දදෙය්ය ආගච්ඡෙය්යාමහං සාවත්ථි”න්ති. ථුල්ලනන්දා භික්ඛුනී එවමාහ: “ආගච්ඡතු, දස්සාමී”ති. අථ ඛො භද්දා කාපිලානී සාකෙතා සාවත්ථිං අගමාසි. ථුල්ලනන්දා භික්ඛුනී භද්දාය කාපිලානියා උපස්සයං අදාසි. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී බහුස්සුතා හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං. භද්දාපි කාපිලානී බහුස්සුතා හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං උළාරසම්භාවිතා. මනුස්සා අය්යා භද්දා කාපිලානී බහුස්සුතා භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං උළාරසම්භාවිතාති භද්දං කාපිලානිං පඨමං පයිරුපාසිත්වා පච්ඡා ථුල්ලනන්දං භික්ඛුනිං පයිරුපාසන්ති. ථුල්ලනන්දා භික්ඛුනී ඉස්සාපකතා “ඉමා කිර අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා යා ඉමා සඤ්ඤත්තිබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්තී”ති කුපිතා අනත්තමනා භද්දං කාපිලානිං උපස්සයා නික්කඩ්ඪි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රා කාපිලානී තොමෝ සාකේතයෙහි වස් එළැඹියා වෙයි. ඕතොමෝ කිසියම් කරුණෙකින් උවදුරට පැමිණියා ථුල්ලනන්දා භික්ෂුණියගේ සමීපයෙහි දූතයකු යැවූ යැ. “ඉදින් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ මාහට අසපුවක් දෙන්නී නම් මම සැවැතට එන්නෙමි” යි. ථුල්ලනන්දා භික්ෂුණී ‘පැමිණේවා දෙන්නෙමැ’යි මෙසේ කිවු යැ. ඉක්බිති භද්‍රා කාපිලානී තොමෝ සාකේතයෙන් සැවැතට පැමිණියා යැ. ථුල්ලනන්දා භික්ෂුණී භද්‍රා කාපිලානියහට අසපුවක් දුනු යැ. එසමයෙහි ථුල්ලනන්දා භික්ෂුණී බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා වෙයි. භද්‍රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා උදාර සම්භාවිතවූවා වෙයි. මිනිස්සු ආර්ය්යා භද්‍රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා උදාරසම්භාවිතවූවා යයි භද්‍රා කාපිලානිය පළමුව පර්ය්යුපාසනය කොට පසු වැ ථුල්ලනන්දා භික්ෂුණිය පර්ය්යුපාසනය කෙරෙත්. ථුල්ලනන්දා භික්ෂුණී ඊර්ෂ්‍යාවෙන් මඬනා ලද්දී “යම්බඳු මොහු හැඟීවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙත් ද, මොහු අපිස් ඇතියාහු ල, ලද දෙයින් සතුටු වන්නාහු ල, ප්‍රකර්‍ෂවිවේක ඇතියාහු ල, ගිහියන් හා නොගැටුනාහු ලැ යි, කිපියා නො සියමන් වූවා භද්‍රා කාපිලානිය අසපුවෙන් ඇද දැමූ යැ.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අය්යාය භද්දාය කාපිලානියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී භද්දාය කාපිලානියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪිති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී භද්දාය කාපිලානියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ ආර්ය්යා භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇදදැමූ දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇදදැමූ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇද දැමූද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී භික්ඛුනියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪෙය්ය වා නික්කඩ්ඪාපෙය්ය වා පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් මෙහෙණකට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති වේ” යැ යි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
භික්ඛුනියාති: අඤ්ඤාය භික්ඛුනියා.
භික්ඛුනියා: අන් මෙහෙණකට.
උපස්සයො නාම: කවාටබද්ධො වුච්චති.
උපස්සය නම්: කවුළු බැඳියේ කියනු ලැබේ.
දත්වාති: සයං දත්වා.
දත්වා: තොමෝ දී.
කුපිතා අනත්තමනාති: අනභිරද්ධා ආහතචිත්තා ඛිලජාතා.
කුපිතා අනත්තමනා: නො ඇලුනී හැනුනු සිතැත්තී හටගත් ක්රෝධහුල් ඇත්තී.
නික්කඩ්ඪෙය්යාති: ගබ්භෙ ගහෙත්වා පමුඛං නික්කඩ්ඪති ආපත්ති පාචිත්තියස්ස. පමුඛෙ ගහෙත්වා බහි නික්කඩ්ඪති ආපත්ති පාචිත්තියස්ස. එකෙන පයොගෙන බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
නික්කඩ්ඪෙය්ය: ගැබෙහි ගෙනැ අග්දෙරියට ඇද දමානම් පචිති ඇවැත් වෙයි. අග්දෙරියෙහි ගෙනැ බැහැරට ඇද දමා නම් පචිති ඇවැත් වෙයි. එක් පියොවෙකින් බොහෝ වූ ද දොර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
නික්කඩ්ඪාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති දුක්කටස්ස. සකිං ආණත්තා බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස.
නික්කඩ්ඪාපෙය්ය: මෙරමා හට අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වූ ද දොර ඉක්මවා නම් පචිති ඇවැත් වේ. උපසපනක කෙරෙහි උපසපන්සන් ඇත්තී අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇත්තී අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ.
තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. අකවාටබද්ධා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නං කවාටබද්ධා වා අකවාටබද්ධා වා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
ඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. කවුළු නො බැඳියකින් ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කවුළු බැඳියකින් හෝ කවුළු නො බැඳියකින් හෝ ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. ඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අලජ්ජිනිං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා උම්මත්තිකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා, තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා භණ්ඩන කාරිකං කලහකාරිකං -පෙ- විවාදකාරිකං -පෙ- භස්සකාරිකං -පෙ- සඞ්ඝෙ අධිකරණකාරිකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා අන්තෙවාසිනිං වා සද්ධිවිහාරිනිං වා න සම්මාවත්තන්තිං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා උම්මත්තිකාය ආදිකම්මිකායාති.
අලජ්ජිනියක ඇදදමා නම් හෝ ඇද දමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමානම් හෝ ඇද දමවා නම් හෝ උම්මත්තිකාවක ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඩබරකාරියක … කලහකාරියක … විවාදකාරියක … භස්සකාරියක … සඞ්ඝයා කෙරෙහි අධිකරණ කාරියක ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ මොනවට නො පවත්නා අතවැසිනියක හෝ සද්ධිවිහාරිනියක හෝ ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ ඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඤ්චමසික්ඛාපදං.
පස්වන සිකපද යි.