යෙදුමෙන් කියවන්න

සත‍්තමසික‍්ඛාපදං

4. .4. 7

4. .4. 7

සත‍්තමසික‍්ඛාපදං

සත්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො අන‍්තොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරන‍්ති. ධුත‍්තා දූසෙන‍්ති. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො අන‍්තොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරිස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො අන‍්තොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො අන‍්තොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල් සාත්තු නැතියාහු චාරිකායෙහි හැසිරෙත්. ධූර්‍තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල්සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ” යි. … හැබෑද මහණෙනි, මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල් සාත්තු නැතියාහු හැසිරුණාහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල්සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අන‍්තොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් තොමෝ සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රට තුළැ ගැල් සාත්තු නැතියා චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

අන‍්තොරට‍්ඨෙති: යස‍්ස විජිතෙ විහරති තස‍්ස රට‍්ඨෙ.

අන්තොරට්ඨෙ: යමක්හුගේ රටෙහි වෙසේ නම් ඔහුගේ රටෙහි යැ.

සාසඞ‍්කං නාම තස‍්මිං මග‍්ගෙ චොරානං නිවිට‍්ඨොකාසො දිස‍්සති භුත‍්තොකාසො දිස‍්සති ඨිතොකාසො දිස‍්සති නිසින‍්නොකාසො දිස‍්සති නිපන‍්නොකාසො දිස‍්සති.

සාසඞ්ක නම්: එ මඟෙහි සොරුන් වුසූ තැනෙක් පැනෙයි. අහර කිස කළ තැනෙක් පැනෙයි. සිටි තැනෙක් පැනෙයි, හුන් තැනෙක් පැනෙයි. හොත් තැනෙක් පැනේ.

සප‍්පටිභයං නාම: තස‍්මිං මග‍්ගෙ චොරෙහි මනුස‍්සා හතා දිස‍්සන‍්ති විලුත‍්තා දිස‍්සන‍්ති ආකොටිතා දිස‍්සන‍්ති.

සප්පටිභය නම්: ඒ මඟෙහි සොරුන් විසින් නසන ලද මිනිස්සු පැනෙති. වොලෝ ගන්නා ලද්දාහු පැනෙති. කොළන ලද්දාහු පැනෙති.

අසත්‍ථිකා නාම: විනා සත්‍ථෙන.

අසත්‍ථිකා නම්: ගැල් සාත්තුව හැර.

චාරිකං චරෙය්‍යාති: කුක‍්කුටසම‍්පාදෙ ගාමෙ ගාමන‍්තරෙ ගාමන‍්තරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගාමකෙ අරඤ‍්ඤෙ අද‍්ධයොජනෙ අද‍්ධයොජනෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

චාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නො ගම වු අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: සත්‍ථෙන සහ ගච‍්ඡති, ඛෙමෙ අප‍්පභයෙ ගච‍්ඡති, ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

ගැල් සාත්තුව සමග යේ නම් ක්‍ෂේම වූ ප්‍රතිභය රහිත වූ ගමෙහි යේ නම් ඇවැත් නැත. ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන සිකපද යි.