ඡට්ඨසික්ඛාපදං
4. 4. 6.
4. 4. 6.
ඡට්ඨසික්ඛාපදං
සවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී භික්ඛුනී සංසට්ඨා විහරති ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛිය්යන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා චණ්ඩකාළී සංසට්ඨා විහරිස්සති ගහපතිනාපි ගහපතිපුත්තෙනපී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, චණ්ඩකාළී භික්ඛුනී සංසට්ඨා විහරති ගහපතිනාපි ගහපතිපුත්තෙනාපීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, චණ්ඩකාළී භික්ඛුනී සංසට්ඨා විහරිස්සති ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වෙසෙයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ආර්ය්යා චණ්ඩකාළි ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වුසූ දැ” යි. … සැබෑද මහණෙනි, චණ්ඩකාළි භික්ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වෙසේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළි භික්ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වුසූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී සංසට්ඨා විහරෙය්ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා සා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: “මාය්යෙ සංසට්ඨා විහරි ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි. විවිච්චය්යෙ විවෙකඤ්ඤෙව භගිනියා සඞ්ඝො වණ්ණෙතී”ති. එවඤ්ච සා භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා තස්ස පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් ගැහැවියකු සමග හෝ ගැහැවිපුතකු සමග හෝ හැනුනී වෙසේ නම් ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් මෙසේ කියයුතු වන්නී යැ.: “ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන්වව, සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්ණනා කෙරේ යැ” යි. මෙසේ ද ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩිවැ ගනී නම් ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් එය දුරලනු පිණිස තුන්යළ තෙක් සමනුභාෂණ කළ යුත්තී යැ. තුන් යළ තෙක් සමනුභාෂණය කරනු ලබන්නී එය දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනවි. ඉදින් නො දුරැලා නම් පචිති වේ” ය යි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
සංසට්ඨා නාම: අනනුලොමිකෙන කායිකවාචසිකෙන සංසට්ඨා.
සංසට්ඨා නම්: අනුලොම් නො වූ කායිකවාචසික ප්‍රයෝගයෙන් හැනුනී යැ.
ගහපති නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
ගහපති නම්: යම් කිසිවෙක් ගෙයි වෙසේ නම් හේ යැ.
ගහපතිපුත්තො නාම: යෙ කෙචි පුත්තභාතරො.
ගහපතිපුත්ත නම්: යම් කිසි දරුබෑ කෙනෙක්.
සා භික්ඛුනීති: යා සා සංසට්ඨා භික්ඛුනී.
සා භික්ඛුනී: ගිහියන් හා හැනීසිටි යම් ඒ මෙහෙණක් තොමෝ යැ.
භික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසිනි.
යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා “මාය්යෙ සංසට්ඨා විහරි ගහපතිනාපි ගහපතිපුත්තෙනපි විවිච්චය්යෙ, විවෙකඤ්ඤෙව භගිනියා සඞ්ඝො වණ්ණෙතී”ති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා: “මාය්යෙ සංසට්ඨා විහරි ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි, විවිච්චය්යෙ, විවෙකඤ්ඤෙව භගිනියා සඞ්ඝො වණ්ණෙතීති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා. සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ, සමනුභාසිතබ්බා බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
යම් මෙහෙණ කෙනෙක් දකිත් ද යම් මෙහෙණ කෙනෙක් අසත් ද ඔවුන් විසින් කිය යුතුයැ. ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන්වව, සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්ණනා කෙරේ යැ යි. දෙවනවට දු කිය යුත්තී යැ ... තෙවනවට දු කිය යුත්තී යැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ මෙහෙණ සඟමැදට දු ඇද කිය යුත්තී යැ. ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන් වව. සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්ණනා කෙරේ යැ යි. දෙවනවට දු කිය යුත්තී යැ. … තෙවනවට දු කිය යුත්තීයැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වේ. ඒ මෙහෙණ සමනුභාෂණය කළ යුත්තී යැ. මෙසේ ද මහණෙනි, සමනුභාෂණය කළ යුත්තී යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී සංසට්ඨා විහරති ගහපතිනාපි ගහපතිපුත්තෙනපි, සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං මනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය එසා ඤත්ති.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ ගැහැවියා ද ගැහැවිපුතු ද සමඟ හැනීගියා වාසය කෙරෙයි. ඕතොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය කරන්නේ යැ. මේ ඥප්ති යි.
සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා භික්ඛුනී සංසට්ඨා විහරති ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස යස්සා නක්ඛමති සා භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
ආර්‍ය්‍යාවෙනි සඞ්ඝයා මවදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ ගැහැවියා ද ගැහැවි පුතු ද සමඟ හැනීගියා වාසය කෙරෙයි. ඕතොමෝ ඒ වස්තුව නො දුරැලයි. සඞ්ඝයා මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය කෙරෙයි. මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕතොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. දෙවනුවට දු තෙල කරුණ කියමි. … තෙවනවට දු තෙල කරුණ කියමි. … මෙනම් ඇති මෙහෙණ ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සඞ්ඝයා විසින් සමනුභාෂණය කරන ලද්දී යැ. සඟනට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
ඥප්තියෙන් දුකුළා යැ. දෙකම් වදනින් දෙදුකුළා යැ. කම් වදන් පිරියතැ පචිති ඇවැත් වෙයි.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාචිත්තියස්ස.
දැහැමිකම්හි දැහැමිකම් සන් ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වේ.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
නො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසමනුභාසන්තියා, පටිනිස්සජ්ජන්තියා, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
සමනුභාෂණය නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
ඡට්ඨසික්ඛාපදං.
සවන සිකපද යි.