අට‍්ඨමසික‍්ඛාපදං
4. 4. 8.
4. 4. 8.
අට‍්ඨමසික‍්ඛාපදං
අටවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො තිරොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරන‍්ති. ධුත‍්තා දූසෙන‍්ති. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො තිරොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො තිරොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො තිරොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරිස‍්සන‍්ති. නෙතං, භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත්. ධූර්‍තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ”යි, … සැබෑද මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යා පන භික‍්ඛුනී තිරොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් තොමෝ වනාහි සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියා චාරිකාවෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
2. යා පන: යම් යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
තිරොරට‍්ඨෙති: යස‍්ස විජිතෙ විහරති තං ඨපෙත්‍වා අඤ‍්ඤස‍්ස රට‍්ඨෙ.
තිරොරට්ඨ නම්: යමක්හුගේ රටෙහි වෙසේ නම් එය තබා අනෙකක්හුගේ රටෙහි යැ.
සාසඞ‍්කං නාම: තස‍්මිං මග‍්ගෙ චොරානං නිවිට‍්ඨොකාසො දිස‍්සති භුත‍්තොකාසො දිස‍්සති ඨිතොකාසො දිස‍්සති නිසින‍්නොකාසො දිස‍්සති,නිපන‍්නොකාසො දිස‍්සති.
සාසඞ්ක නම්: ඒ මඟෙහි සොරුන් වුසූ තැනෙක් පැනෙයි. අහර කිස කළ තැනෙක් පැනෙයි. සිටි තැනෙක් පැනෙයි. හුන් තැනෙක් පැනෙයි, හොත් තැනෙක් පැනේ.
සප‍්පටිභයං නාම: තස‍්මිං මග‍්ගෙ චොරෙහි මනුස‍්සා හතා දිස‍්සන‍්ති විලුත‍්තා දිස‍්සන‍්ති ආකොටිතා දිස‍්සන‍්ති.
සප්පටිභය නම්: ඒ මඟෙහි සොරුන් විසින් නැසූ මිනිස්සු පැනෙති, වොලොගන්නා ලද්දාහු පැනෙති. කොළන ලද්දාහු පැනෙත්.
අසත්‍ථිකා නාම: විනා සත්‍ථෙන.
අසත්‍ථිකා නම්: ගැල් සාත්තුව හැරැ.
චාරිකං චරෙය්‍යාති: කුක‍්කුටසම‍්පාදෙ ගාමෙ ගාමන‍්තරෙ ගාමන‍්තරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගාමකෙ අරඤ‍්ඤෙ අද‍්ධයොජනෙ අද‍්ධයොජනෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
චාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නොගම් වූ අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
අනාපත‍්ති: සත්‍ථෙන සහ ගච‍්ඡති, ඛෙමෙ අප‍්පටිභයෙ ගච‍්ඡති, ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
ගැල් සාත්තුව සමග යේ නම්, ක්‍ෂේම වූ ප්‍රතිභය රහිත වූ ගමෙහි යේ නම් ඇවැත් නැත. ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
අට‍්ඨමසික‍්ඛාපදං.
අටවන සිකපද යි.